ජයන්තගේ පානෙන් ශිබ්ලිගේ ක්‍රිකට් කඩේ හිස් වේ - Exclusive Exposed
අහසට ඉණිමං බදින මිනිස්සු නැතුවාම නෙමෙයි. හද අල්ලන්න යන ඔවුන්ට අන්තිමේ අල්ලපු අත්තත් නෑ පයගහපු අත්තත් නෑ වාගේ සිදුවීම් වනවා ඔබ දැක ඇතුවාට සැකයක් නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් හදිස්සියේ ඉල්ලා අස්වූ උප සභාපති කේ. මතිවානන්ට සිදුවූවේ මෙවැන්නක් බව දැන් ඔබට සිතෙනු ඇති. ඒ ගැන නොව මේ කියන්න යන්නේ මතිවානන් ඉවත්වීම නිසා පිරිසකගේ හොද්ද බොර වී ඇති ආකාරයයි. අනුන්ගේ පානෙන් එලිය බලමින් ශිබ්ලි විල් කාසිම්ගේ කල්ල මරේ වී ඇති කතා වස්තුව මෙතැන් සිට දිග හැරෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් උප සභාපති කේ මතිවානන් ඉල්ලා අස්වී පැය තුනක් ගතවීමටත් පෙර එම පුරප්පාඩුව සදහා පරාජිත සභාපති අපේක්ෂක ජයන්ත ධර්මදාස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා. ඒ සියල්ල සති ගණනක සිට සැලසුම් කර තිබූ පිටපතකට අනුව සිදුවන්නක් ලෙසයි. අනතුරුව ජයන්ත ධර්මදාස වැඩ භාර ගැනීමට පෙර ඔහු වෙනුවෙන් වෙනම කාමරයක් සකස්කර ලබාදීම සිදු වුණා. සේවා කාලය තුල මතිවානන් අවස්තා රැසක ඉල්ලීම් කළත් ඔහුට නිල කාර්යාල කාමරයක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේ නැහැ. කෙසේ වෙතත් ජයන්තව පාවඩ දමා පිලිගත් ක්‍රිකට් බලධාරීන් ඉන් බලාපොරොත්තු වන්නේ ආන්ඩුව සමඟ හොද හිත ඇති කර ගැනීමේ පාලමක් බව නොරහසක්. ජයන්ත ධර්මදාස වැඩ භාර ගැනීමට පෙර පැමිණ කාමරය සකස්කළ ඔහුගේ චක් ගෝල ප්‍රියන්ත අල්ගම දැන් ක්‍රිකට් ආයතනයට පැමිණෙන් නැහැ. මීට පෙර තිලංග සුමතිපාල ක්‍රිකට් ආයතන සභාපති ලෙස කටයුතු කළ සමයේත් ජයන්ත ධර්මදාස උප සභාපති ලෙස සිටියා. එහෙත් සිදුවන දූෂණ අක්‍රමිකතා පෙන්වාදුන් ඔහු ඉන් ඉල්ලා අස්වුණා. ඊට දින කිහිපයකට පසු එවක ක්‍රිකට් විධායක කමිටු සාමාජික මෙම ප්‍රියන්ත අල්ගමද ඉල්ලා අස්වුණා. මෙවර යලිත් ජයන්ත ඉදිරියෙන් ක්‍රිකට් ආයතනයට පැමිණි ඔහු මේ වන විට පේන්න නැත්තේ සිදුවන කටයුතු සදහා විරෝධයක් ලෙස බවයි ඔහුගේ සමීපතමයෙක් lankasportsnews වෙත කියා සිටියේ.
මතී යයි ධර්මදාස එයි - ශම්මි තිලංගට පයින් ගහයි
ජයන්ත ධර්මදාස ක්‍රිකට් ආයතන උප සභාපති ලෙස වැඩ භාර ගන්නා විට ඔහු පසුපසින් තවත් චක් ගෝලයෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට රිංගා ගත්තා. ඒ අප කතා නායක ශිබ්ලි විල් කාසිම්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජයන්තට අත දිග හැර සලනක බව පෙන්වමින් ජාත්‍යන්තර ක්‍රිකට් අංශය ඔහුට භාර දුන්නා. එහෙත් හිටපු උප සභාපති මතිවානන්ට ක්‍රිකට් ආයතනය කිසිවක් භාර නොදී කොන් කර තිබුණා. ඒ ක්‍රිකට් නිලවරණයේදී මතිවානන් දූෂණයට එරහිව ජයන්තට සහය දැක්වීම නිසයි. ජයන්ත ජාත්‍යන්තර ක්‍රිකට් භාර ගත් දින සිට මේ දක්වා කිසිදු තරගයක් නොපැවැත්වුණත් සතියට දින කිහිපයක් ක්‍රිකට් ආයතනයට පැමිණ කාලය ගත කරනවා. ඒ අතර ශිබ්ලි විල් කාසිම් සිය මඩිය තර කර ගැනීමට කටයුතු කරනවා. ඒ හතර මායිමේ ඇවිදිමින් පිලිගත් ටෙන්ඩර් පටිපාටියෙන් තොරව සිය ක්‍රිකට් ශොප් නම් ක්‍රීඩා භාණ්ඩ අලෙවි සැලෙන් වැඩි වැඩියෙන් ක්‍රිකට් ආම්පන්න බෑග් මිලදී ගැනීමට ක්‍රිකට් ආයතනය පොළඹවමිනුයි.
ශිබ්ලි විල් කාසිම් මේ වන විට සිය ක්‍රිකට් ශොප් පෞද්ගලික ආයතයෙන් රුපියල් ලක්ෂ 80 කට අධික ක්‍රිකට් ආම්පන්න බෑග් මෙලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබා දී තිබෙනවා. ඒ පිලිගත් ටෙන්ඩර් පටිපාටියෙන් තොරව බව වාර්තා වනවා. එලෙස ලබා ගත් ක්‍රිකට් ආම්පන්න බෑග් ක්‍රිකට් ආයතනය පසුගියදා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ වෙතද බෙදා දීම සදහා ලබා දුන්නා. ක්‍රීඩා අමාත්‍යවරයාගේ හොද හිත දිනා ගැනීම එහිදී ඔවුන් බලාපොරොත්තු වන අතර ශිබ්ලි විල් කාසිම් සිය මල්ල පුරෝ ගැනීම සදහා මෙම යෝජනාව ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාට සිදුකර ඇතැයි සදහන්. කොරෝනා නිසා ජන ජීවිතය අඩාල වී ඇති කාලයක ක්‍රිකට් ශොප් පෞද්ගලික ආයතනයේ පසුගිය කාලයේම බඩු විකිණී නැහැ. එලෙස එකතු වූ සියල්ල ක්‍රිකට් ආයතනයට පැටවීමෙන් ලාභය දෙගුණ තෙගුණ කර ගැනීමට ඔහුට හැකි වූ බවත් සදහන්.
මෙලෙස සිය ක්‍රිකට් ශොප් පෞද්ගලික ආයතනය හිස් වෙමින් යන විට ක්‍රිකට් ආයතනයෙන් ලොතරැයියක්ද ඔහුට ඇදී තිබෙනවා. ඒ හදිස්සියේ ක්‍රිකට් ආයතනය මිලදී ගත් ජීප් රථයක් ඔහුගේ පරිහරණය සදහා වෙන් වීමයි. පසුගියදා ක්‍රිකට් ආයතනය වාහන හයක් මිලදී ගත් අතර එහි එක් ජීප් රථයක් උප සභාපති ජයන්ත ධර්මදාසට ලබා දී තිබුණා. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් අංශය වෙනුවෙන් බව සදහන් කරමින්. නවලෝක රෝහලේ අධිපති ජයන්ත ධර්මදාස මෙම වාහනය සිය චක් ගෝල ශිබ්ලි විල් කාසිම් වෙත ලබාදීමට සත් ගුණවත් වුණා. ශිබ්ලි විල් කාසිම් ක්‍රිකට් ආයතනයෙන් ඉන්දන ලබා ගනිමින් එම වාහනය සිය පෞද්ගලික බූදලයක් ලෙස පරිහරණය කරමින් සිටිනවා. මේ නිසාවෙන් කොල්ලුපිටිය ක්‍රිකට් ශොප් ආයතනය ඉදිරිපිට නිතර මෙම රථය දවසේ වැඩි කාලයක් දක්නට ලැබෙනවා. එමෙන්ම ශිබ්ලිගේ බිරිද අනෙකුත් පෞද්ගලික කටයුතු හා ව්‍යාපාර සදහා භාවිත කටන්නේද මෙම රථයයි. ඒ ඉන්දන හා නඩත්තුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකිරීමේ උපරිම ප්‍රයෝජන ගනිමින්. ෂිබ්ලි කියන්නේ එදා පටන්ම ජයන්තගෙ පානෙන් එළිය බලන්නෙක් බව සිහිපත් කළ යුතුයි. එමෙන්ම හොරකම් වලට විරුද්ධයි කියන ජයන්තත් ෂිබ්ලි වගේ පල් හොරුන්ට මහ දවල් හොරකම් කරන්න ඉඩ දෙන හැටි ක්‍රිකට් ආයතනයේ සුළු සේවකයාගේ පටන් හෙළා දකිනවා.
හිදෙන ක්‍රිකට් ආයතනයට සුඛෝපබෝගී වාහන 6 ක් - නාස්තිය දැක දැක ඇමති නිහඩයි - Exclusive Exposed
මේ අතර තරග සංචාර සංවිධාන කමිටුවේ ට්‍රැවිස් ප්‍රනාන්දු සුපුරුදු හෝටල් කාමර වෙන් කිරීමේ කොමිස් කුට්ටි සාක්කුවට දා ගැනීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ හෝටල් වෙන් කිරීම වෙනුවෙන් හම්බන්තොට හා පල්ලෙකැලේ මෙම කටයුතු ජයටම සිදුවන බව වාර්තා වනවා. ඒ පිලිබද ඇතුළු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පිලිබද අති විශේෂ හෙලිදරව්වක් ඉදිරියේදී Lankasportsnews අප අනාවරණය කිරීමට සැලසුම් කර තිබෙනවා.
යොවුන් ක්‍රීඩකයන් අන්දන LPL ක්‍රිකට් ප්‍රෝඩාව - Exclusive Exposed
ජාති අන්ධයාට වර්ණ ගැන කියා පළක් නැත. එලෙස අත්දැකීම් නැති දෙයක් ගැන කතා කිරීම නිෂ්ඵල වනවා. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරහිව කටයුතු නොකිරීම එවන් තත්වයක් බව පෙනෙන්න තිබෙනවා. අන්ත දූෂිත බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා සාක්ෂි සහිතව කෝප් කමිටුව අනාවරණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැන කිසිදු ක්‍රීඩා ඇමතිවරයෙක් පසුගිය කාලයේ තීන්දු තීරණය ගත්තේ නැහැ. ක්‍රිකට් කා දමන්නන්ට ජනතාව දක්වන ප්‍රතිචාරයට තිලංග සුමතිපාල හොඳම උදාහරණයක් බව කිව යුතුයි. ක්‍රිකට් ලෝලීන් වැඩි දෙනෙක් සිටින මොරටුවෙන් ඔහු පසුගිය මහ මැතිවරණයෙන් අතුගා දමනු ලැබුවා. ඒ මහින්ද රාජපක්ෂ ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට අවස්තා කිහිපයකදීම එක්ව තිබියදී වීම කැපී පෙනුනා. ඉතින් එම පාරේම යනවා නම් වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ අනාගතය ද සිතන පතන තරම් පැහැබර නොවනු ඇති. සල්ලි බලයට මෙම තත්වය ඇතිව තිබෙන්නේ පෙර හිතවත්කම්ද ඉදිරියට එමින් බවයි බොහෝ දෙනෙක් පවසන්නේ. කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ කටයුතු ගැන පෙරට වඩා වැඩි උවමනාවකින් ජනතාව බලා සිටින බව ඉහිපත් කළ යුතුයි. මාධ්‍ය සංදර්ශන තුලින් ප්‍රතිරූප ගොඩ නගා ගත නොහැකි බව පමණක් අවසන් ලෙස අප අමාත්‍යවරයාට මතක් කරනවා.
No comments