පලංචියේ ලී ඉරුවේ අපි එකට
මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
එක වාඩියේ කල් ඇරියත් හිත හොඳට
ඇයි මස්සිනේ පෙම් කළේ අපි එක මලට
මේ ගීතය ඔබ අසා ඇතුවාට සැකයක් නැහැ. එහෙත් එය වෙනස් කර ගායනා කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සේවකයෙක් පසුගියදා Lankasportsnews අපට මුණ ගැසුණා. රූපවාහිනී මාධ්‍ය අත්දැකීම් ඇති ඉදිරිපත් කිරීමේ දක්ෂතා දක්වන ඔහු අපූරුවට නව ගීතය නිර්මාණය කර තිබූ බව කිව යුතුයි. එලෙස මිමිණු ගීතයේ පද මෙලෙසයි.
ක්‍රිකට් එකේ හොර කෙරුවේ අපි එකට
ඩොලර් වලට ෆික්ස් කෙරුවෙත් අපි එකට
එක ආයතනයේ කල් ඇරියෙත් හිත හොඳට
ඇයි මස්සිනේ පෙම් කළේ අපි එක සෙකට්ට්‍රිට
අයියා මොකද මේ ලොකු සතුටකින්. බෝනස් දෙනව කියල වත් කිව්වද ? පිස්සුද මල්ලි. ගිය පාර වගෙම මේ පාරත් බෝනස් නම් නෑ. ඒක ශුවර්. එහෙනම් මොකක්ද වාසිය. වාසියක් නෙමෙයි. එහෙනම් තනියම හිනා වෙවී සින්දු කියන්නේ. මල්ලි ඇටි කෙහෙල් කාපු රිලව් දැකල තියෙනවද ? දැකල නම් නෑ අයියේ. අහල නම් තියෙනවා. එහෙනම් මේ දවස්වල අපේ උප සභාපති රවීන් වික්‍රමරත්නවයි හෙඩ් ඔෆ් ඇඩ්මින් ( පරිපාලන කළමනාකරු ) අරුණ ද සිල්වායි ඉන්න විදිහ බලන්න ඕන. මොකක්ද සීන් එක. සීන් එක කියන්නම්. බලල එන්න පුලුවන් වුනා නම්, පට්ට වටිනවා. ඔන්න ඔහොමයි මේ කතාව එලියට ආවේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උප සභාපති රවීන් වික්‍රමරත්න පසුගියදා නිරූපිකාවක් සිය ලේකම්වරිය ලෙස බදවා ගත් බව අප වාර්තා කළා ඔබට මතක ඇති. ඇයට කාර්යාලීය ලිපිලේඛන වැඩ හැර අනිත් සියල්ල පුලුවන් හා කරන බව Lankasportsnews අප අනාවරණය කළා. පෙම්වතුන් ලෙස ඔවුන් දෙදෙනා ක්‍රිකට් ආයතනය තුල හැසිරෙන බවත් අප සදහන් කළා. එම අතීත කතාව නොදන්න හා අමතක අය මෙතනින් ඒ කතාව බලන්න.
ක්‍රිකට් මගුල් සක්වලට අලුත් සුරතලියන් ගනී - Exclusive Exposed
මෙම ලේකම්වරිය වන ජැකීට ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න හා පරිපාලන කළමනාකරු අරුණ ද සිල්වා පසුගිය කාලයේ වහ වැටී සිටියා. රූපයෙන් අග තැන්පත් ඇයට සැලකුම් කිරීමට ඔවුන් දෙදෙනා අතර පැවතියේ තරගයක් බවයි මෙම තොරතුරු ඇතුලත් ක්‍රිකට් ආයතන සේවක අප හිතවතා පැවසුවේ. මෙම සැලකුම් තරගය නිසාම සැමියාගෙන් වෙන්ව සිටින බව කියන ඇයට නවාතැන් ඇතුලු පහසුකම් වෙනුවෙන් මෙම නාකි මනමාලයන් දෙදෙනා රුපියල් ලක්ෂ 15 කට අධික මුදලක් ආයෝජනය කර තිබෙනවා. ඒ ඇගෙන් නැවත මුදල් ලැබෙන බවට හා පොලිය ලෙස අනෙක් දේවල් හිමිවන බවට වූ පොරොන්දු හා විශ්වාසයටයි. එහෙත් පසුගියදා ඇය මෙම දෙදෙනාටම කොකා පෙන්නා ආයතනයේම සිටින පරිඝණක අංශ තිලිණ සමගින් හාද වී ඇතැයි වාර්තා වනවා. එය එලිපිට නොපෙන්වීම නිසා ඔවුන් දෙදෙනාටම අතටම එය අල්ලා ගැනීමට හැකිව නැහැ. එහෙත් සූක්ෂම ලෙස ඔවුන් දෙදෙනාව ඇය දැන් මග අරිමින් සිටිනවා. එසේ වෙද්දී ගහෙන් වැටුනු මිනිහට ගොනාත් ඇන තිබෙනවා.
ක්‍රිකට් මගුල් සක්වල සුරතලියන්ගේ හා පන්දමුන්ගේ වැටුප් ඉහලට - Exclusive Exposed
අප කතා නායිකාව වන ජැකීගේ හිටපු ස්වාමියා පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණ තිබෙනවා. ඒ නිකං නොව ජැකීගේ කලින් මුදල් ගණුදෙනු නිසා අමාරුවේ වැටුණු පිරිමින්ගේ ඡායාරූපත් සමගයි. ඔහු පවසා ඇත්තේ මේ ඉන්නේ 64 ට රැවටී මුදල් හා ඇදිවත පවා අහිමි වූ පිරිස බවයි. මේ නිසා ඇයට රැවටී මුදල් නොදෙන ලෙසයි ඔහු පවසා ඇත්තේ. බොහොම ස්තූතියි දැනුවත් කිරීමට යැයි පවසා ඔහුව ආයතනයෙන් පිටත් කර ඇත්තේ වතුර බාල්දියක් සොයමිනුයි. ඒ කතාව අසා සිටි මෙම ප්‍රේමාතුරයන්ගේ හිස ගිණි ගෙන තිබුණා. මන්ද ඒ වන විටත් ඔවුන් දෙදෙනා තරගයට ඇයට මුදල් ලබාදී අවසන් නිසයි. එම මුදල් ඉල්ලීමට නොහකිව හා ඇගේ ප්‍රතික්ෂේප කිරීම් හමුවේ අන්ත අසරණව සිටීම නිසා රවීන් හා අරුණ මේ දිනවල මෙලෙස ඇටි කෙහෙල් කෑ රිලවුන්ට ඇද තිබෙනවා. තමන්ගේ හැකියාවන් ලොවට වමාරනු ඇතැයි බය නිසාවෙන් ඔවුන්ට ජැකීට කිසිවක් කීමට නොහැකිවීම මෙම තත්වය තවත් උග්‍ර කර ඇතැයි සදහන්. මේ නිසා කතාව මෙලෙස අවසන් වෙමින් තිබෙනවා.
දොඩමළු කතා නෑ අද ආයතනය සෙවනේ
නිදි නැති රැය පුරා නුඹේ සුසුමයි ඇසුනේ
හොර රහසින්ම එක සුවඳක් පැතු පවිනේ
නුඹවත් නැතිවේද හෙට මට සකි සඳුනේ
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට ක්‍රිකට් ආයතනය තහනම් වචනය වී තිබීම නිසා හිතූ හිතූ ලෙස නාඩගම් නැටීමට සියල්ලන්ට හැකිව තිබෙනවා. ක්‍රිකට් මගුල් සක්වල ලිංගික අල්ලස් ලබාදීම හා බලපෑම් සිදුවීම ඔබට මෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයාටත් අලුත් නැති බවයි අපේ විශ්වාසය. එහෙත් අවමාණයෙන් ලෝකය ඉදිරියේ ඇති පාවාදීමේ ප්‍රමුඛයා යන්නෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ගලවා ගැනීමට හෝ අමාත්‍ය නාමල් රාජපක්ෂට කිසිදු අවශ්‍යතාවක් ඇති බවක් මෙතෙක් දක්නට නැහැ. එය කිසිවෙක් බලාපොරොත්තු නොවූ බව අවසන් ලෙස සටහන් කරන්නේ අමාත්‍යවරයාගේ දේශපාලන අනාගතයටත් මෙම තත්වය සෘජුව බලපාන බව මතක් කරමිනුයි.
No comments:
Post a Comment