Monday, October 19, 2020

හිදෙන ක්‍රිකට් ආයතනයට සුඛෝපබෝගී වාහන 6 ක් - නාස්තිය දැක දැක ඇමති නිහඩයි - Exclusive Exposed


මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙමෙයි කියන කියමන ඔබ අහල ඇති. එහෙත් බාගෙන කන්න තියෙන වල ඉහගෙන කන තැනක් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පත්ව තිබෙනවා. ඒ අන්ධයා අලියාගේ හැටි කිව්වා වගේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අදුරේ අතපත ගෑමේ ආශිර්වාදයෙනුයි. රණ මග ඔස්සේ නන්දිකඩාල් ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැන් වියත්මග ඔස්සේ රෙද්ද කඩාන් යන බවට නැගෙන මැසිවිල්ල පනින රිලවුන්ට ඉනිමං බැදීමක් බවටත් පත්ව අවසන්. එල්ලෙන්න වැලක් සොයන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිටි හැටියේ සුඛෝපබෝගී මෝටර් රථ 06 ක් පසුගියදා මිලදී ගත්තා. ඒ පිලිබද අනාවරණය මෙතැන් සිට දිග හැරෙනවා.


කොරෝනා වසංගතය ලෝකයම දැඩි ආර්ථික හා සාමාජීය අර්බුදයකට ඇද දමා තිබෙනවා. එහෙත් ඒ ගැන කිසිදු සැලකීමක් නැතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් කාබාසිනියා කරමින් සිටින්නේ මෙරට ක්‍රිකට් දැඩි මූල්‍ය අර්බුදයකට ඇද දමමිනුයි. මෙම වසරේ මේ දක්වා කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්වූයේ නැහැ. වසර මුලදීම ශ්‍රී ලංකා සංචාරයට එක්වූ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා නොකර හැරී ගියා. අනතුරුව බංග්ලාදේශ හා දකුණු අප්‍රිකා තරගාවලි අතහැර දැමුණු අතර ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතවූ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියද මේ වන විට කල් දමා තිබෙනවා. මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමිවන ආධායම් මුදලින් සියයට 40 ක් අහිමිවී ගියා. ඒ තරගාවලි පැවැත්වීමෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් හිමිවන කොටසයි.


අනෙක් සියයට 60 හිමිවන්නේ ක්‍රිකට් තරග විකාශන අයිතිය අලෙවි කිරීමෙනුයි. මෙම වසරේදී සැලසුම් කළ විකාශන අයිතිය අලෙවි කිරීමත් මෙතෙක් සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපොහොසත් වුණා. ඒ තරගාවලි පැවැත්වීම පිලිබද පවතින අවිනිශ්චිත භාවය හේතුවෙන් විකාශන අයිතිය අලෙවි කිරීමට සිදුකළ ටෙන්ඩර් කැදවීමට කිසිවෙක් ඉදිරිපත් නොවීමත් සමගයි. මේ අනුව මෙම වසර පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ආධායම් මාර්ග සියල්ල අහිමිවී අවසන්. මේ අනුවයි LPL හෙවත් ලංකා ප්‍රිමියර් ලීග් නමින් නව තරගාවලියක් පවත්වන බව යලි යලිත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසමින් සිටින්නේ. එවැන්නක් පැවැත්වීමට නොහැකි වුවත් සියල්ලන්ට පොඩි සතුටක් ලබාදීම සදහා සෑම විටම කල් දමමින් එකම කතාව යලි යලිත් කියමින් කාලය ගෙවනවා. ඒ නිසාම මේ වන විට LPL හැදින්වෙන්නේ ලංකා පෝස්පෝන්ඩ් ලීග් ලෙසයි. එය ඇතැම් විට LPL යන්න ලෝකල් ප්‍රිමියර් ලීග් ලෙස ජාමේ බේරා ගැනීමට අවසන් තුරුම්පුව ලෙස පැවැත්වෙනු ඇති. ඒ නම් දැරූ විදෙස් ක්‍රීඩකයන් හෝ සැනකෙලි ගතියෙන් තොර අති අසාර්ථක ක්‍රිකට් තරගාවලියක් ලෙසයි.


ලෝකල් ප්‍රිමියර් ලීග් වෙන රවීන්ගේ ලංකා පෝස්පෝන්ඩ් ක්‍රිකට් ලීග් - Exclusive Exposed


ක්‍රිකට් ආයතනයට මෙලෙස කිසිදු ආධායමක් නැතත් පුරුදු ලෙසටත් වඩා වැඩියෙන් මුදල් කාබාසිනියා කරමින් සිටිනවා. ඉදිකිරීම් නැතත් කොන්ත්‍රාත් කරුවන් සදහා මුදල් ලබාදීම හා වැඩි වැඩියෙන් ලේකම්වරියන් බදවා ගැනීම මෙන්ම තෝරාගත් වන්දිබට්ටයන් කිහිපදෙනෙක් සදහා පමණක් වැටුප් ඉහළ නැංවීම දැක්විය හැකියි. මේ අතර අලුත්ම නාඩගම වී ඇත්තේ සුඛෝපබෝගී මෝටර් රථ මිලදී ගැනීමයි. හිටි හැටියේ සිදුකළ යුතු හදිස්සිම මිලදී ගැනීම ලෙස එය සිදුකර තිබෙනවා. ජීප් රථ තුනක් හා වැගන් වර්ගයේ මෝටර් රථ තුනක් මෙලෙස මිලදී ගෙන ඇත්තේ රුපියල් කෝටි 8 කට ආසන්න මුදලකටයි. මෙලෙස මිලදී ගත් එක් ජීප් රථයක් මේ වන විටත් උප සභාපති ජයන්ත ධර්මදාස වෙන්කරගෙන අවසන්. ක්‍රිකට් උප සභාපති කේ. මතිවානන් ඉල්ලා අස්වීමෙන් පසුගියදා ඇතිවූ පුරප්පාඩුව සදහා නවලෝක පෞද්ගලික රෝහලේ අධිපති ජයන්ත ධර්මදාස පත්වූ බව ඔබට මතක ඇති. වාහන රැසක් ඇති ධානපති ජයන්ත ධර්මදාස මෙලෙස මිලදී ගත් ජීප් රථයක් සියල්ලන්ට පෙර වෙන් කර ගැනීම ක්‍රිකට් ආයතන සේවකයන්ගේ හාස්‍යට හේතු වී තිබෙනවා.


ක්‍රිකට් මගුල් සක්වල සුරතලියන්ගේ හා පන්දමුන්ගේ වැටුප් ඉහලට - Exclusive Exposed


මිලදී ගත් අනෙක් වාහන පහ සදහා පොරයක් දක්නට ලැබුණා. ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා, අනෙක් උප සභාපති රවින් වික්‍රමරත්න, ක්‍රිකට් විධායක කමිටු සාමාජික සුජීව ගොඩලියැද්ද මෙම පොරයට එක්වූ පළමු පෙළ සාමාජිකයින් වනවා. මේ අතර ක්‍රිකට් ආයතන මානව සම්පත් කළමනාකරු ටනේෂ් බර්නාඩ් ඩයස් වාහන වෙන් කර ගැනීමේ සටනට පිවිසි අය අතර සිටියා. ක්‍රිකට් ආයතන විධායක කමිටු සාමාජිකයින් එන්නේ ස්වේච්ඡා සේවයක් සිදුකරන බව පවසමින්. එනකොට එහෙම වුණත් ආවට පසු මෙලෙස ගෙදර බිරිදට හා නීත්‍යානුකූල නොවන බිරින්දෑවරු සදහාත් අත දිග හැර වියදම් කරන ධන උල්පත බවට ක්‍රිකට් ආයතනය පත්වනවා. ඊට හොදම උදාහරණය උප සභාපති රවීන් වික්‍රමරත්නයි. සිය ලේකම්වරිය නැටවීමට ගොස් මේ  වන විට ඔහු ඇටි කෙහෙල් කෑ රිලවෙක් මෙන් වටේටම නියෝ නියෝ සිටින්නෙක් වී අවසන්. ඒ කතාව ලුණු ඇඹුල් තැවරූ CCTV වීඩියෝ පටයක් සමගින් ඉදිරියේදී Lankasportsnews අප ගෙන ඒමට සූදානම්. ක්‍රිකට් ආයතනයේ හැම තැනම cctv කැමරා ක්‍රියාත්මකයි. ඒවායේ පටිගත වු වැදගත් දර්ශන රැසක් අප වෙත ලැබී තිබෙනවා. කොළ අතම එකපාර අදින් නැතුව ඒ දර්ශන ඉදිරියේදී ගෙන ඒමට Lankasportsnews අප සූදානම්.


ක්‍රිකට් මගුල් සක්වලට අලුත් සුරතලියන් ගනී - Exclusive Exposed


ක්‍රිකට් ආයතනය මෙලෙස සුඛෝපබෝගී වාහන මිලදී ගැනීම පිලිබද තොරතුරු දැන ගැනීමට අප එම ආයතන මූල්‍ය අංශ ප්‍රධානී කාමලිකා ජයසේකර සම්බන්ධ කර ගත්තා. එහිදී ඇය කියා සිටියේ ක්‍රිකට් ආයතනයේ මුදල් ඇත්තේ තවත් මාස තුනක වැටුප් ගෙවීමට පමණක් බවයි. ඒ නිසාවෙන් තමන් මෙම මිලදී ගැනීම් නොකරන ලෙස ක්‍රිකට් බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවත් ඇය Lankasportsnews අප වෙත කියා සිටියා. තමන් පත්වූ දින සිට අභියෝග රැසක් මැද මූල්‍ය කළමනාකරණය සිදුකළ අයුරු ඇය මෙහිදී අපට පෙන්වා දුන්නා. Lankasportsnews අපට ඇගේ පත්වීම හා කටයුතු පලිබඳ විවේචන ඇතත් කාමලිකා ජයසේකර කටයුතු කරන ආකාරය පිලිබද ඇගයීමක්ද පවතිනවා. එමෙන්ම ඇය වෙනුවෙන්ද වාහනයක් ලබාදීම සිදුකළ යුතු බවයි Lankasportsnews අප වෙත ඇය කියා සිටියේ. ඒ සේවය ඇගයීමක් ලෙසයි. ක්‍රිකට් ආයතනය මිලදී ගන්නා වාහන එහි සේවකයන් සදහා විය යුතුයි. ස්වේච්ඡා සේවයට පැමිණෙන ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයින් ඒවා භාවිතා කිරීම නීත්‍යානුකූල වන්නේ නැහැ.


ඇමති නාමල්ව වට කර ගන්නේ හොරු විතරද ? Exclusive Exposed


මේ අතර පවතින තත්වය පිලිබද ක්‍රීඩා අමාත්‍යවරයාගේ අදහස් දැන ගැනීමට අප අවස්තා කිහිපයකදීම දුරකථන ඇමතුම් ලබා දුන්නා. එහෙත් අමාත්‍ය නාමල් රාජපක්ෂ දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට හැකිවූයේ නැහැ. මේ අනුව ක්‍රීඩා අමාත්‍යාංශයේ අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ නිලධාරියෙක් නම සදහන් නොකරන ලෙස ඉල්ලා තොරතුරු ලබාදීමට ඉදිරිපත් වුණා. එහිදී ඔහු කියා සිටියේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඉදිරියේදී ක්‍රිකට් ආයතනය පිලිබද දැඩි තීන්දුවක් ගන්නා බවයි. විශේෂයෙන් ක්‍රිකට් ආයතන මානව සම්පත් කළමනාකරු ටනේෂ් බර්නාඩ් ඩයස් ඕස්ට්‍රේලියාවේ මත්ද්‍රව්‍යය මුදල් සංසරණය කිරීමේ චෝදනාවට වැරදිකරු වී සිටීම ඒ අතර ප්‍රමුඛ බවයි ඔහු කියා සිටියේ. ක්‍රිකට් ආයතනය පිලිබද වැඩිදුර කතා කිරීම ඔහු ප්‍රතික්ෂේප කළා.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත්වී මේ වන විට වසරක කාලයක් ගතව තිබෙනවා. ඒ පාර්ලිමේන්තුවේ ඔහුට තුනෙන් දෙකක බහුතර බලයක්ද සමයි. එහෙත් ගෙවුණු වසරට ඔහු සිදුකළේ පරිප්පු හා සැමන් මිල අඩු වැඩි කිරීම පමණයි. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පත්වූ දින සිට කටින් බතල සිටුවීමට අමතර කිසිවක් සිදු නොවීමත් කැපී පෙනෙනවා. කෝප් කමිටුවේදී අනාවරණය වූ ක්‍රිකට් දූෂණ අක්‍රමිකතා රැසක් සාක්ෂි සමග පවතිනවා. එහෙත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට තහනම් වචනය වී ඇත්තේ ක්‍රිකට් වී ඇති බවක් දැකිය හැකියි. ඒ ක්‍රිකට් ගැන වචනයක් හෝ ඔහු නොපැවසීම නිසයි. ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන වෙද්දී එහි සමාජිකයෙක් ලෙස කුමාර් සංගක්කාර සිටිනවා. නමුත් ඔහුන්ද මෙතෙක් ක්‍රිකට් ආයතනය නොදන්නා තැනක් සේ කටයුතු කිරීම කැපී පෙනෙනවා. මේ නිසාවෙන් කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙන යුගය මෙය යැයි ක්‍රීඩා ලෝලීන් ප්‍රකාශ කරන දිනය නම් වැඩි ඈතක නොවන බව කාට කාටත් අවසන් ලෙස මතක් කළ යුතුයි. 


නාමල් පත්කළ ජාතික ක්‍රීඩා සභාවේ යෝධයින් ලිලිපුට්ටන් වෙයිද ? Exclusive Video



No comments:

Post a Comment