• Breaking News

    ක්‍රිකට් LPL ප්‍රෝඩාවේ ලක්ෂ 200 ඉක්මවූ යටි මඩි ගැහිල්ලක් - Exclusive Exposed

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පාලක හොරු රැල කලින් කලට යටි මඩි ගැහිල්ලේ කප්පිත්තන් බව ඔබ මේ වන විට හොදාකාරවම දන්නවා. ඔවුන් මේ වෙනුවෙන් නිර්මාණය කළ විවිධ ව්‍යාපෘති යෝජනා දූෂණය වෙනුවෙන් එලිදක්වා ඇති බව පසුගිය කාලයේ Lankasportsnews අප පුවත් රැසකදී අනාවරණය කළා. එහි නවතම ගොදුර වී ඇත්තේ ලංකන් ප්‍රිමියර් ලීග් ( LPL ) තරගාවලියයි. මීට පෙර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ආකෘතියේ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් (SLPL ) නමින් තරගාවලියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළා. එහෙත් එය ඉන්දීය බුකීකරුවන්ගේ ක්‍රිකට් තරගාවලියක් බවට පත්වුණේ ඇරඹුමම කදුලක් වෙමින්. මේ අනුව දූෂණ අක්‍රමිකතා රැසක් සමගින් එම තරගාවලිය ආරම්භක තරගාවලියට පමණක් සීම වුණා. එම අසාර්ථක උත්සාහය යලි පණ පෙවීමට හිටපු සභාපති තිලංග සුමතිපාල උත්සාහ ගත්තේ එහි නමේ ශ්‍රී යන්න ඉවත් කරමින්. ඊට හේතුව ශ්‍රී ලෙස ආරම්භ කළ තරගාවලිය ගූ වීම බවයි එවක කියවුනේ. මේ දිග හැරෙන්නේ එහි ඉතුරු වූ අසූචි හට්ටියම ඇග පුරා හලාගෙන වටේම ගාමින් දුවන වත්මන් සභාපති ශම්මි සිල්වාගේ වික්‍රමයයි.


    තිලංග සුමතිපාල ක්‍රිකට් ආයතන සභාපති පුටුවට සමුදීමට පෙර ශ්‍රී හලා ලංකන් ප්‍රිමියර් ලීග් ( LPL ) නමින් දේශීය පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් ආරම්භ කිරීමට සැලසුම් කළා. මේ අනුව එම තරගාවලිය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රසල් ආනල්ඩ්ට තරගාවලි අධ්‍යක්ෂ ( Tournament Director ) තනතුර ලබා දුන්නා. ඒ මාසිකව ඇමරිකා ඩොලර් 10,000 ( රුපියල් 1,856,823.00 ) ක දීමනාවක් මාස හතරක් ගෙවමින්. එහෙත් සිදුවූ කිසිවක් නෑ. ආනල්ඩ්ට හොද්ද බොරවීම පමණයි. මේ අනුව එම මාස හතරක ගෙවීමෙන් පසු එම තරගාවලිය අවසන් වුණා. එහිදී තරගාවලියක් නැතුව හිතවතුන්ට විවිධ බොරු කරුණු දක්වමින් සල්ලි මිටි ගණන බෙදා දුන් එවක භාණ්ඩාගාරික ශම්මි සිල්වා මේ වන විට එම බොරුව යලිත් ආරම්භ කිරීමට පිඹුරු පත් සකසා අවසන්. මෙවර ඔහු තිලංග සුමතිපාලට පයින් ගසා මෙම ඉල්ලම ගොඩ දැමීමට සැරසෙන්නේ සියළු අංශ ආවරණය කරමිනුයි.








    තිලංග සුමතිපාලගේ ආශිර්වාද ඇතිව ඔහුගේ කර මතින් පැමිණ සභාපති පුටුවේ ඉදගත් ශම්මි සිල්වා මේ වන විට තිලංග හොරෙක් බවත් තමන් ශාන්තූවරයෙක් බවත් ලෝකයාට පවසමින් සිටිනවා. රසල් ආනල්ඩ්ට එවර ලබාදුන් තරගාවලිය මෙවර තරගාවලි කළමණාකරු ලෙස (Tournament Coordinator ) ලෙස රොෂාන් අබේසිංහ බදවාගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 100 ක් ලබාදීමේ එකගතාවටයි. මේ අනුව මෙවර කල්ල මරේ වීමට නියමිතව ඇත්තේ රොෂාන්ගේයි. මීට අමතරව Tournament Committee Chearman ලෙස තවත් රුපියල් ලක්ෂ 100 ක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික බන්දුල දිසානායකට සූදානම් වනවා. ඔහු මේ වන විටත් සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි කමිටු සභාපති ලෙසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඔවුන් පත්වන්නේ ස්වේච්ඡා සේවයක් සදහායි. මේ අනුව ක්‍රිකට් ආයතනයෙන් වැටුප් සහිත තනතුරක් දැරීම සම්පූර්ණ නීති විරෝධී වනවා. නීතිය මෙලෙස නමා ශම්මි මෙවර සූදානම් වන්නේ ඉදිරි නිලවරණය සදහායි. රොෂාන් අබේසිංහ රාගම ක්‍රීඩා සමාජයේ සභාපති වන අතර බන්දුල දිසානායක ලංකන්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරනවා. මේ අනුව ඉදිරි නිලවරණයේදී ඔවුන්ගේ මනාපය ශම්මිට ලබා ගැනීම මෙහි මූලික අරමුණයි.


    මෙලෙස ඡන්ද දායකයන් සන්තර්පණය කරමින් ලංකන් ප්‍රිමියර් ලීග් ( LPL ) පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇත්තේ ලබන 28  වැනිදායි. මේ අනුව ඊට ඉතිරිව ඇත්තේ තවත් දින 25 ක් පමණයි. කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් ලෝකයම ගෙට වී සිටින මොහොතක මෙම තරගාවලිය පැවැත්වීමට කඩි මුඩියේ සූදානම් වන්නේ නොකෙරෙන දීගයක් සදහා බව පැහැදිලියි. මෙම කාලයේ තරගාවලිය පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගත යුතුම වනවා. තරගාවලියට දින ප්‍රකාශ කර ගෙවීම්ද සිදුකර එම අනුමැතිය ලබා ගැනීමට ඔවුන් ගන්නා උත්සාහයෙන් පෙනී යන්නේ මෙය තවත් ප්‍රෝඩාවක් බවයි. මෙලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තරගාවලියට අනුමැතිය ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට යාමට සිටින්නේ හෙට එනම් අගහරුවාදා (2020/08/04) වනදායි. එවිට තරගාවලිය නොපැවැත්වීමට නිර්දේශයක් ලබා සිදුකළ වියදම් සෞඛ්‍ය අමාත්‍යාංශය පිටින් දැමීම ශම්මිගේ සැලැස්ම වනවා.


    කණ්ඩායම් පහක් තරග වදින බව ප්‍රකාශ කර ඇති තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් අනුග්‍රහයෙන් සදහා ඉදිරිපත් වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා නිවේදනය කළා. එහෙත් එම ටෙන්ඩර් කැදවීමේදී මිල ගණන් ඉදිරිපත් කර තිබුනේ එක් ආයතනයක් පමණක් වීම කැපී පෙනෙනවා. මේ අනුව ලත් තැනම ලොප් වී ඇති තරගාවලියේ සියලු වැය දැරීමට සිදුවන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටයි. කණ්ඩායම් පහේ ක්‍රීඩාකරන එක් කණ්ඩායමක සන්නාම ක්‍රිකට් තරු ක්‍රීඩකයෙක් සදහා ඇමරිකා ඩොලර් 60,000 ක් හෙවත් රුපියල්  11,140,938.00 මුදලක් ලබාදෙන බව ප්‍රකාශ කර අවසන්. එමෙන්ම තරගාවලියට එක්වන ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දේශීය හා විදේශීය ක්‍රීඩකයන් සහදා ඇමරිකා ඩොලර් 50,000 ක් හෙවත් රුපියල් 9,284,115.00 මුදලක් හෙවන බව ප්‍රකාශ කර තිබෙනවා. කණ්ඩායම් පහක් වෙනුවෙන් ක්‍රීඩකයන් 5*15 = 75 ක් ඇතුලත් වනවා. මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ගිවිසුම් ගතවූවන්ද සමගින් ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ප්‍රධාන ක්‍රීඩකයන් 70 කට අධික සිටින බවත් අමතක කළ යුතු නෑ. මේ අතර පළමු පෙළ ක්‍රීඩා සමාජ 23 ක් සදහා ක්‍රීඩකයන් දෙදෙනෙක් බැගින් නම්කර එවන ලෙසද ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබෙනවා. 


    එසේ තිබියදී ක්‍රිකට් ආයතනය පවසන්නේ තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් 70 ක් එක්වීමට කැමැත්ත පළකළ බවයි. එහෙත් මේ වන විට එකග වී ඇත්තේ ක්‍රිකට් පිටියෙන් සමුගත් ලොන් හැලුණු ක්‍රීඩකයන් දෙදෙනෙක් පමණයි. ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉර්ෆාන් පටෙල් හා නවසීලන්ත හිටපු ක්‍රීඩක මාටින් ගප්ටිල් මෙලෙස කැමැත්ත පළ කළ ක්‍රීඩකයන් වනවා. මේ අනුව තරගාවලියේ අසාර්ථක බව ඔබට මනාව පැහැදිලි වනු ඇති. ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තා සමගින් තරගාවලිය ආරම්භ කිරීමට තීරණය කළත් ලංකාවට පැමිණෙන ක්‍රීඩකයන් අවම දින 14 ක් ස්වයං නිරෝධයන විය යුතුයි. එලෙස නිරෝදායනය වූ පිරිස් අතරින්ද කොරෝනා ආසාදිතයින් හමුවීම සමග එම දින ගණන 21 ත් 28 ත් අතර දක්වා වැඩි වී තිබෙනවා. මෙලෙස නිරෝදායනය වූ ක්‍රීඩකයෙක් අවම දින 5/6 තරගාවලියට පෙර පුහුණුවීම් සිදුකළ යුතු වනවා. එවිට විදෙස් ක්‍රීඩකයන් සමග මෙම තරගාවලිය ආරම්භ කිරීම සිහිනයක් බව ඔබට වැටහෙනු ඇති.


    කලකට පසු රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදීත් මෙම තරගාවලියේ තරග පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ කොළඹ ආර්. ප්‍රේමදාස, හම්බන්තොට මහින්ද රාජපක්ෂ හා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිද සමගිනුයි. තරගාවලියේ තරග 23 ක් පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා නිවේදනය කළා. මේ අනුව දඹුල්ලේ පැවැත්වීමය යෝජිත තරග සදහා ක්‍රිකට් ආයතනය තුල කොමිස් බෙදා ගැනීමේ සටනක් නිර්මාණය වී තිබෙනවා. ක්‍රිකට් ආයතනයට තරගාවලි සදහා හෝටල් ඇතුලු පහසුකම් සැපයීම සිදුකරන්නේ ට්‍රවිස් ප්‍රනාන්දුයි. ඔහුට මේ දිනවල දඹුල්ල ක්‍රීඩා පිටියේ හෝටල් වෙන් කිරීම සිය සහෝදරයාට අයත් හෝටලයෙන් සිදුකරන ලෙස ලේකම් මොහාන් ද සිල්වා බලපෑම් කරමින් සිටිනවා. දඹුල්ල ක්‍රීඩා පිටිය භාරව කටයුතු කරන සුජීව ගොඩලියැද්ද පවසා ඇත්තේ පුරුදු පරිදි තමන්ට කොමිස් කුට්ටිය හිමිවන හෝටයකින් එය සිදු කරන ලෙසයි. මේ අනුව ට්‍රවිස් ප්‍රනාන්දු දෙලොවක් අතර සිරවී සිටින්නේ ගිරේට අහුවූ පුවක් ගෙඩිය ලෙසයි. කලකට පසු කොමිස් කුට්ටි සක්කුවට වැටෙන මෙම පහසුකම් සැපයීමේදී සභාපති ශම්මි සිල්වාගේ කැමැත්ත ඉටු කිරීම ඔහුගේ අභිලාෂය වනවා. ඒ ලේකම් මොහාන්ට සහය වීම මේ වන විට ක්‍රිකට් ආයතනයේ බෙල්ල කැපීමට හේතුවක් වීම නිසාවෙනුයි. මෙම තත්වය නිර්මාණය වී ඇත්තේ තිලංග පාර්ශ්‍රවය හා ශම්මි පාර්ශ්‍රවය දිය යට ඇවිලී සිටීමයි.






    තරගාවලියට පහසුකම් සපයන ක්‍රීඩා පිටි 4 සදහා තණතීරු ආවරණය වෙනුවෙන් සේවකයන් බදවා ගැනීම බද්‍රා සෙනවිරත්නට පවරා තිබෙනවා. මේ අනුව ඔහුද කල්ල මරේ වී ඇති තවත් අයෙක් ලෙස පෙන්වා දිය හැකියි. මෙලෙස කොමිස් කුට්ටි වෙනුවෙන් අභ්‍යන්තර පාර්ශ්ව ගැටෙද්දී තරගාවලිය සදහා මෙතෙක් ක්‍රීඩකයන් නම් කර නොමැති බවත් මතක තබා ගත යුතුයි. තරගාවලියට ඉහළම පුහුණුකරුවන් 10 දෙනෙක් එක්වීමට කැමැත්ත පළකර ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවත් බේගලයක් ඇද බා තිබෙනවා. විනිසුරුවන් සියල්ලම දේශීය විනිසුරුවන් ලෙසයි එක්වීමට නියමිතව ඇත්තේ. ක්‍රිකට් ආයතනය කියන කියන බොරුව ලොකු අකුරෙන් පළකරමින් වගකීම් විරහිතව ලාභ සත්කාර සදහා පෑන හසුරවන වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන් නිසාවෙන් ජනතාව මුලා කරමින් දූෂණ, අක්‍රමිකතා හා වංචා සිදුකිරීම ඔවුන්ට ඉතා පහසු වී තිබෙනවා.



    දේශීය ක්‍රිකට් භාරව කටයුතු කරන්නේ ක්‍රිකට් ආයතන උප සභාපති රවීන් වික්‍රමරත්නයි. සිය ලේකම්වරිය සමගින් සුව විදීමේ සිහිනයෙන් වෙලී සිටින ඔහු මේ දිනවල ක්‍රිකට් ආයතනය මගුල් මඩුවක් බවට පත්කර තිබෙනවා. ක්‍රිකට් මගුල් සක්වල ගැන අප කී කරුණු ඔබට මතක ඇති. මේ දිනවල ලිපි ලේඛන වැඩ නොදත් සුරතල් ලේකම්වරිය නිතර ඔහුගේ මේසය මතට වී පෙම් කෙලින ආකාරය දැකිය හැකියි. ඔවුන් දෙදෙනා හැසිරෙන්නේ අලුත බැදපු ජෝඩුවක් පෙම් හා කම් සැප ලබන ලෙස බවයි Lankasportsnews අප වෙත වාර්තා වන්නේ. රයිගමයට ගම්පලයා මෙන් ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වාද මේ දිනවල ලේකම්වරියන් සමගින් පහස නිවා ගැනීමට දින ගනිමින් සිටිනවා. අමතර සේවා සදහා ලේකම්වරියන් ඉදිරියේදී වැඩියෙන් ගෙන්වීම ඔහුගේ ඉලක්කය බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. ඈෂ්ලී ද සිල්වා ලේකම්වරියක් වන මෙලනිගේ පදයට නටන රූකඩයන් බවත් අප අනාවරණය කළා ඔබට මතක ඇති. මේ නිසාම ක්‍රිකට් ක්‍රීඩකයන් කොළඹ සිට බිමින් යද්දී ලේකම්වරියන් සමගින් හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩා පිටියට ගුවනින් යාමට ඈෂ්ලී කටයුතු කළා.





    ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මීලග පාර්ලිමේන්තු කෝප් කමිටුවේ ප්‍රශ්න කිරීමට ලක්වන ප්‍රධාන මාතෘකාවක් වීම වැලැක්වීමට නොහැකි බව අප මෙලෙස ලියා තබනවා. එහෙත් ප්‍රශ්න කිරීම් සමගින් දූෂණ, වංචා කොතෙක් සනාථ වී ඇතත් මෙතෙක් කිසිදු ආන්ඩුවක් ක්‍රිකට් ආයතනයට එරෙහිව කටයුතු කර නෑ. ඒ හොරුන් සමග එක්වී පැමිණෙන ක්‍රීඩා ඇමතිවරයාද හොරා කෑම හා සිය මැතිවරණ ප්‍රදේශයට කුට්ටිය කඩා ගැනීම හේතුවෙන්. මෙහිදී යලිත් අපට සිහිවන්නේ හොරු හොරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන බවයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පුටුවේ ඉන්දවා ජනතාව සිතුවේ දැන් ඉස්සර සෙල්ලම් බෑ. සැමට එක නීතියක් කියායි. එය ගොඩවල් දෙකකට බෙදා පොහොට්ටුව හා අනෙකුන් ලෙස නීතිය කොටස් දෙකකට වෙන වෙනම ක්‍රියාත්මක වනවා. උකුස්සන් හා බලලුන් එක්වී කුඩු ව්‍යාපාරය සිදු කරන විට ක්‍රිකට් පාවාදීම් බල්ලන් සිදුකරන බව කියන දිනය ඈතක නොවනු ඇති. ඉතින් මේ සියල්ල නිහඩව බලා සිටින ඔබ මෙවරත් මහ මැතිවරණයට ඡන්දය භාවිතා කිරීමට යන විට මොළය සුපුරුදු ලෙස ගෙදර තබා යන්න. ඊට පසු ඉදිරි වසර පහේදීම ආන්ඩුවට හා පාර්ලිමේන්තුවට බැන බැන කාලය ගත කරමු. තව දුරටත් ලෝකයේ දූෂිතම ක්‍රිකට් රට ශ්‍රී ලංකාව ලෙස තබා ගනිමු. ඒ වෙනුවෙන් මෙවරත් බුකීකරුවන්ගේ ග්‍රහනයට ලක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොහොත් පොහොට්ටුවට මනාපය ලබා දෙන්න.






















    No comments