• Breaking News

    ලංකා ප්‍රිමිය ලීග් (LPL) යට සැගවුණු ඇත්ත කතාව - Exclusive Exposed


    ඇන්දීම කලාවක් නම් එහි පිකාසෝලෝ ඉන්න ප්‍රමුඛ තැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි. එහෙත් දේශපාලනඥයින් නිදහසින් පසු මේ දක්වා රටම අන්දන නිසා ඔවුන් ක්‍රිකට් ආයතන බලධාරීන්ට වඩා දක්ෂයින් බව ඔබට සිතෙනු ඇති. ඒ අතරත් දේශපාලන පවුලක් ඉදිරියෙන් සිටින බව තවත් කෙනෙක්ට හිතේවි. එහෙත් එම දේශපාලනඥයින් පවා අන්දමින් කලින් කලට එකම පිරිසක් තට්ටු මාරු ක්‍රිමයට බලයට එන ක්‍රිකට් ආයතන බලධාරීන් හොරුන්ගෙත් හොරු කම්බ හොරු වී සිටින බව මේ වන විට තහවුරු වීම අපේ කතාව සනාථ කරනවා. රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදුකළ විශේෂ විගණන වාර්තාවේ සාක්ෂි සහිතව එය දැක්වෙනවා. LPL හෙවත් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන මස 21 වැනිදා ( 2020 නොවැම්බර් 21 ) පැවැත්වෙන  බව කියා ක්‍රීඩක වෙන්දේසියක් පවත්වනු ලැබුවා. මේ කිසිදු මාධ්‍යක් මෙතෙක් වාර්තා නොකළ එහි ඇතුලත කතාවයි.


    ලංකා ප්‍රිමියර් ලීග් ( LPL ) තරගාවලිය ලබන නොවැම්බර් මස 21 වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා වූ කාල සීමාවේදී පල්ලකැලේ සහ හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. කොළඹ, මහනුවර, දඹුල්ල, ගාල්ල සහ යාපනය යන නගර මුල් කරගනිමින් කණ්ඩායම් 5 ක් මෙම තරගාවලිය නියෝජනය කරනු ලබනවා. දින 15 ක කාලයක් පුරා විහිදෙන තරගාවලිය අවසන් මහ තරගයද ඇතුළුව සමස්ථ තරග 23 කින් සමන්විත බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. තණතීරු සැකසීම පිළිබද ප්‍රායෝගික දැනුමකින් තොරව සකස් කොට ඇති තරග සටහනද නැවත අනිවාර්‍යෙන් වෙනස්වන බව අපි කියනවා.



    අන්තර්ජාල තාක්ෂණය උපයෝගී කරගනිමින් පැවැති අදාළ ක්‍රීඩක තෝරා ගැනීමේදී කුසල් ජනිත් විසින් නායකත්වය ලබා දෙනු ලබන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම විසින් ක්‍රිස් ගේල්ගේ සහාය ලබා ගනිද්දී එහි පුහුණුකරු ලෙස නම්කර ඇත්තේ හෂාන් තිලකරත්නයි. ඇන්ඩ්‍රෙ රසල්ව ඇන්ජලෝ මැතිව්ස් විසින් නායකත්වය ලබා දෙනු ලබන කලම්බෝ කිංග්ස් කණ්ඩායම තෝරා ගනිද්දී ඩේව් වට්මෝර් එම කණ්ඩායමේ පුහුණුකරු බව නිවේදනය කර තිබෙනවා. එම කණ්ඩායමට දකුණු අප්‍රිකානු පිලේ නායකයා ලෙසින් කටයුතු කළ ෆෆ් ඩු ප්ලෙසිද තෝරා ගත්තා. මොවුන්ට අමතරව, කාලෝස් බ්‍රැත්වයිට්, ඩේවිඩ් මාලන්, ඩේවිඩ් මිලර් සහ ෂහිඩ් අෆ්රිඩි කණ්ඩායම්වලට තේරී පත් වුණු සෙසු විදෙස් ක්‍රීඩකයෝයි. දසුන් ශානක විසින් දඹුල්ල හෝක්ස් පිලේ පුහුණුකරු ලෙස ජෝන් ලෙවිස් නම්කර තිබෙනවා. ලසිත් මාලිංග විසින් ගෝල් ග්ලැඩියේටර් පිල මෙහෙයවන්නේ මොයින් කාන්ගේ පුහුණුකාරීත්වය යටතේයි. තිසර පෙරේරා විසින් ජැෆ්නා ස්ටැලියන්ස් පිලද මෙහෙයවන බව නිවේදනය කළත් මෙතෙක් ඊට පුහුණුකරුවෙක් නම්කර නැහැ. එහෙත් එහි පුහුණුකරු ලෙස වෙන්දේසියට පැමිණියේ තිලිණ කණ්ඩම්බියි. නායකයකු ලෙස ලසිත් මාලිංගව නම් කොට ඇතත් ඔහුත් මෙයට එතරම් තැකීමක් නොදක්වන බවත් වාර්තා වෙනවා.


    මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික සහ දේශීය තරගාවලියන්හිදී දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් 258 දෙනෙකු කාණ්ඩ 4 ක් යටතේ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රීඩක තෝරා ගැනීම් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණා. එහිදී දේශීය ඉහළ (Gold Local) යටතේ ක්‍රීඩකයින් 21 ක්, දේශීය ක්ලැසික් (Classic Local) යටතේ ක්‍රීඩකයින් 36 ක්, නැගී එන දේශීය (Emerging Local) යටතේ ක්‍රීඩකයින් 109 ක් සහ අතිරේක දේශීය(Supplementary Local)  යටතේ ක්‍රීඩකයින් 92 දෙදෙනකු ඉදිරිපත් කොට තිබු බව නිවේදනය කළා. සැබවින්ම දේශීය ඉහළ (Gold Local) යටතේ වෙන්දේසියට ඉදිරිපත් කර සිටියේ ක්‍රීඩකයින් 20 දෙනෙකු පමණයි. ක්‍රීඩකයින් 19 ක් වෙන්දේසි වු පසු අවසන් ක්‍රීඩකයා ලෙස සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින නායක දිමුත් කරුණාරත්නයි. එහෙත් ඔහුව ලබා ගැනීම ජැෆ්නා ස්ටැලියන්ස් පුහුණුකරු ලෙස එක්වූ කණ්ඩම්බි  ප්‍රතික්ෂේප කළා. එක් කණ්ඩායමක් මෙම ඉහළ දේශීය ( Gold local ) යටතේ ක්‍රීඩකයින් සිව් දෙනෙක් තෝරා ගත යුතුමයි. මේ අනුව හදිස්සියේ වෙනත් ක්‍රීඩකයින් දෙදෙනෙක් ආදේශ ක්‍රීමට ඊට එක්ව සිටි ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා කටයුතු කළා. මෙලෙස දිමුත්ව ප්‍රතික්ෂේප කිරීමට හේතු වී ඇතැයි පැවසෙන්නේ ඔහු දක්ෂතා නොදක්වන්නෙක් බව පවසායි. එහෙත් නිමාවූ එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායක ලෙස එක්වූයේ දිමුත් කරුණාරත්නයි.




    එස්.එස්.සී ක්‍රීඩා සමාජ කණ්ඩායමේ පුහුණුකරු වන්නේ තිලිණ කණ්ඩම්බියි. ඔහු අති අසාර්ථක පුහුණුකරුවෙක් බව සනාථ කරමින් මෑත කාලයේ පළමු වරට දේශීය ක්‍රිකට් තරගාවලියේ පළඟ ශූරතාවය දක්වා එස්.එස්.සී කණ්ඩායම පහත වැටුනු අතර එහිදීද දිගින් දිගටම පරාජයන් රැල්ලකට මුහුණ දී සිටිනවා. එසේ තිබියදී කණ්ඩම්බි ජැෆ්නා ස්ටැලියන්ස් පුහුණුකරු ලෙස නිර්දේශ කළේ කවුද යන්න ප්‍රශ්නාර්ථයක්. අති අසාර්ථක පුහුණුකරු ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයා පන්දුවාර විස්සයි විස්ස තරගාවලියට නොසුදුසු බව පැවසීම මේ දිනවල ක්‍රිකට් ක්ෂේත්‍රයේ විහිලුවට ලක්වන කරුණක් බවට පත්ව තිබෙනවා.


    මෙලෙස කණ්ඩම්බි ප්‍රතික්ෂේප කිරීමත් සමග ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී වෙන්දේසියට ඉහළ දේශීය යටතේ නිර්දේශ කරන්නේ මිලින්ද සිරිවර්ධන හා බිනුර ෆනෑන්ඩුයි. ඒ පන්දුවාර විස්සයි විස්ස ඉහළ දක්ෂතා දක්වන වේගයෙන් පන්දුවට පහරදිය හැකි ඩිල්ෂාන් මුණවීර, පැතුම් නිශ්ශංක, චාමික කරුණාරත්න, සඳුන් වීරක්කොඩි, මාලින්ද පුෂ්පකුමාර, සචිත්‍ර සේනානායක, ජීවන් මෙන්ඩිස් හා රමිත් රඹුක්වැල්ල  සිටියදී වීම කැපී පෙනෙනවා. ඔවුන් අතර ඩිල්ෂාන් මුණවීර ලෝකයේ ප්‍රසිද්ධව සිටින්නේ විස්සයි විස්ස ලංකාවේ සිටින විශේෂඥ ක්‍රීඩකයෙක් ලෙසයි. ඇෆ්ගනිස්තාන, පාකිස්තාන හා බංග්ලාදේශ දේශීය පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි සදහා එක්වූ එකම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ ඔහුයි. එහෙත් ඔහු ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බව කියන මෙම ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් 5 ටම ඇතුලත්ව නැහැ. එය අති විශේෂ සිදුවීමක් වනවා. මේ අතර තිලිණ කණ්ඩම්බි සිය එස්.එස්.සී කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙම තෝරා ගැනීමේදී වැඩි ප්‍රමුඛත්වක් ලබාදුන් ආකාරයත් දක්නට ලැබුණා. ඒ පන්දුවාර විස්සයි විස්ස විශේෂඥ ක්‍රීඩකයන් අතහැර දමා වීම කැපී පෙනුනා.


    තිලිණ කණ්ඩම්බි එලෙස ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට සිය පුහුණුව යටතේ අති අසාර්ථක එස්.එස්.සී කණ්ඩායමේ ක්‍රීඩකයි තුන් දෙනෙක් කඩි මුඩියේ තෝරා ගත්තා. ඒ චරිත් අසලංක, නුවනිදු ෆනෑන්ඩු හා අෂේන් බණ්ඩාරයි. දේශීය එක්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ වේගවත්ම ශතකයට හිමිකම් කියන්නේ සදුන් වීරක්කොඩියි. සදුන් පන්දු 49 කදී ශතකය වාර්තා කළා. එහෙත් ඔහුව කණ්ඩම්බි තෝරා ගත්තේ නැහැ. ඒ එස්.එස්.සී කණ්ඩායම හැරදා බදුරලිය ක්‍රීඩා සමාජය තෝරා ගැනීමට සදුන් කටයුතු කිරීමට ප්‍රතිචාර ලෙස බව බොහෝ දෙනෙක් පවසනවා. දේශීය ලෙස නම් කළ පුහුණුකරුවන් දෙස බැලීමේදීත් කුකුසක් පහල වන්නේ මීට වඩා දක්ශ පුහුණුකරුවන් ලංකාවේ සිටියදී තෝරාගෙන ඇත්තේ අසාර්ථක පුහුණුකරුවන් වීමයි. මේ අතර ක්‍රීඩක වෙන්දේසියට කණ්ඩායමේ පුහුණුකරු හා නායක එක්වීමට ක්‍රිකට් ආයතනය අවසර ලබා දී තිබුණා. එහෙත් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමෙන් පමණක් ඊට අමතර අයෙක් එක්ව සිටියා. කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ නායක් කුසල් ජනිත් පෙරේරා හා පුහුණුකරු හෂාන් තිලකරත්න සමගින් මෙම පුද්ගලයා ඊට එක්ව ක්‍රීඩකයින් තෝරා ගන්නා බව දක්නට ලැබුණා. එය මේ වන විට බොහෝ දෙනෙක් තුල සැක මතු කරන කරුණක් වී තිබෙනවා. දේශීය හොඳ දක්ෂ පන්දුවාර විස්සයි විස්ස ක්‍රීඩකයන් නොමැති මෙවන් තරගාවලියකින් දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන් නැංවීමක් සිදු කෙරෙන්නේ කොහොමද යන්න ගැටලුවක්.


    SSC ක්‍රිකට් ක්‍රීඩා සමාජයෙන් බලු වැඩක් - වටේම දක්ෂයින්ව උස්සයි - Exclusive Exposed


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබන මස 21 මෙම තරගාවලිය අරඹන බව ප්‍රකාශ කළත් මෙතෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල අනුමැතිය ඊට හිමිව නැහැ. ඒ සදහා තවමත් සාකච්ජා පැවැත්වෙනවා. ඒවා සාර්ථක වී තරගාවලිය පැවැත්වීමට අනුමැතිය හිමිවුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අර්බුද රැසකට මුහුණ දෙනවා. එහි පළමුවැන්න කණ්ඩායම් සියල්ලටම හිමිකරුවන් නොවීමයි. සිටින හිමිකරුවන් පිලිබදවත් ආන්දෝලනාත්මක තොරතුරු අනාවරණයක් ඉදිරියේදී Lankasportsnews අප සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ අතර තරග පැවැත්වුවත් විදේශීය ක්‍රීඩකයින් තරගාවලියට එක්වීමට දින 14 ක අවම නිරෝදායන කාලයක් සම්පූර්ණ කළ යුතුයි. තවත් සතියක් හෝ අවම ලෙස ඔවුන් පුහුණුවීම් සිදුකළ යුතු වනවා. එසේ නම් අවම ලබන සතිය වන විට විදෙස් ක්‍රීඩකයන් ලංකාවට පැමිණිය යුතුයි. තරගාවලියට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි අනුමැතිය නැතුව විදෙස් ක්‍රීඩකයින් පැමිණේවිද යන්න ගැටළු සහගතයි.


    මේ අතර තරගාවලිය පැවැත්වීමට සිදුවන්නේ ක්‍රීඩා පිටියේ ප්‍රේක්ෂකයන් නොමැතිවයි. එවිට තරග නැරඹීමට ප්‍රේක්ෂකයාට සිදුවන්නේ රූපවාහිනී නාලිකාවකයි. ඉන්දියාවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක් පමණක් එක්වන මෙම තරගාවලියට තවම ජාත්‍යන්තර රූපවාහිනී විකාශනයට කිසිවෙක් ඉදිරිපත් වී නැහැ. එමෙන්ම දේශීය විකාශය සදහාත් කිසිවෙක් ඉදිරිපත් වී නැහැ. මේ අනුව තරගාවලිය රූපවාහිනී විකාශනයෙන් හිමිවන අති විශාල මුදල අහිමි වනවා. තරග බැලීමට ප්‍රේක්ෂකයන් නොවීම හේතුවෙන් ප්‍රවේශ පත්‍ර මුදල්ද අහිමි වනවා. හදිස්සියේ විකාශකයෙක් සොයා ගත්තත් අනුග්‍රහකයන් සොයා ගැනීමට නොහැකිව එම ආධායමත් අහිමි වනවා. එවිට ක්‍රිකට් ආයතනයට මෙය අතින් කාල හරක් බැලුවා වාගේ යැයි ගැමි වහරේ ඇති තරගාවලියක් බවට නිතැතින්ම පත්වනවා. මේ වන විටත් එක් කණ්ඩායමක හිමිකරු සිය ක්‍රීඩකයින්ට දැනුම් දී ඇත්තේ ක්‍රිකට් ආයතනය කියන ගණන් මෙම තරගාවලියට ලබාදිය නොහැකි බවයි.


    ලෝකල් ප්‍රිමියර් ලීග් වෙන රවීන්ගේ ලංකා පෝස්පෝන්ඩ් ක්‍රිකට් ලීග් - Exclusive Exposed


    මෙම සියලු කරුණු සලකා බැලීමේදී තරගාවලිය යලිත් වරක් කල් දැමීමට ඇති ඉඩ වැඩි බව ඔබට පෙනී යනවා ඇති. ක්‍රිකට් ආයතනය මෙලෙස තරගාවලිය පවත්වන බව වත්මන් රජය පත්වූ දින සිටම වැඩි වැඩියෙන් පවසමින් සිටිනවා. ඒ ක්‍රිකට් ආයතනය විසුරුවා අතුරු කමිටුවක් පත් කිරීමට ආන්ඩුව කටයුතු නොකිරීම සදහායි. ක්‍රිකට් ආයතනය පැවතියහොත් පමණක් ජාත්‍යන්තර අවධානය දිනා ගන්නා මෙම තරගාවලිය පැවැත්විය හැකි බවයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ වෙත පෙන්වා දී ඇති බවයි වාර්තා වන්නේ. ඒ නිසා කලින් කලට අලුත් කරමින් මෙම ප්‍රෝඩාව සිදුකරනවා. මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වැඩි අවධානයක් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියට යොමුකර ඇතැයි එහි මාධ්‍ය අංශ නිලධාරියෙක් lankasportsnews කළ විමසීමකදී කියා සිටියා. තරග පාවාදීම් ගැන චෝදනා ලැබුවන් හා ඔප්පු වී ඇති කිහිපදෙනෙක්ම මෙම තරගාවලියට සම්බන්ධ වී සිටීම ඊට හේතුවයි. මෙම තරගාවලියේ මහ මොළකරු ලෙස පෙනී සිටින රවීන් වික්‍රමරත්න එලෙස තරග පාවාදීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ පරීක්ෂණයක් මගින් වැරදිකරුවෙක් වූ අයෙක්. ඉතින් ලොව දූෂිතම ක්‍රිකට් රට ශ්‍රී ලංකාව බව යලිත් සනාථ කරන තරගාවලිය මෙය වීමට වැඩි ඉඩක් පවතිනවා.


    ක්‍රිකට් ආයතනයේ දැන් ඉන්න පාවාදීමේ ලොක්කා මෙන්න - සාක්ෂි - Exclusive Exposed


    මෙම තරගාවලියේ නිල ලාංඡනය නිර්මාණය කර ඇත්තේ අපූරු ආකාරයකටයි. එහි සිංහයාට හොදටම කේන්ති ගොස් මරන් කෑමට කඩන් පනින ආකාරයේ හිසක් දැක්වෙනවා. ඒ මෙම තරගාවලිය පවත්වන් නැතුව හැමදාම කල් දැමීම නිසා ඇතිවූ කේන්තියට විය හැකියි. පාවාදෙන්නන් පස්සෙන් කඩන් පැන්නීමක්ද විය හැක්කේ මෙහි මහ මොළකරු ලෙස පෙනී සිටින රවීන් ඊට නම් දැරූවෙක් නිසාවෙනුයි. නැතහොත් පැන දිවීමක් ලෙසත් එම රූපය විග්‍රහ කළ හැකියි. ඒ පාවාදෙන්නන් නිසා හා හැමදම කල් දැමීම නිසා පැන දුවන සිංහ මූණක් ලෙස පෙනීමයි.




    තීන්දු තීරණ ගන්නා ක්‍රීඩා ඇමතිවරයෙක් නොවීම ක්‍රිකට් ආයතන බලධාරීන්ට මෙම සෙල්ලම පහසු කර තිබෙනවා. මේ අභ්‍යන්තර කෝලම් කිසිත් නොදන්නා නාමල් රාජපක්ෂ තම සෝෂල් මීඩියා ගිණුම් වල මෙම තරගාවලිය දේශීය ක්‍රීඩා ආර්ථිකය ගොඩ නංවන්නක් ලෙස දක්වා තිබීම ඔහුගේ දැනුම හොඳින් පෙන්නුම් කරන අවස්ථාවක්. කන්ඩායම් පහේ ක්‍රීඩකයින් පිලිබද තොරතුරු පහත දැක්වෙනවා. මෙහිදී සිදුවූ තවත් සිදුවීම් රැසක තොරතුරු Lankasportsnews අප සතුයි. ඒවා ඉදිරියේදී ගෙන ඒමට අප සැලසුම් කර තිබෙනවා. එම තොරතුරු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ දැනුවත් වීම පිනිස ද හේතුවනු නොඅනුමානයි. Lankasportsnews අප යලි යලිත් පවසන්නේ (LPL) නොහොත් මෙම තරගාවලිය මෙතෙක් දිනක් පැවති ලංකා පෝස්පෝන්ඩ් ලීග් තරගාවලිය හෝ ලෝකල් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය බවට පත්වීමට තව දුරටත් වැඩි ඉඩක් පවතින බවයි. මීට පෙර අප ඒ පිලිබද මෙලෙස වාර්තා කළා ඔබට මතක ඇති. මාධ්‍යවේදීන් යනු එහෙයියන් පිරිසක් නොවේ. එහෙත් ලංකාවේ වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන් එහෙයියන්ගෙන් ඔබ්බට ගොස් වන්ධි බට්ඨයින් පිරිසක් වී තිබීම ජනතාවට සැබෑ තොරතුරු දැන ගැනීමේ අයිතිය අහිමි කර ඇති බව අවසන් ලෙස සටහන් කළ යුතුයි. 


    වටයකලම්බෝ කිංග්ස්දඹුල්ල හෝක්ස්ගෝල් ග්ලැඩියේටර්ජැෆ්නා ස්ටැලියන්ස්කැන්ඩි ටස්කර්ස්
    1ඇන්ජලෝ මැතිව්ස්දසුන් ශානකලසිත් මාලිංගතිසර පෙරේරාකුසල් ජනිත්
    2ඇන්ඩ්‍රෙ රසල්ඩේවිඩ් මිලර්ශහිඩ් අෆ්රිඩිඩේවිඩ් මාලන්ක්‍රිස් ගේල්
    3ෆෆ් ඩු ප්ලෙසිකාලෝස් බ්‍රැත්වේට්කොලින් ඉංග්‍රැම්වනිඳු හසරංගලියම් ප්ලන්කට්
    4මන්ප්‍රීට් ගෝනිහස්රාතුල්ලා සසායිෂොයෙබ් මලික්
    5මන්වින්දර බිස්ලාසමිත් පටෙල්මොහොමඩ් අමීර්උස්මාන් ශින්වාරිවහාබ් රියාස්
    6ඉසුරු උදානනිරෝෂන් දික්වැල්ලධනුෂ්ක ගුණතිලකඅවිෂ්ක ප්‍රනාන්දුකුසල් මෙන්ඩිස්
    7දිනේෂ් චන්දිමාල්ළහිරු උදාරභානුක රාජපක්ෂධනංජය ද සිල්වානුවන් ප්‍රදීප්
    8අමිල අපෝන්සුඕෂධ ප්‍රනාන්දුඅකිල ධනංජයසුරංග ලක්මාල්සීක්කුගේ ප්‍රසන්න
    9අශාන් ප්‍රියන්ජන්කසුන් රජිතමිලින්ද සිරිවර්ධනබිනුර ප්‍රනාන්දුඅසේල ගුණරත්න
    10රවින්ද්‍රපාල් සිංසෆ්‍රාස් අහමඩ්අසීෆ් අලීනවීනුල් හසන්
    11පෝල් ස්ට්‍රිලිංඅසාම් ඛාන්
    12දුෂ්මන්ත චමීරළහිරු මධුශංකලක්ෂාන් සඳකැන්මිනෝද් භානුකකමිඳු මෙන්ඩිස්
    13ජෙෆ්රි වැන්ඩර්සිඋපුල් තරංග ෂෙහාන් ජයසූරියචතුරංග ද සිල්වාඩිල්රුවන් පෙරේරා
    14තික්ෂිල ද සිල්වාඇන්ජලෝ පෙරේරාඅසිත ප්‍රනාන්දුප්‍රියමාල් පෙරේරා
    15තරිඳු කෞෂාල්රමේෂ් මෙන්ඩිස්නුවන් තුෂාරමහේෂ් තීක්ෂණකවීෂ අංජුල
    16ළහිරු උදාරපුලින තරංගමොහොමඩ් ශිරාස්චරිත් අසලංකලසිත් ඇඹුල්දෙණිය
    17හිමේෂ් රාමනායකඅශේන් බණ්ඩාරධනංජය ලක්ෂාන්නුවනිඳු ප්‍රනාන්දුළහිරු සමරකෝන්
    18කලන පෙරේරාඩිල්ෂාන් මදුශංකචානක රුවන්සිරිකනගරත්නම් කපිල්රාජ්නිශාන් මදුෂ්ක
    19තරිඳු රත්නායකසචිඳු කොළඹගේසහන් ආරච්චිතිවේන්ද්‍රියන් දිනෝෂන්චාමික එදිරිසිංහ
    20නවෝද් පරණවිතානදුවිඳු තිලකරත්නයියාකාන්ත් යියස්කාන්ත්ඉෂාන් ජයරත්න


    No comments