ක්‍රීඩාවේ සල්ලි ගැවසෙන හා සත්‍ය ලෙසම බිමේ ක්‍රියාත්මක සංගම් සියල්ලෙහිම ඇත්තේ ප්‍රධාන පාර්ශ්‍රව දෙකකි. ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි ක්‍රීඩා සංගම් 70 ක් ඇතත් මෙම ගණයට වැටෙන්නේ 10 කටත් අඩු ගණනක් බව සටහන් කළ යුතුව ඇත. අනෙක් සංගම් 60 කට අධික සංඛ්‍යාව තනි බූදලයක් ලෙස ක්‍රියාත්මක වේ. ක්‍රිකට් ගත්විට තිලංග හා රණතුංග පාර්ශ්‍රව දෙක පමණක් හැමදාම බලයට කුලල් කා ගනී. ලංකාවට වැඩිම විදෙස් ක්‍රීඩා ආධාර හිමිවන පාපන්දු ගත්තත් කීර්තිමත් ට්‍රැවල් ඒජන්සියක් ලෙස ක්‍රියාත්මක ජාතික ඔලිම්පික් කමිටුව ගත්තත් ඇත්තේ එලෙස පිල් දෙකකි. ජාතික ඔලිම්පික් කමිටුවට අනුබද්ධ සංගම් සියල්ලටම පාහේ ඇත්තේ එක් පාර්ශ්‍රවයක් පමණි. ඉතින් නිදහසින් පසු ලංකාවේ සැමදා බලයට පැමිණියේ තට්ටු මාරු ක්‍රියමයට පක්ෂ දෙකක් පමණක් ලෙසම ක්‍රීඩාවේද බලය හැමදාම දෝලනය වෙන්නේද එලෙසින් බව කිව යුතුය. මේ නිසා කලින් කලට පැමිණෙන ක්‍රීඩා ඇමතිවරු සාක්කුවට දා ගැනීමට ඔවුන් උපන් හපන්කම් දක්වයි. ක්‍රීඩා දේශපාලනය ලෙසත් හදුන්වන මෙය ඇමතිවරු සමග ගැට ගැසුනු නොබිදිය හැකි බැම්මක් වීමට වැඩි කල් යන්නේ නැත. ක්‍රීඩා කර ඇති අත්දැකීම් සමගින් ඇමති පුටුවට නාමල් රාජපක්ෂ එන විට සියල්ලන් සිතුවේ නව බලාපොරොත්තුවක් තබාගත හැකි බවයි. එහෙත් ඔහු ඇමති වී ගතවූ මාස කිහිපය තුලදීම ක්‍රීඩාවේ කූඩැල්ලන් සියල්ලම ඇමති නාමල්ට ලංවී පෙර සෙල්ලම අලුත් වටයකින් ආරම්භ කර ඇති ආකාරයක් දක්නට ඇත. පැණි වරකා ගහට හිතපු නැති තරම් ඉක්මනින් හෙණයක් පත්වී ඇති ආකාරය පෙන්වන එහි තිරය පිටුපස කතාව කීමට මෙම උදාහරණය පමණක් ප්‍රමාණවත් යැයි සිතේ. ඉතින් මේ ඒ පිලිබදවයි.
2021 ලෝක කායවර්ධන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා. එය හිමිවූ දින සිටම ජාතික කායවර්ධන සංගමයේ බලයට පැමිණීමට මේ වන විට බලය අහිමි වී සිටින චන්දන අලුත්ගේ ප්‍රමුඛ පිරිස විවිධ උපායන් යෙදීම ආරම්භ කළා. ඒ සදහා ක්‍රීඩා අමාත්‍යාංශය පැත්තෙන් සියළු පහසුකම් සැපයීම ක්‍රීඩා නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර් බී වික්‍රමසිංහ සිදුකරනු ලැබුවා. ඒ ඔහුගේ මඩිය තර වීමට නම් දූෂිතයින් යලි බලයට පැමිණිය යුතු වීම හේතුවෙන්. ඔවුන්ගේ ඉලක්කය බොහෝ පහසුවූයේ හිටපු සභාපති කපිල කුමාරගේ කර පිටින් පැමිණ සභාපති වූ කිත්සිරි ප්‍රනාන්දු මූල්‍ය වංචා සිදුකර බෙල්ල මුලට හිරවීමත් සමගයි. මේ අනුව කිත්සිරි වහා දූෂණ හේතුවෙන් ජාතික කායවර්ධන සංගමයේ තහනමට ලක්ව අනාත වී සිටින පිරිස සමග අත්වැල් බැද ගත්තා. මේ අනුව දූෂණ අක්‍රමිකතා නිසා සංගමය තහනම් වූ පිරිස ඉතා ආදරයෙන් ඔහුව වැලදගනු ලැබුවා. එහි ප්‍රතිඵලය වූයේ ජාතික කායවර්ධන සංගමය අත්හිටුවා අතුරු කමිටුවක් පත් කිරීමයි.
එලෙස අතුරු කමිටුවක් පත් කළත් එල්ල වූ බලපෑම් හේතුවෙන් එහි සාමාජිකයින් විටින් විට ඉල්ලා අස්වී කිසිවෙක් වග නොකියන තැනක් බවට එය පත්වීමට වැඩි දිනක් ගත්වූයේ නැහැ. මේ සියල්ල සිදුවන්නේ ලෝක කායවර්ධන තරගාවලි සත්කාරකත්වය අනතුරේ හෙලමින් බව බලධාරීන්ට අමතකව තිබෙනවා. සත්‍ය ලෙසම අමතක වුණා නොව ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා සහකාර අධ්‍යක්ෂ වික්‍රමසිංහ හෙවත් විකී අමතක කරවීම නිසයි. එහෙත් තත්වය මෙසේ තිබියදී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ යලි සංගමයේ නිලවරණය පැවැත්වීමට සාධනීය පියවර කිහිපයක් ගෙන තිබුනේ සියල්ලන්ට යලි කායවර්ධන සංගමය දූෂිතයින්ගෙන් බේරී ලෝක කායවර්ධන තරගාවලියට හොද කලක් ලබනු ඇතැයි විශ්වාසය ඇති කරමිනුයි. එහෙත් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පහත ඡායාරූප හේතුවෙන් එය උපන් ගෙයිම මියැදුණා.
මෙහි සිටින පිරිස මෙලෙස දැක්විය හැකියි. කායවර්ධන සම්මේලනයේ නිලධාරීයෙකු නොවන සුනිල් ජයන්ත, සම්මේලනයේ විනිසුරු වරයෙකු වශයෙන් කටයුතු කරන ලද වර්තමානයේ හොර පාරෙන් පිහිටුවා ගත් විනිසුරු කමිටුවක කටයුතු කරන එච්.එම්.ආර්.කේ ජයසුන්දර , කායවර්ධන හා ශාරීරික යෝග්‍යතාව ගැන කිසීම සුදුසුකමක් සපුරා නැති හොර විනිසුරු කමිටුවේ සාමාජික රුවන්, දැනට ක්‍රීඩා අමාත්‍යාංශය වෙතින් 2021 වර්ෂයේ ජුනි වෙනතුරු තහනම බලබලගැන්වූ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ පරීක්ෂණයකින් පසු තහනමට ලක් වු වර්තමානයේද තහනම ක්‍රියාත්මක වන ප්‍රසන්න පීරිස් , 2015 වර්ෂයේ මූල්‍ය අවභාවිතයට චෝදනා ලබා 2015/2017 වර්ෂට පත් වූ හිටපු භාණ්ඩාගාරික අමිල ජයතිලක , හොර විනිසුරු කමිටු පිහිටුවා එමගින් පාඨමාලා පවමින් නීති විරෝධිව මුදල් එකතු කළ බවට චෝදනා ලැබ සිටින ෂම්මි ජයවර්ධන, මුල්‍ය අවභාවිත ගැන ක්‍රීඩා අමාත්‍යාංශ පරීක්ෂණ මණ්ඩල දෙකකින්ම වැරදිකරු වූ මෙන්ම සභාපතිවරයෙකු වෙතින් ඉටු විය යුතු කාර්යයන් නොකළ හිටපු සභාපති කිත්සිරි ප්‍රනාන්දු , ශාරීරික යෝග්‍යතාව පිළිබඳව කිසිදු සුදුසුකමක් නැති හොර විනිසුරු කමිටුවේ සාමාජිකයෙක් ලෙස පෙනී සිට්න පත්මසිරි මෙහි වීරයන් ලෙස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සමගින් වනවා.
කායවර්ධන සභාපති තමන්වම වර්ධනය කරගෙන මාට්ටු
මෙලෙස චෝදනා ලැබූ නිලධාරීන් වටවී සිටින ඡායාරූපය Lankasportsnews අපගේ අවධානයට ලක්වූ විට නිතැතින්ම සිහිවූයේ හොරු සමග හෙලුවෙන් යන කියමනයි. මාධ්‍යවේදීන්ට පවා අත්‍යාවශ්‍ය කටයුත්තකට පවා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සම්බන්ධ කරගත නොහැකි පසුබිමක මෙම ඡායාරූපය අපව මවිතයටද පත් කළා. ජාතික සංගමය අත්හිටුවා ඇති සමයක මෙම දූෂණ අක්‍රමිකතා සදහා චෝදනා ලැබුවන් සියල්ලම මහත් හොරුන් ලෙස ඇද පැලද ගෙන ගොස් සිටීම කැපී පෙනෙනවා. මේ ෆුල් සූට් එකට යටින් සිටින්නේ ගොම තලි තලි තවරා ගත් පිරිසක් බව අමතක කළ යුතු නැහැ. ඔවුන් නවතින්නේ එම ගොම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ඇගේ ගා බව තේරුම් ගත්තොත් අනාගත අවධානම පහකර ගත හැකි වේවි. එමෙන්ම මාධ්‍ය හමුවීම සීමා වුවත් ක්‍රීඩා සංගම් සදහා අමාත්‍යවරයා දොර ඇර ඇතැයි අපට සිත් වුණ බවත් සටහන් කළ යුතුමයි. මේ අනුව අප ක්‍රීඩා සංගම් කිහිපයකම නිලධාරීන්ගෙන් අමාත්‍යවරයා හමුවීමට ඇති හැකියාව ගැන විමසුවා. ඒ සියල්ලේම පිලිතුර වුණේ පෞද්ගලික හිතවත් කම් මත සිදුවන හමු හැරුණු විට නියමිත පටිපාටිය අනුව හමුවිය නොහැකි බවයි. මෙවන් තත්වයක් තුල ක්‍රීඩා ආර්ථිකයක් ගොඩ නැංවීම ගැන ඇමතිවරයා පැවසීම කටින් බතල හිටුවීමක් බවට පත්වීමට වැඩි දිනක් ගත නොවනු ඇති.
මෙහිදී අමාත්‍ය නාමල් රාජපක්ෂ වෙතම ඇගිල්ල දිගු කිරීමට තරම් අප ඉක්මන් වන්නේ නැහැ. ඇමතිවරයා පසුපස යන වන්දිබට්ටයන් පිරිස මෙහි වැඩිම බරක් ගත යුතුයි. අමාත්‍යවරයාගේ හමු ඇතුලත් කාල සටහන සකසන්නේ ඔවුන් විසිනුයි. අප මෙම පෙන්වාදීම සිදුකරන්නේ පුදනකොටම කාපි යකා කියා ඇමතිවරයාගේ හා ක්‍රීඩාවේ අනාගතය විනාස වීමට ඉඩ නොහැරීම වගකිවයුතු මාධ්‍යවේදීන් සිදුකළ යුතු පෙන්වාදීම නිසාවෙන්මයි. වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයට ඇමතිවරයා පළමු හමුවටත් සෑහෙන්න දිනක් ඇගිලි ගණිමින් දත නියවීමට සිදුවුණා. හොරුන්ට පහසුවෙන් ඇරෙන දොර සංගම් නිලධාරීන් වෙනුවෙන්ද අරින ලෙස ඉල්ලන්නේ මාධ්‍යද අමතක නොකරන ලෙස පවසමිනුයි. අප Lankasportsnews වෙබ් අඩවිය ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂට හද පෙන්වා තිබෙනවා. ඇගිල්ල දෙස නොබලා පවතින ගැටළුව හදුනා ගන්නා ලෙස ඉල්ලා සිටින්නේ ඉතා කරුණාවෙනුයි.
No comments:
Post a Comment