• Breaking News

    සාෆ් ප්‍රගති සමාලෝචන වාර්තාව අතුරුදන් - නිලධාරීන් අලුත් ඇමතිවත් අන්දයි


    ඇදුම් කපා, මසා, ඇන්දීම කලාවක් නම් රෙද්ද ඇගටම තබා කපා, මසා, ඇන්දීමේ පිකාසෝලා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ බහුලව දැකිය හැකියි. ඔවුන් බක තපස් උපාසකයන් ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් හා එක්ව නිදානය ගොඩ දාමින් සිටිනවා. එම නිලධාරීන් කලින් කලට එන ක්‍රීඩා ඇමතිවරු අන්දා, නැටවීම ජයටම සිදු කරන්නේ නිලධාරීවාදයේ පිහිටෙනුයි. නිලධාරීන් තිදෙනෙක් පුරුදු පරිදි වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇන්දීම ආරම්භ කර තිබෙනවා. මෙතැන් සිට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අතුරුදන් වී ඇති සාෆ් ප්‍රගති සමාලෝචන වාර්තාව පිලිබද කතාව දිග හැරෙනවා.


    2019 දකුණු ආසියා ක්‍රීඩා උළෙල තුල අක්‍රමිකතා රැසක් සිදුවූ බව චෝදනා එල්ල වුණා. මේ අනුව එවක ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලප්පෙරුම අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍රට උපදෙස් දුන්නේ මේ පිලිබද වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙසයි. මේ අනුව සිදුවූ එම පරීක්ෂණයෙන් සුදු කරපටි හොරු පිලිබද තොරතුරු රැසක් අනාවරණය වුණා. අනතුරුව 2020.07.06 වැනි දින ක්‍රීඩා අමාත්‍යාංශය පහත නිවේදනය සිදුකළේ හොරු හසුවී අවසන්. දැන් දඩුකදේ ගැසීමට සූදානම් බව රටට අඩබෙර ගසමිනුයි. එය දුටු විගස දූෂණයෙන් තොර ක්‍රීඩාවක් වෙනුවෙන් අමාත්‍යාංශය හඬ අවදි කිරීම බොහෝ දෙනාගේ පැසසුමට ලක්වුණා. කෙසේ වෙතත් මෙම වාර්තාව නොනගත කාලයක කලඑළි බැසීම කැපී පෙනුනා. ඒ වාර්තාව නිකුත් වන විට ක්‍රීඩා ඇමතිවරයෙක් නොසිටීමයි. මේ අනුව මෙම වාර්තාව යට ගැසීම සදහාම ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් එලෙස වාර්තාව නොනගතයේ එලි දක්වා ඇතැයි සැක මතුවනවා. ඒ ක්‍රීඩා සහකාර අධ්‍යක්ෂ තනතුර දරණ ආර්.බී වික්‍රමසිංහ හා අයි.පී විජේරත්නට සෘජුව වගකිවයුතු බවට චෝදනා එල්ල වී තිබීම හේතුවෙන්. එමෙන්ම ක්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂ සජිත් ජයලාල් වැන්නවුන්ගේ සේවයක් නොලැබීමද මෙවන් තත්වයක් ඇතිවීමට හේතු වූ බව අනාවරණය වූ බව වාර්තා වනවා. මේ ක්‍රීඩා අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය නිකුත් කළ පූර්ණ නිවේදනයයි.

     

    2019 දී නේපාලයේ කත්මන්දු නුවර පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සදහා ශ්‍රී ලංකා සහභාගීත්වය හා ප්‍රතිඵල සමාලෝචනය කිරීම සදහා ගරු අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි පත් කළ කමිටුවේ වාර්තාවේ විශේෂ විමර්ශණයක් සිදු කළ යුතුයැයි පෙන්වා දුන් කරුණු සම්බන්ධයෙන් ගරු අමාත්‍යතුමගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ඒස්. රුවන්චන්ද්‍ර මහතා විසින් පත් කළ විශේෂ කමිටු මගින් විමර්ශන කටයුතු අවසන් කර වාර්තා භාර දෙන ලදි.



    ඒ අනුව 

    01. ගුවන් ප්‍රවේශපත් මිලදී ගැනීම සම්බන්ධයෙන් හෙළිදරව් වූ කරුණු අතර පරස්පර විරෝධතා තිබේ. මේ සම්බන්ධයෙන් ජාතික ඔලිම්පික් කමිටුව හා ක්‍රීඩා අමාත්‍යාංශය මත දෙකක සිටී. ඒබැවින් මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් කිරීමට නිර්දේශ කෙරේ.


    02.බොක්සිං ක්‍රීඩා ඉසව්ව සදහා ජාතික තේරීම් කමිටුව මගින් අනුමත කළ ක්‍රීඩකයින් දෙදෙනෙක් කණ්ඩායමෙන් ඉවත් කොට ඒ් සදහා සංගමයේ අභිමතය පරිදි වෙනත් ක්‍රීඩකයින් ඇතුලත් කර ඇති බවත් ඒම ක්‍රීඩකයින් දෙදෙනා හට කිසිදු ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකි වීම පිළිබදවත් ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනය සම්බන්ධ ව පරීක්ෂණයක් පැවැත්විය යුතු බව යෝජනා කෙරේ.


    03. තුන්ප්‍රයාම ඉසව්ව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි සංගමයක් නොවන නමුත් මෙම උළෙලට සහභාගී වීමට ජාතික තේරීම් කමිටුවේ හෝ අභියාචනා කමිටුවේ නිර්දේශ ලබා නොගෙන සහභාගී වී ඇත. මේ පිළිබද පරීක්ෂණයක් පැවැත්වීමට යෝජනා කෙරේ.


    04.පැසිපන්දු කාන්තා කණ්ඩායම හිතාමතා ම පරාජයට යොමු වී ඇති බව පාර්ශව කිහිපයකින් කරුණු ඉදිරිපත් ව ඇත. මේ පිළිබදවත් පරීක්ෂණයක් පැවැත්වීමට යෝජනා කෙරේ


    05. පුහුණු කටයුතු සදහා විශාල වියදමක් දරා අවසානයේ සෞඛ්‍ය අපහසුතාවයක් බවට වාර්තා කර ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ඇති ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ සහතිකයක් පවා නොමැතිව තරගයට සහභාගී නොවීමට ක්‍රීඩකයින් ගෙන ඇති තීරණය ක්‍රීඩාවේ විනයටත් රටටත් අගෞරවයක් වන අයුරින් කටයුතු කිරීම පිළිබදව ක්‍රීඩක චෙරන්ත ද සිල්වා හා ක්‍රීඩිකා කිමිකෝ රහීම් පිළිබද පරීක්ෂණ පවත්වන මෙන් ඉල්ලා සිටිමි.


    06. බර ඉසිලීමේ ක්‍රීඩාවේ අභියාචනා මණ්ඩලය මගින් නිර්දේශ කර ඉදිරිපත් කළ ක්‍රීඩකයා අවසාන මොහොතේ අත්තනෝමතික ලෙස තරගයට සහභාගී නොවීම පිලිබදව අදාල නිළධාරීන් සම්බන්ධ පරීක්ෂණයක් පවත්වන මෙන් කරුණිකව ඉල්ලා සිටිමි. 


    07. බැඩ්මින්ටන් සදහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සංගමයේ මැදිහත්වීමෙන් අමතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුලත් කිරීමෙන් (තරග සදහා සහභාගී වී නැත) රටට පාඩුවක් මෙන්ම අගෞරවයක් ද ඇති වී ඇති බැවින් ඒ් සදහා පරීක්ෂණයක් පවත්වන මෙන් කාරුනිකව ඉල්ලා සිටිමි.


    08. පා පැදි (MOUNTAIN BIKE DOWNHILL) ඉසව්වේ සිදු වූ තරග පාවාදීම සම්බන්ධව දැනට පොලිස් නීති නිලධාරීන් විසින් පරීක්ෂණයක් පැවැත්වීමට  ලේකම්තුමා විසින් ලිඛිත ඉල්ලීමක් කර ඇති නමුත් දෙපාර්තමේන්තුව විසින් ද සුදුසු පරීක්ෂණයක් පැවැත්වීමට සුදුසු බව දන්වා සිටිමි.


    09.කෝ - කෝ ක්‍රීඩාව සදහා විශාල වියදමක් දරා ඇති නමුත් කිසිදු ප්‍රතිපලයක් නොමැති වීම හා ඒ් සම්බන්ධව ඇති තොරතුරු ඉතා අසතුටුදායක නිසා විනය පරීක්ෂණයක් පැවැත්වීමට යොජනා කෙරේ.


    10. වොලිබෝල් කාන්තා කණ්ඩායම ඉතා නොසැලකිලිමත්ව හිතාමතාම සිදු වූ පරාජය සහ විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාව මෙසේ පසුබෑම පිලිබදව එම ක්‍රීඩිකාවන්ගෙන් හා නිළධාරීන සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වීමට යොජනා කෙරේ.


    11. වූෂු ක්‍රීඩාවේ ඉසව්වල අවශ්‍ය ප්‍රමාණයට අඩුම ක්‍රීඩකයින් ඇතුල් කිරීමෙන් ශ්‍රී ලංකාවට පදක්කම් අහිමිවීම ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතුය. 


    යන ප්‍රගති සමාලෝචන වාර්තාවේ සදහන් කළ කරුණු සම්බන්ධව පරීක්ෂණ නිම කර ඇත. 


    එම පරීක්ෂණ වාර්තාවල පිටපත් මේ සමග යොමු කරමි. 


    මාධ්‍ය ඒකකය

    ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය


    මෙහිදී තරග පාවාදීම් පිලිබද එල්ල වූ චෝදනා පිලිබද පරීක්ෂණ කිරීමට ක්‍රීඩාවල වැරදි වැලැක්වීමේ විමර්ශන ඒකකයට පැවරුණා. එහෙත් ඔවුන් ඒ පිලිබද මෙතෙක් කිසිවක් සිදුකර නැත්තේ දූෂිතයන් රැකීම සදහා ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත්වීම හේතුවෙන් බව සදහන්. මේ ඒ පිලිබද අපගේ පසුගිය ලිපියයි.


    ලංකාව පැසිපන්දු, පාපැදි හා වොලිබෝල් ජාත්‍යන්තර තරගත් පාවාදී මාට්ට - Exclusive Exposed


    02.බොක්සිං ක්‍රීඩා ඉසව්ව සදහා ජාතික තේරීම් කමිටුව මගින් අනුමත කළ ක්‍රීඩකයින් දෙදෙනෙක් කණ්ඩායමෙන් ඉවත් කොට ඒ් සදහා සංගමයේ අභිමතය පරිදි වෙනත් ක්‍රීඩකයින් ඇතුලත් කර ඇති බවත් ඒම ක්‍රීඩකයින් දෙදෙනා හට කිසිදු ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකි වීම පිළිබදවත් ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනය සම්බන්ධ ව පරීක්ෂණයක් පැවැත්විය යුතු බව යෝජනා කෙරේ. මෙහිදී ඇගිල්ල දිගුවන පුද්ගලයා මේ වන විට ජාතික ක්‍රීඩා සභාව නියෝජනය කරනවා. ඉතින් මේ පිලිබද කතාව මෙතනින් අවසන් වීම ගැන කවර කතාද ? වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද මේ අවනඩුව. මේ අපගේ ජාතික ක්‍රීඩා සභාව පිලිබද තොරතුරු ඇතුලත් අපගේ පෙර ලිපියයි.


    නාමල් පත්කළ ජාතික ක්‍රීඩා සභාවේ යෝධයින් ලිලිපුට්ටන් වෙයිද ? Exclusive Video


    06. බර ඉසිලීමේ ක්‍රීඩාවේ අභියාචනා මණ්ඩලය මගින් නිර්දේශ කර ඉදිරිපත් කළ ක්‍රීඩකයා අවසාන මොහොතේ අත්තනෝමතික ලෙස තරගයට සහභාගී නොවීම පිලිබදව අදාල නිළධාරීන් සම්බන්ධ පරීක්ෂණයක් පවත්වන මෙන් කරුණිකව ඉල්ලා සිටිමි. මෙහිදී සෘජුව වගකිවයුතු නිසාවෙන් වාර්තාව අතුරුදන් කිරීමට මුල්වී ඇතැයි වාර්තා වන්නේ ක්‍රීඩා සහකාර අධ්‍යක්ෂ ආර්.බී වික්‍රමසිංහයි. මෙම තරගාවලියේ ශ්‍රී ලංකා බර ඉසිලීමේ කණ්ඩායමේ හා බර ඉසිලීමේ ජාතික පුහුණුකරු ලෙස කටයුතු කළේ ඔහුයි. අදටත් බර ඉසිලීමේ ජාතික පුහුණුකරු ලෙස වික්‍රමසිංහ කටයුතු කරනවා. මේ අනුව හොරාගේ අම්මාගෙන් නොව හොරාගෙන්ම පේන ඇසීමක් බවට මේ වන විට එය පත්ව ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ ලෙස වික්‍රමසිංහ කටයුතු කිරීමයි. ක්‍රීඩා අමාත්‍යාංශයේ සිදුවූ අඩුපාඩු වලදී ඇගිල්ල දිගුව ඇත්තේ අයි.පී විජේරත්න වෙතටයි. ක්‍රීඩා විද්‍යායතනය ලෙස නමට ඇති ආයතනයෙන් ක්‍රීඩාවේ සංවර්ධනයට විද්‍යාව යොදා නොගැනීම පිලිබද එහි අධ්‍යක්ෂ සජිත් ජයලාල් වෙත ඇගිල්ල දිගුවනවා.


    රුපියල් ලක්ෂ 130 ක් දිරන්න ගොඩ ගහලා - ලක්ෂ 260 ක උපකරණත් අතුරුදන් - Exclusive Exposed


    මෙලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ කූඩැල්ලන් ලෙස එල්ලී සාරය උරා බොන මෙම නිලධාරීන් තිදෙනා අමාත්‍යාංශය සිදුකළ වාර්තාව ඇමති අතට පත් නොවීමට අතුරුදන් කර ඇතැයි වාර්තා වනවා. එලෙස වාර්තාව අතුරුදන් කිරීමෙන් නොනැවතී ඇමති නාමල් ඉදිරියේ ඔවුන් පොර වීම සදහත් සැලසුම් සහගත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබෙනවා. අපි පට්ට කට්ටක් කාගෙන අතින් වියදම් කරගෙන මේ කැපවෙලා ඉන්නේ. මම ගමේ යන්නේ දරුවෝ බිරිද බලන්නේ සති අන්තෙ විතරයි. ඒත් බස් එකේම පැය ගානක් ගෙවන් ආයේ එනවා ක්‍රීඩකයෝ බලන්න හැරුණු තැපෑලෙන්. අමාත්‍යාංශයේ ගොඩක් මම ගොඩ දාල තියෙනවා. බොරුනම් ඕන කෙනෙක්ගෙන් ඇමතිතුමා අහල බලන්න. ක්‍රීඩාව ගොඩ දාන්න අපිට ඕන. මේ හැම ඇමතිවරයෙක් ඉදිරියේම ඔවුන් වාදනය කරන තැටියයි. එය මේ වන විටත් වාදනය වෙමින් තිබෙනවා.


    ක්‍රීඩා අමාත්‍යාංශයේ ලිංගික අල්ලස් - Exclusive


    ක්‍රීඩා අමාත්‍යාංශයේ දූරාවලිය වන්නේ ඇමති, ලේකම් හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් පසුව අනෙක් පිරිස ලෙසයි. එහෙත් ඔවුන් අභිබවා ඉදිරියට පැමිණීමට මෙම තුන් කට්ටුව කටයුතු කරනු දක්නට ලැබෙනවා. 2019 සාෆ් ප්‍රගති සමාලෝචන වාර්තාව අතට ගෙන අලුත් ගමනක් යන්න හැකිවේවිද ? නැත්නන් පෙට්ටිය අලුත් උනත් මෙම නිලධාරීවාදය එක්ක ගොඩ නැගුණු පරණ පීල්ලේම ඉදිරියටත් දුවයිද ? එය කියන්න නම් දන්නේ නැත. කෙසේ වෙතත් පුරුදු ලෙසම තිරය පිටුපස කතාව ඔබට ගෙන ඒමට Lankasportsnews අප සූදානම්.


    රට බංකොලොත් කියා ක්‍රීඩක දීමනා කපයි - Exclusive Exposed









    No comments