ක්‍රිකට් මගුල් සක්වල සුරතලියන්ගේ හා පන්දමුන්ගේ වැටුප් ඉහලට - Exclusive Exposed
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යනු දොරටුපාලයා රජවුණ අරුම පුදුම තැනක් බව මේ වන විටත් ඔබ දන්නවා ඇති. එය නිවසේ නැති සැප හැම අතින්ම හිමිවන ස්තානය බවට කලක පටන් එහි පාලකයන් පත්කර තිබෙනවා. මේ නිසාවෙන්ම හුරතලයට සතුන් ඇතිකරන්නාක් සේ ලේකම්වරියන් නඩත්තුවත් එහි ජයටම සිදුවනවා. ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පැමිණෙන කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරියන් ඉල්ලන්නේ නැතුවම සැපයුම සිදුකරන බවයි වාර්තා වන්නේ. ඒ නිකම් නොවෙයි. දෙන තරමට ලැබීමද හේතුවෙන්. මෙම සබදතා සදහා පහසුකම් සැපයීම හා සුවච කීකරු කුක්කන් වීම සේවකයින්ගේ උසස්වීම් සදහා හේතු වී තිබෙනවා. මෙතැන් සිට දිග හැරෙන්නේ එලෙස දොලපිදේනි පිදා උසස්වීම් ලැබූ පිරිස පිලිබද කතාවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව සිටිනවා. ඒ ව්‍යාපෘති සදහා මුදල් වෙන් කළත් ආධායම් මාර්ග ඇහිරී තිබීම හේතුවෙන්. බැංකු ණය පහසුකම් ලැබීමේ විශ්වාසය මත මෙලෙස හිතුමතේ මුදල් වැය කිරීම සිදුකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වැඩ බලන මූල්‍ය ප්‍රධානී කාමලිකා ජයසේකර Lankasportsnews අප වෙත කියා සිටියා. මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් ප්‍රමාණවත් වන්නේ ඉදිරි මාස තුන සදහා පමණක් බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ. එසේ තිබියදී තමන්ට මාසික වැටුප වැඩි කිරීම මාධ්‍ය ලොකුවට කතා කළත් මේ වන විට තෝරාගත් පිරිසකගේ මාසික වැටුප් වැඩි කිරීම ගැන සියල්ලන් නිහඩ ඇයිදැයි ඇය අපෙන් ප්‍රශ්න කළා. එහිදී ඇය පෙන්වා දුන්නේ තමන් මුලු කාලයම යොදවා රාජකාරී රැසක් දේවකාරිය සේ ඉටුකරන බවයි. මේ නිසාවෙන් ක්‍රිකට් ආයතන මූල්‍ය අංශ පැවැත්ම ගොඩනැංවීමට තමන් උපරිමයෙන් කටයුතු කිරීමට ඇගයීමක් ලෙස වැටුප් වර්ධකය හිමිවූ බවත් කාමලිකා ජයසේකර කියා සිටියා. එම අවස්තාවේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා හා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයරත්නගේ වැටුප් ද වැඩි කළ බවත් ඇය සිහිපත් කළා.
කොරෝනා අස්සේ ලිංගික අල්ලස් හා දොලපිදේනි පිදූ ක්‍රිකට් ලොක්කෝ
2020 ජූලි 15 වැනිදා පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටුවේදී සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සදහා සොයා බැලීමට තීරණය කළා. එහෙත් පවතින මූල්‍ය අස්තාවර තත්වය හේතුවෙන් කළමනාකරණ කමිටුවේ සභාපති ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලේකම් මොහාන් ද සිල්වා වැටුප් වැඩි නොකිරීමට තීරණය කළා. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උප සභාපති රවීන් වික්‍රමරත්න කළමනාකරණ කමිටු සභාපති ලෙස අනතුරුව කටයුතු කරමින් තෝරාගත් පිරිසකගේ පමණක් වැටුප් වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. සේවකයන් 195 ක් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැටුප් වර්ධක හිමිවීමට නම් සැප, පහසුකම් ලබාදිය යුතු බව මෙහි වැටුප් වැඩිවීම් හිමිවූ පිරිස බැලීමේදී පෙනී යනවා. රවීන් වික්‍රමරත්න සිය ලේකම්වරිය වෙනුවෙන් වැටුප් වැඩි කිරීමට මෙලෙස අනෙක් පිරිසව ඉත්තන් ලෙස යොදවා ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ අනුව බද්‍රා සෙනවිරත්න හා ට්‍රෙවිස් ප්‍රනාන්දු සදහා රුපියල් 65,000 ක වැටුප් වැඩිවීමක් ලබා දී තිබෙනවා. හෝටල් කාමර කොමිස් කාක්කා ලෙස ප්‍රකට ට්‍රෙවිස් ප්‍රනාන්දු මෙම පඩි වැඩි කරවා ගැනීම සදහා කාලයක් මුළුල්ලේ ඉහළ නිලධාරීන්ගේ උපන් දින සදහා උදෙන්ම තරු පහේ හෝටල වලින් නොමිලේ ගෙන්වා ගන්නා කේක් ගෙඩියක් මේසය මත තැබීමට හා ලොක්කන්ගේ ප්‍රිය සම්භාෂණ නොමිලේ හිල්ටන් හෝටලයේ පැවැත්වීමට කටයුතු පිළියෙල කිරීමට කෘත ගුණ සැලකීමක් මෙවර පඩි වැඩිකිරීම තුළින් සිදු කර තිබීම කැපී පෙනෙන සිද්ධියක් වනවා. මේ අතර චන්දිම මාපටුන, කමල් ධර්මසිරි හා චින්තක එදිරිමාන්න වෙනුවෙන් රුපියල් 75,000 ක වැටුප් වැඩිවීමක් අනුමත වී ඇතැයි වාර්තා වනවා.
ක්‍රිකට් මගුල් සක්වලට අලුත් සුරතලියන් ගනී - Exclusive Exposed
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරියන්ගේ කණ්ඩායමක් ඉදිරියේදී ගෙඩ නැංවිය හැකියි. ඒ ක්‍රිකට් සදහා නොව රති ක්‍රීඩාව වෙනුවෙන් බවයි බොහෝ දෙනෙක් පවසන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න ලේකම්වරියක් සමගින් මේ දිනවල උපරිම වින්දනය ලබන ප්‍රධානියා බවට පත්ව ඇතැයි සදහන්. මීට පෙර එම කිරුළ දරා සිටි ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා පහසුවෙන් පරාජය කිරීමට ඔහු සමත්ව ඇතැයි සදහන්. ලිපි රාජකාරී කිසිවක් නොදත් නිරූපිකාවක් ලේකම්වරිය ලෙස බදවා ගනිමින් ඔහු එය සිදුකළා. ඔවුන් දෙදෙනාට නිදහසේ හැසිරීම සදහා පහසුකම් සපයන ට්‍රෙවිස් ප්‍රනාන්දු දිවා ආහාරය ගෙනත් දීම ඇතුලු කටයුතු සිදුකරන බව සදහන්. හොදින් සේවය සැපයීම හේතුවෙන් රවීන්ගේ හා ඈෂ්ලීගේ ලේකම්වරියන්ගේ මාසික වැටුප රුපියල් 60,000.00 සිට 75,000.00 දක්වා ඉහළ නංවා තිබෙනවා. එමෙන්ම මෙම වැටුප් වැඩිකිරීම හිමිවූ තවත් ලේකම්වරියක් වන්නේ ඈන් ක්‍රිස්ටෝෆර්. මීට පෙර ඈෂ්ලි ද සිල්වා ලිංගික අල්ලස් ඉල්ලීම නිසා එක් සුරූපී ලේකම්වරියක් හඩමින් ඉල්ලා අස්ව ගිය අතර තවත් ලේකම් වරියක් ඔහුට එරෙහිව පනවන ලද නඩුවක් තවමත් විභාග වෙමින් පවතිනවා. ක්‍රිකට් ආයතනයේ සිටින්නේ එතරම් අපකීර්තිමත් ප්‍රධාන විධායක නිලධාරීවරයෙක් බව සටහන් කරන්නේ කණගාටුවෙන්.
ක්‍රිකට් ආයතන ගැටළුවක් - නිලධාරීනියක් වසබොයි
මේ අතර තවත් ලේකම්වරියන් රැසක් බදවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබෙනවා. මේ අතර ලේකම්වරියක් සේ බදවා ගත් නිපුණි බාලසූරිය නවතම බිල්ල ලෙස වාර්තා වනවා. ලිංගික අල්ලස් ඉල්ලීමේ ප්‍රධාන තිප්පොලක් වන කාන්තා ක්‍රිකට් අංශයේ ව්‍යාපෘති හා සංවර්ධන උපදේශක ලෙස මනුජ කාරියපෙරුම බදවාගෙන තිබෙනවා. ඒ ක්‍රිකට් නිලවරණයේ ඡන්ද දෙකකට මනුජ කාරියප්පෙරුම හිමිකම් කීම නිසාවෙනුයි. මානව සම්පත් විධායක නිලධාරී ලෙස ඉෂාන් එදිරිසිංහ බදවාගනිද්දී ඔමාල් කුරේ බදවාගෙන ඇත්තේ ක්‍රීඩක සබදතා විධායක නිලධාරී ලෙසයි. ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ කළමනාකරුවෙක් ලෙස නිල්හාන් මෙන්ඩිස්ටත් පත්වීම් ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සේවකයන් පවා මෙම බොහෝ පත්වීම් මෙතෙක් නොදන්නවා විය හැකියි. ඒ මේවා එතරම් රහසිගතව ලබාදී ඇති නැවුම් පත්වීම් නිසාවෙනුයි. මේ අතර ආර්.ප්‍රේමදාස පිටියේ ඇදන් තිහක් ඇති නේවාසිකාගාරය බලා ගැනීමට පමණක් කළමනාකරුවකු ලෙස ලක්ෂ එකහමාරක පඩියකට බදවා ගත් ටනේෂ් බර්නාඩ් ඩයස්ගේ චක් ගෝලයකු වන නිල්හාන් මෙන්ඩිස් නමැත්තා මේ වන විට ප්‍රේමදාස පිටියෙන් එලවා දැමීම නිසා මේට්ලන්ඩ් පෙදෙසේ හිස්ව ඇති පුටුවක ඉන්දවා තිබෙනවා.
ලිංගික අල්ලස්දීම ප්‍රතික්ෂේප කළ ක්‍රිකට් ක්‍රීඩිකාවන් තිදෙනෙක් දොට්ට - Exclusive
ලේකම්වරියන් සමග ප්‍රසිද්ධියේ පවුල් කන නිලධාරීන් මේ වනසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයයි. මේ තත්වය දිගටම පැවතුනහොත් ක්‍රිකට් ආයතනය බංකොලොත් වී ආන්ඩුවට බරක්වන තැනට වැටෙන්නට වැඩි කලක් නොයනු ඇති. මගුල් සක්වලක් වී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මුදල් උපයාදෙන කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට වඩා වැඩි මාසික වැටුපක් එහි ලේකම්වරියන් ලබා ගන්නවා. ඔවුන් මහන්සි වන්නේත් හාන්සි වන්නේත් ලෝකයාට හොරෙන් වීම ඊට හේතුවයි. හැංගි හැංගි වෙස් බැන්දාට නටන්න වෙන්නේ එලි පිටයි කීවාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙස් බදින්නේත් නටන්නේත් එලියේ වීම කැපී පෙනෙනවා. ඒ සල්ලි දෙයියන්ගේ මල්ලි යැයි කියන කියමන සනාථ කරමින් පමණක් නොව සල්ලිවලට කරන්න බැරි දෙයක් නැති බවත් සපථ කරමින්. මෙසේ ක්‍රිකට් ආයතනයේ මුදල් නාස්ති කරන ආකාරයට තව වැඩි කලක් යාමට පෙර ක්‍රිකට් ආයතනයටද සිදු වන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට සිදුව ඇති දෙයම බව සේවකයෝ පවසනවා. මේ අතර ඡන්ද දෙකකට හිමි කම් කියන මොරටුව පැත්තේ ක්‍රිකට් නැති බාර් එකකට පමණක් හිමිකම් කියන ක්‍රීඩා සමාජයක හිටපු සභාපතිවරයකු වන සෙනෙවිරත්න නමැත්තා කෝප් කමිටු නියෝගයද නොතකමින් තවමත් ක්‍රිකට් ඒඩ් හි කළමනාකරු ලෙස ලක්ෂ එකහමාරක වැටුපක් ලබමින් නිකරුණේ කාලය ගත කරනවා. මොහු දිනපතා බෝඩ් වයිෆයි උපයෝගි කර ගනිමින් කරන්නේ තම පුද්ගලික රක්ෂන ඒජන්ත කටයුතු පමණයි.
උපාලිට පින් පඩි ගෙවන ක්‍රිකට් ඒඩ්
කකුලුවා නටන්නේ හැලියේ වතුර රත් වන තුරු බව ඔබ අසා ඇති. ඉදිරියේදී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ක්‍රිකට් යලි නිසි මාවතට ගැනීමට අතුරු කමිටුවක් පත්කිරීමට කටයුතු කරනු ඇතැයි හාවක් හූවක් යලිත් මතුව තිබෙනවා. ඉතින් එලෙස පත්කළත් එලියේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවීම සදහා අවශ්‍ය නිලධාරීන්ගේ කොන්ත්‍රාත් කාලය මේ දිනවල දීර්ඝ කරමින් පවතිනවා. මීට පෙර ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ක්‍රිකට් ආයතනයට නිසි බලධාරියෙක් පත්කළා. ඒ ක්‍රිකට් ආයතන විධායක කමිටුව බල රහිත කරමින්. අදටත් නොවිසුදුනු ක්‍රිකට් ආයතන මහා මූල්‍ය වංචාව සිදුවන්නේ ඔය කාලයේයි. ඉතින් එම මූල්‍ය වංචාවේ මහමොළකරු ලෙස ෆයිසර් මුස්තාෆාව එදා සිටම අද දක්වා හංවඩු ගැසීමට වත්මන් නිලධාරීන් කටයුතු කරනවා. එමෙන්ම මෙම ක්‍රිකට් විධායක කමිටුවත් අත්හිටුවීමට නාමල් රාජපක්ෂ කටයුතු කළහොත් ඔහුටද එම ඉරණමට මුහුණ දීමට සිදුවනු ඇති. ඒ ඊට අවශ්‍ය නිලධාරීන් මේ දිනවල ක්‍රිකට් ආයතනයේ ස්තාන ගතකරමින් සිටීම හේතුවෙන්. අස්සයා පැනගිය පසු ඉස්තාලේ වැසීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කටයුතු කරයිද ? නැත්නම් ඊට පෙරම අවශ්‍ය පියවර ගනීද ? එය කීමට දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි. මේ සියල්ල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වෙද්දී අඳ ගොලු බිහිරි ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා හා රජය හැසිරීම ඔවුන්ගේ කටයුතු පහසු කළ ආශිර්වාදයක් වී තිබෙනවා. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මේ විනාසයට එරහිව තව දුරටත් නිහඬව සිටියහොත් ක්‍රිකට් විනාසයට ඔහුත් වගකිව යුත්තෙක් සේ ඉතිහාසයේ ලියවෙනු ඇති. එවිට එය දේශපාලන අනාගතය ගොඩ නැංවීමට පැමිණ අනාගතය අනාගත්තකු ලෙස සටහන් වේවි.
No comments