ක්‍රීඩා අමාත්‍යාංශයට ප්‍රතිපාදන රැසක් - Lankasportsnews අනාවරණය හරියටම හරි
ක්‍රීඩාවේ තිරය පිටුපස කතා ඔබට ඉදිරිපත් කිරීමේ ප්‍රමුඛයා Lankasportsnews අප බව යලිත් වරක් තහවුරු වුණා. ඒ එම තොරතුරු ඉතාම නිවැරදි බවද සනාථ කරමින්. ලංකාවේ බොහෝ ක්‍රීඩා මාධ්‍යකරණය පවතින්නේ බෝතලයට හා විදෙස් සංචාරයන්ට යටවී බව අප නිතර කියන කතාවක්. ඒ මාධ්‍ය හැදුනුම්පතට මුවා වී වරප්‍රසාද බුක්තිවිඳීම හැර කිසිවක් ඔවුන්ගෙන් සිදු නොවීම නිසාවෙනුයි. මේ වන විට පවතින වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ පදනමත් දේශපාලන චරිත පස්සේ යන්නේ කිසිදු හිරිකිතක් නැතුවයි. එලෙස ක්‍රීඩා මාධ්‍යකරණය වල් වැදුනු යුගයක සැබෑ ක්‍රීඩා මාධ්‍යවේදීන් යනු කවුරුන්දැයි අප රටටම කියා පෑමට හුදකලා සටනක නිරත වනවා. සැමටම වසන් වූ පුවතක් වාර්තා කර අප නිරවද්‍යතාව තහවුරු වූ තවත් එක් අවස්තාවක් මෙලෙස සටහන් කරනවා.
රජය ඉදිරි මාස හතර සදහා ඉදිරිපත් කිරීමට සූදානම් වන අතුරු සම්මත ගිණුම හා ඉන් ක්‍රීඩාවට වෙන් වී ඇති මුදල රුපියල් බිලියන 5 කට අධික බව අප ඔබට අනාවරණය කළා. අතුරු සම්මත ගිණුමෙන් ක්‍රීඩාවට වෙන්වන මුදල පිලිබද වෙනත් කිසිදු මාධ්‍යක් තොරතුරු වාර්තා කළේ නෑ. අඩුම තරමෙන් එය අති විශාල මුදලක් බව හෝ ඔවුන් වාර්තා කිරීම මග හැරියා. ඒ සැබවින්ම ඔවුන් නොදැන සිටි නිසාවෙන්මයි. අනෙක් බොහෝ ක්‍රීඩා මාධ්‍යවේදීන් වාර්තා කරන්නේ මාධ්‍ය නිවේදන, තරග තොරතුරු හෝ නිලධාරීන් සතුටු කිරීමේ ප්‍රවෘත්ති පමණයි. ඉතින් ඔවුන්ට තොරතුරු ජාලයක් ගොඩ නැගී නැහැ. ඒවෙනුවට ගොඩ නැගී ඇත්තේ බත්බැල ජාලයක් බව ලිවීමට සිදුව ඇත්තේ කණගාටුවෙන්. ඉදිරි මාස හතර ක්‍රීඩාවට සල්ලි දෝරේ ගලන බව අප මෙලෙස වාර්තා කළා.
ක්‍රීඩකයින්ගේ කල්ල මරේ - ඉදිරි මාස 4 ට බිලියන 5 ක් ක්‍රීඩාවට වෙන්වේ - Exclusive Exposed
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරනු ලැබුවා. එමගින් ඉදිරි මාස 4 ට රජය ක්‍රීඩාව වෙනුවෙන් රුපියල් බිලියන 5 කට අධික මුදලක් වැය කිරීමට සැලසුම් කර තිබෙනවා. පෙර ලිපියේ අප අනාවරණය කළ පරිදිම ක්‍රීඩාවේ දැවැන්ත සංවර්ධනයක් මෙන්ම නව පිබිදීමක් මින් සිදුකළ හැකි වනවා.
ක්‍රීඩාවට යහපතක් වීම අප සියල්ලන්ගේ බලාපොරොත්තුව වනවා. ඒ සදහා ඉදිරියටත් ක්‍රීඩාවේ තිරය පිටුපස කතාව ඔබට ගෙන ඒමට අප සැදී පැහැදී සිටිනවා. ක්‍රීඩාවට වසන්තය උදාකර දේශපාලන පිම්මක් පැනීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට විශාල හැකියාවක් තිබෙනවා. අනෙක් කිසිදු විශයක් සදහා මාධ්‍ය ආයතනයක ප්‍රවෘත්ති ප්‍රකාශයේ අනිවාර්යයෙන් ඉඩක් වෙන් වන්නේ නැහැ. එහෙත් ක්‍රීඩාවට අනිවාර්ය ඉඩක් තිබෙනවා. එය නිසි ලෙස භාවිතයට ගත හොත් රටේ මීලග රාජ්‍ය නායකයා බවට පත්වීම නාමල්ට අපහසු වන්නේ නැහැ. ඒ සදහා යන ගමනට අවශ්‍ය වන්නේ වන්දිබට්ටයන් නොවේ. වරද දුටු තැන පෙන්වා දෙමින් නිසි මග ඇගයීමට ලක් කිරීමයි. රටක මාධ්‍ය සතු මූලික යුතුකම වන ජනතාව වෙනුවෙන් පෙනී සිටීම අමතක කළ ශ්‍රී ලංකා මාධ්‍ය අතර සැබෑ ජනමාධ්‍ය ආයතයක් වීමට Lankasportsnews අප සැමදා කටයුතු කරන බව අවසන් වශයෙන් ලියා තබනවා.
No comments