ලෝකල් ප්‍රිමියර් ලීග් වෙන රවීන්ගේ ලංකා පෝස්පෝන්ඩ් ක්‍රිකට් ලීග් - Exclusive Exposed
ශ්‍රී ලංකා ක්‍රිකට් කියූ සැනින් සියල්ලන්ගේම මතකයට නැගෙන්නේ ලොව දූෂිතම ක්‍රිකට් රට ලෙසයි. එහෙත් දැන් එය දූෂණයට අමතරව විහිලු සැපයීමෙන්ද පළමු රට බවට පත්වීමට උත්සාහ ගන්නා ආකාරයක් දක්නට ලැබෙනවා. ඒ හැමදාම කල් දමන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හේතුවෙනුයි. එල්.පී.එල් (LPL) ලෙස නම් කර ඇති මෙම පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අයි.පී.එල් (IPL) ( ඉන්දීය ප්‍රිමියර් ලීග් ) ක්‍රිකට් තරගාවලි ආකෘතිය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. එල්.පී.එල් (LPL) යනු ලංකා ප්‍රිමියර් ලීග් ලෙස ක්‍රිකට් ආයතනය පැවසුවත් එල්.පී.එල් (LPL) යනු ලංකා පෝස්පෝන්ඩ් ලීග් ලෙස ක්‍රිකට් ප්‍රේක්ෂකයන් උපහාසයට ලක්කරමින් සිටිනවා. එදාවේල වෙනුවෙන් දේශීය මාධ්‍ය හා ප්‍රේක්ෂකයන් රැවටීමට මෙම තරගාවලි ප්‍රධාන අධ්යක්ෂ ලෙස ක්‍රිකට් ආයතන උප සභාපති රවීන් වික්‍රමරත්න කටයුතු කරනවා. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හෙවත් ලංකා පෝස්පෝන්ඩ් ලීග් ක්‍රිකට් තරගාවලියේ නිරුවත පිලිබද සටහනයි මේ දිග හැරෙන්නේ.
2018 වසරේදී අඩබෙර ගසා මෙම තරගාවලිය පැවැත්වීමට පළමු ආරම්භය එවක ක්‍රිකට් ආයතන සභාපති තිලංග සුමතිපාල ලබා ගත්තා. එහෙත් ලත් තැනම ලොප් වෙමින් තරගාවලිය කල් දැමීමට කටයුතු කෙරුණා. එලෙස අවස්තා රැසක කල් දැමූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලංකා පෝස්පෝන්ඩ් ලීග් ක්‍රිකට් තරගාවලිය බවට මෙලෙස පත්වුණා. පහත දැක්වෙන්නේ එදා සිට මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තරගාවලිය පැවැත්වෙන බව හා කල් දමන බවට නිවේදනය කළ ආකාරයයි. බයවෙන්න එපා. දැන් එකෙක්වත් ගහන් නෑ. කියා සභාපති ශම්මි සිල්වා අන්දමින් සිටින අපේ මාධ්‍ය මිතුරන් දෙදෙනා හැමදාම ඔන්න තියෙනවා මෙන්න තියෙනවා කියා, අයේ කල් ගියා මෙන්න කල් ගියා කියමින් එකම අච්චුව වෙනස් කරමින් නිවේදන නිකුත් කරමින් සිටිනවා. ක්‍රිකට් ආයතනය එවන ඕනෑම කුණු ගොඩක් මහ ඉහළින් වැදල ගන්නා වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන් නිසා මෙම සෙල්ලම ඉතා පහසුවෙන් ඔවුන් සිදුකරන බවත් සටහන් කළ යුතුයි.
2018 වසරේ පැවැත්වීමට සැලසුම් කළ මෙම තරගාවලිය, 2020 වසරේදී ක්‍රිකට් ආයතන ගැලවිජ්ජා ක්‍රිකට් තරගාවලියක් බවට පත්වුණා. 2018 වසරේ මෙම තරගාවලි අධ්යක්ෂ ලෙස විස්තර විචාරක රසල් ආනල්ඩ් පත්කළා. තරගාවලි අධ්යක්ෂ ( Tournament Director ) රසල් ආනල්ඩ් මාස 4 ක් මසකට ඇමරිකා ඩොලර් 10,000 ක් බැගින් ඇමරිකා ඩොලර් 40,000 ක් හෙවත් මසකට රුපියල් 1,856,823.00 ක් බැගින් ගෙවීමෙන් එය අවසන් වුණා. එහෙත් ඉන් කිසිදු එලිපිට සේවයක් වූයේ නෑ. රසල් ආනල්ඩ්ට එවර ලබාදුන් තරගාවලිය මෙවර තරගාවලි කළමණාකරු ලෙස (Tournament Coordinator ) ලෙස රොෂාන් අබේසිංහ බදවා ගැනීමට නියමිතව සිටියේ රුපියල් ලක්ෂ 100 ක් ලබාදීමේ එකගතාවටයි. Lankasportsnews අප එය අනාවරණය කිරීමත් සමග ඔහු ඊට එක් නොවී කර ඇර සිටිනවා. මීට අමතරව Tournament Committee Chearman ලෙස තවත් රුපියල් ලක්ෂ 100 ක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික බන්දුල දිසානායකට සූදානම් වනවා. ඔහු මේ වන විටත් සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි කමිටු සභාපති ලෙසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඔවුන් පත්වන්නේ ස්වේච්ඡා සේවයක් සදහායි. මේ අනුව ක්‍රිකට් ආයතනයෙන් වැටුප් සහිත තනතුරක් දැරීම සම්පූර්ණ නීති විරෝධී වනවා. ඔය අතරතුරදී බොරුව තාත්වික ලෙස මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිදු කිරීම ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න භාර ගත්තා. මෙම තොරතුරු ඇතුලත් අපගේ සවිස්තරාත්මක ලිපිය පහත දැක්වෙනවා.
ක්‍රිකට් LPL ප්‍රෝඩාවේ ලක්ෂ 200 ඉක්මවූ යටි මඩි ගැහිල්ලක් - Exclusive Exposed
ක්‍රිකට් ආයතනය පස්සේ ඉව අල්ලමින් සිටින විදෙස් සංචාර සදහා අනුග්‍රහය ලබාගැනීමේ යටි අරමුණ පෙරදැරි කරගත් මාධ්‍ය කාක්කන් ( නිලධාරීන් දෙන ඕන ජරාවක් ආසාවෙන් කන නිසා කාක්කන් ලෙස යෙදූ බව සලකන්න ) තරගාවලිය පිලිබද පුවත් මවනු ලැබුවා. ඒ රවීන් වික්‍රමරත්නගේ උපදෙස් වලට අනුවයි. එලෙස මැවූ පුවත්වල මෙලෙස සටහන් වුණා. ( මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) LPL ක්‍රිකට් තරගාවලියට එක්වන කණ්ඩායම් 3ක් මේ වන විට අලෙවි වී ඇති බව වාර්තා වුණා. ගාල්ල, මහනුවර සහ යාපනය යන කණ්ඩායම් මෙලෙස අලෙවි වී ඇති අතර, කොළඹ සහ දඹුල්ල කණ්ඩායම් මිලදී ගැනීම සදහා පාර්ශව 6ක් පමණ කැමැත්තෙන් පසුවන බව සදහන්. ) කෙසේ වෙතත් රවීන් වික්‍රමරත්න යනු ක්‍රිකට් තරග පාවාදීම් ගැන ක්‍රීඩා අමාත්‍යාංශය සිදුකළ පරීක්ෂණයකින්ම වැරදිකරුවෙක් ලෙස නම්කර ඇති බව අමතක කළ යුතු නැහැ. මේ ඒ පිලිබද අප අනාවරණය කළ පෙර ලිපියයි.
ක්‍රිකට් ආයතනයේ දැන් ඉන්න පාවාදීමේ ලොක්කා මෙන්න - සාක්ෂි - Exclusive Exposed
මෙම වසරේ මුල සිටම මෙම තරගාවලියට දින ප්‍රකාශ කිරීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිදු අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යාංශය සමගින් අදහස් හුවමාරු කරගත්තේ නැහැ. ඒ දින ප්‍රකාශ කර මාධ්‍ය සංදර්ශනය ටික දිනක් සිදුකර සෞඛ්‍ය අමාත්‍යාංශයට බෝලේ මාරු කර ඒ පිටින් තබා තරගාවලිය කල් දැමීමේ කූඨ සැලසුමට අනුවයි. මෙවර ක්‍රිකට් ආයතනය පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරෝධයන අවශ්‍යතාව සම්පූර්ණ කිරීම වෙනුවෙන් තරගාවලියේ දින නොවැම්බර් 21 වැනිදා ආරම්භ වන ලෙස වෙනස් කළ බවයි. එල්.පී.එල් ( LPL) ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් ලංකා පෝස්පෝන්ඩ් ලීග් ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම් 5ක් එක් වන අතර, ඒවා කලම්බු සුපර් කිංග්ස්, ගෝල් ලයන්ස්, කැන්ඩි රෝයල්ස්, ජැෆ්නා සන්රයිසස් සහ දඹුල්ල කැපිටල්ස් ලෙස නම් කර තිබෙනවා. තරගාවලියේ සියලු තරග දිවා රාත්‍රි ලෙස දඹුල්ල, පල්ලේකැලේ සහ හම්බන්තොටදී පැවැත්වීමට සැලසුම් කර ඇතැයි සදහන්. එහි කොළඹ තරග පැවැත්වෙන බව දක්වා නැහැ. තරගාවලිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇත්තේ රජයේ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ලකුණු දා ගැනීමට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේයි. කොළඹ අමතක කර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය හිටි හැටියේ මතක් වීමට හේතු වී ඇත්තේ ක්‍රිකට් ආයතන ලේකම් මොහාන් ද සිල්වාගේ සොයුරා එම ක්‍රීඩා පිටිය අසලම අලුතින් හෝටලයක් ඉදිකරමින් සිටීමයි. එවිට ක්‍රිකට් තරගය මුවාවෙන් එම හෝටලයට කල්ල මරේ වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැහැ.
දඹුල්ලෙදි ගලත් කපලා - සල්ලිත් අරන් - Exclusive
කණ්ඩායම් 05 ක් දින 15 ක් තරග 23 ක් ක්‍රීඩා කරන බව කියන මෙම තරගාවලිය කළමනාකරණය හා මෙහෙයවීම භාර දී ඇත්තේ අයි.පී.ජී (IPG) හෙවත් Innovative Production Group නම් ආයතනයටයි. එහි හිමිකරු ඩුබායි රාජ්‍ය කේන්ද්‍ර කර ගත් අනිල් මොහාන් බව සදහන්. සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් ලංකාවේ කුඩු ජාලය මෙහෙයවන්නේ ඩුබායි රාජ්‍ය කේන්ද්‍ර කර බව මේ දිනවල නිතර අසන්න ලැබෙනවා. ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් ලංකා පෝස්පෝන්ඩ් ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන කණ්ඩායම් සියල්ලේම හිමිකරුවන්ගේ අයිතිවාසිකම්, රූපවාහිනී විකාශය, නිෂ්පාදනය සහ ක්‍රීඩාංගණයේ ප්රචාරක අයිතීන් සියල්ල මෙම ආයතනය සතු වනවා. මෙතෙක් මෙම තරගාවලියේ තරග විකාශයට කිසිදු ජාත්‍යන්තර රූපවාහිනී ආයතනයක් ඉදිරිපත්ව නැහැ. මේ අනුව බොහෝ විට දේශීය රූපවාහිනී නාලිකාවක තරග විකාශය වනු ඇති. එවිට තරගාවලිය විකාශනයෙන් හිමිවන මුදල් අහිමිවී යනවා. එහි තවත් කූඨ සැලැස්මක් ඇතැයි Lankasportsnews අප වෙත වාර්තා වුණා. ඒ රවීන්ගේ සොයුරාගේ රූපවාහිනී නිෂ්පාදන ආයතනයෙන් මෙම කටයුතු සිදුකර පවුලේ ව්‍යාපාරයක් බවට තරගාවලිය පත් කර ගැනීමයි. මේ අතර කණ්ඩායම් පහෙන් දෙකක් ඩුබායි රාජ්‍ය කේන්ද්‍ර කර ගත් හා චෙන්නායි මෙන්ම පාකිස්තානය කේන්ද්‍ර කර ගත් ආයතනද මිලදී ගෙන ඇතැයිද රාවයක් පැතිරෙනවා. නිල වශයෙන් ඒවා ප්‍රකාශ කළ නොහැක්කේ කොස්සක් ඇති නිසා විය හැකියි. එම රාවය සත්‍ය නම් තවත් කණ්ඩායමක් වේලි වේලි ඇතැයි මතක තබා ගත යුතුයි. එවිට එම කණ්ඩායම සදහා විදෙස් ක්‍රීඩකයන් මිලදී ගැනීම ඇතුලු අනෙකුත් කටයුතු සදහා සියලු වියදම් ක්‍රිකට් ආයතනයට දැරීමට සිදුවනවා. කෙසේ වෙතත් ආදායමක් පැහැදිලි නැති වසර දෙකක් පුරා කල් ගිය තරගාවලියක කණ්ඩායම් මිලදී ගැනීමට ඉදිරිපත් වන ආයතන ගැන ඉතා සැලකිලිමත් විය යුතුයි. ඒ මුදලට තරග පාවාදීම් සදහා සම්බන්ධ බුකී ආයතන මෙලෙස ඉදිරිපත් වීමට වැඩි ඉඩක් තිබීම නිසයි. එසේ උවහොත් ලොව දූෂිතම ක්‍රිකට් රට බව සනාථ වීම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ යටතේ වනු ඇති.
මාධ්‍ය ඇන්දූ LPL ප්‍රෝඩාව ගැන අපේ හෙලිදරව්ව ක්‍රිකට් ආයතනය තහවුරු කරයි
මේ අතර තරගාවලිය නියෝජනය කිරීමේ අපේක්ෂාවෙන් විදෙස් ක්‍රීඩකයින් 420 දෙනෙකු අයැදුම් කර තිබූ අතර, ඉන් 150 දෙනෙකු පමණක් ක්‍රීඩක වෙන්දේසිය සඳහා සුදුසුකම් ලබා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර සදහන් කළා. අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ ඔක්තෝබර් 09 වැනිදා පැවැත්වීමට නියමිත ක්‍රීඩක වෙන්දේසියේදී තරග වදින කණ්ඩායම් 5 සඳහා එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු වන පරිදි විදෙස් ක්‍රීඩකයින් 30 දෙනෙකු තෝරා ගැනීමේ හැකියාව ඇතැයි සදහන්. මේ සදහා ක්‍රිස් ගේල්, ඩැරන් සමී, ඩැරන් බ්රාවෝ, ශයිඩ් අෆ්රිඩි, ශකිබ් අල් හසන්, රවී බොපාරා, ජොනී බෙයාර්ස්ටෝ, කොලින් මුන් රෝ, ලුක් රයිට් හා වර්නන් පීලෙන්ඩර් ඇතුලත් බව ක්‍රිකට් ආයතන නිවේදනයේ සදහන්. ඊට අමතරව අසල්වැසි ඉන්දියාවෙන් මෙම තරගාවලියට එක්වීමට කැමැත්ත පළකර ඇත්තේ ක්‍රීඩකයින් සිව් දෙනෙක් පමණයි. ඒ මුනාෆ් පටෙල්, ප්‍රවීන් කුමාර්, මන්ප්රීට් ඝෝනි හා ෂදාබ් ජකානියි. ඉන් මෙම තරගාවලියට විදෙස් ක්‍රීඩකයන් අතර කිසිදු ඉල්ලුමක් නැති බව පැහැදිලි වනවා. මේ අතර බංග්ලාදේශය සිය ක්‍රීඩකයින් සදහා මෙම තරගාවලියට එක්වීමට අවසර නොදෙන බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකරන මෙම ප්‍රෝඩාවට මරු පහරක් බවත් සටහන් කළ යුතුයි.
ක්‍රිකට් ආයතනයේ `දෙක නෑ´ `ලංකට් ප්‍රිමියර් ලීග්´ (LPL) ඇරඹේ ?
තරගාවලිය ලබන නොවැම්බර් 14 වැනිදා සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා පැවැත්වෙන බව කියමින් රවීන් වික්‍රමරත්න මේ දිනවල ක්‍රිකට් ආයතනයේ කොරිඩෝවේ බැම්ම උඩට වී නිතරම සිගර්ට් උරමින් සිටිනු දක්නට පුලුවන්. අනතුරුව හදිස්සියෙන් මෙන් කාමරයට වැදී සිය ලේකම්වරිය හුරතල් කරන්නේ කිසිදු බිය සැකයක් නැතුවයි. මෙලෙස ලේකම්වරිය හුරතල් කරන වීඩියෝවක් අප වෙත ලැබී ඇතත් එය ප්‍රසිද්ධ නොකරන්නේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ වෙත අවස්තාවක් ලබා දෙමිනුයි. ඒ ක්‍රීඩා අමාත්‍යාංශයේ වාර්තාවක් මගින් ක්‍රිකට් තරග පාවාදෙන්නෙක් ලෙස නම්කර ඇති ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්නට එරහිව පියවර ගනිමින් සැබෑ අමාත්‍යවරයා සතු යුතුකම් ඉටුකිරීම වෙනුවෙන් බව සටහන් කළ යුතුයි. ක්‍රීඩාවේ වෙනස්කම් කිරීමට ඇමතිවරයාට මෙතරම් සාක්ෂි සාධක හිමිවූ යුගයක් මීට පෙර කිසිදා තිබී නැහැ. එක් පැත්තකින් රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදුකළ විශේෂ විගණන වාර්තාවේ ක්‍රිකට් දූෂණ රැසක් පිලිබද කරුණු සදහන්. අනෙක් පැත්තෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සිදුකළ පරීක්ෂණ වාර්තා තිබෙනවා. මේ කිසිවකට මෙතෙක් ක්‍රියාත්මක නොවූ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සනාථ කරන්නේ මහ හොරුන්ට එරෙහිව ක්‍රියාත්මක නොවන බව යැයි නුදුරේදීම ජනතාව කියනු නොඅනුමානයි. හිටි හැටියේ කිසිවෙක්ට ප්‍රයෝජනවත් නොවූ බැලේ නර්තන සංගමයේ ලියාපදිංචිය නම් පසුගියදා අත්හිටවූ බව සිහිපත් කළ යුතුයි.
ක්‍රිකට් මගුල් සක්වලට අලුත් සුරතලියන් ගනී - Exclusive Exposed
බාලගිරි තරගාවලිය සුදු අලියෙක් බවට මෙය පැවැත්වුවත් පත්වනු ඇති. ඒ කිසිදු ආදායමක් නැතුව වියදම් පමණක් තිබූ තරගාවලියක් ලෙසයි. මෙම තරගාවලියේ ප්‍රධාන අධ්යක්ෂ ලෙස ක්‍රිකට් ආයතන උප සභාපති රවීන් වික්‍රමරත්න කටයුතු කරන්නේ ස්වේච්ඡා සේවයට කියා පැමිණ ඔහු වෙනුවෙන් හා නීත්‍යානුකූල බිරිද වෙනුවෙන්ද ක්‍රිකට් ආයතන වාහන දෙකක් භාවිතා කරමිනුයි. මීට පෙර දවසට ඇමරිකා ඩොලර් 350 බැගින් රැගෙන විදෙස් සංචාර ක්‍රිකට් ආයතන පිහිටෙන් ගොස් කුට්ටිය කැඩූ ඔහු පසුගිය කාලයේ සංචාර නොවීම හේතුවෙන් නියෝ නියෝ සිටියේ ඉල්ලමක් ලැබෙන තුරුයි. දැන් එය එල්.පී.එල් ( LPL ) ලෙස ලැබී තිබෙනවා. ඔය කුට්ටියෙන් ඇමතිවරයා සැනසීමට කටයුතු නොකරනු ඇතැයි සිතීමට පුලුවන් කමක් නැහැ. මෙම තරගාවලිය විදේශිකයන් තුල ශ්‍රී ලංකාව ආරක්ෂාකාරී රටක් යන හැගීම ජනිත කළ හැකි එකක් ලෙස ක්‍රිකට් ආයතනය රජය රවටමින් සිටිනවා. අන්තිමට ගහපු පදේකුත් නෑ බෙරේ පලුවකුත් නැති බව තේරුම් ගන්නා විට පෙරහැර ගොස් අවසන් වනු ඇති. මේ අතර ක්‍රිකට් ආයතනය විසුරුවා අතුරු කමිටුවක් පත් නොකිරීමට ආන්ඩුවට බැස්සූ බෝලයද මෙම තරගාවලිය බව සදහන්.
ක්‍රිකට් මගුල් සක්වල සුරතලියන්ගේ හා පන්දමුන්ගේ වැටුප් ඉහලට - Exclusive Exposed
ක්‍රිකට් බේරා ගනිව් යැයි හැම තැනම කියමින් ඇවිද්ද කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන ක්‍රීඩා සභාවේ සිටියදී ක්‍රිකට් ආයතනය මෙලෙස අයාලේ යාමට තිරය පිටුපස කතාවක් නැතැයි සිතීමට බැහැ. පුදුමයට කරුණක් නම් පසුගිය කාලයේ ක්‍රිකට් හදන්න කතා කළ මොවුන් දෙදෙනාගේ තහනම් වචනය මේ වන විට ක්‍රිකට් වීමයි. මේ අතර 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාදුන් බවට එවක ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදුකළ චෝදනාවද යටපත්ව ගොස් අවසන්. දැන් ඒ පිලිබද මහේලලා හෝ මහින්දානන්ද කතා නොකිරීමත් කැපී පෙනෙනවා. මේ සියල්ල මැද ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ දූෂණයට එරහිව පියවර ගන්නා තුරු රටම විමසිල්ලෙන් බලා සිටින බව සටහන් නොකර බැහැ. එල්.පී.එල් (LPL) ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් ලංකා පෝස්පෝන්ඩ් ලීග් ක්‍රිකට් තරගාවලිය අවසානයේ සුපුරුදු වාර්ශික පන්දුවාර විස්සයි විස්ස අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය ලෝකල් ප්‍රිමියර් ලීග් (LPL) ලෙස නම පමණක් වෙනස් වෙමින් පැවැත්වෙනු ඇති. එය අපට නිශ්චිත ලෙසම උපහාසයෙන් යුතුව අවසානයට සටහන් කළ හැකියි.
No comments