යොවුන් ක්‍රීඩකයන් අන්දන LPL ක්‍රිකට් ප්‍රෝඩාව - Exclusive Exposed
ගෙවුණු රාත්‍රිය පුරා නිදි වර්ජිතව සිටීමට ඔබට සිදුවන්න ඇති. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවත්වන බව කියන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සද්දයට නින්ද යන්න නැතුවාට සැකයක් නෑ. ගෙවුණු කාලය පුරාම ඔවුන් සිදුකළ එකම දෙය වූයේ කටින් බතල සිටුවීම පමණයි. ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ පපරේ සද්දෙත් අපූරුවට ගැලපී තිබූ බව ඔබට සිතුනාට සැකයක් නෑ. කෙසේ වෙතත් අවසානයට කියන්න ඉතිරි වන්නේ නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ කියා පමණක් වන පෙර නිමිති පහළ වී අවසන්. ලංකා ප්‍රිමියර් ලීග් මහමොළකරු සිදුකළ තරග පාවාදීම් ගැන පරීක්ෂණයක් විශේෂ විමර්ශන ඒකකය ඊයේ යලිත් ආරම්භ කර තිබියදී යොවුන් ක්‍රීඩකයන් හා රටම ඇන්දීමට ක්‍රිකට් ආයතනය කටයුතු කරන ආකාරය මෙතැන් සිට දිග හැරෙනවා.
ලංකා ප්‍රිමියර් ලීග් ( LPL ) තරගාවලිය ලබන නොවැම්බර් මස 21 වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා වූ කාල සීමාවේදී පල්ලකැලේ සහ හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. කොළඹ, මහනුවර, දඹුල්ල, ගාල්ල සහ යාපනය යන නගර මුල් කරගනිමින් කණ්ඩායම් 5 ක් මෙම තරගාවලිය නියෝජනය කරනු ලබනවා. දින 15 ක කාලයක් පුරා විහිදෙන තරගාවලිය අවසන් මහ තරගයද ඇතුළුව සමස්ථ තරග 23 කින් සමන්විත බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. තණතීරු සැකසීම පිළිබද ප්‍රායෝගික දැනුමකින් තොරව සකස් කොට ඇති තරග සටහනද නැවත අනිවාර්‍යෙන් වෙනස්වන බව අපි කියනවා. කුසල් ජනිත් විසින් නායකත්වය ලබා දෙන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස නම්කර ඇත්තේ හෂාන් තිලකරත්නයි. කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට හිමි වෙද්දී ඩේව් වට්මෝර් එම කණ්ඩායමේ පුහුණුකරු බව නිවේදනය කර තිබෙනවා. දසුන් ශානක විසින් දඹුල්ල හෝක්ස් පිල මෙහෙයවද්දී එහි පුහුණුකරු ලෙස නම් කර ඇත්තේ ජෝන් ලෙවිස්. ලසිත් මාලිංග විසින් ගෝල් ග්ලැඩියේටර් පිල මෙහෙයවන්නේ මොයින් කාන්ගේ පුහුණුකාරීත්වය යටතේයි. තිසර පෙරේරා විසින් ජැෆ්නා ස්ටැලියන්ස් පිල මෙහෙයවන බව නිවේදනය කළත් මෙතෙක් ඊට පුහුණුකරුවෙක් නම්කර නැහැ. එහෙත් එහි පුහුණුකරු ලෙස වෙන්දේසියට පැමිණියේ තිලිණ කණ්ඩම්බියි. නායකයකු ලෙස ලසිත් මාලිංගව නම් කොට ඇතත් ඔහු මෙය එතරම් තැකීමක් නොදක්වන බවත් වාර්තා වෙනවා.
ජාත්‍යන්තර සහ දේශීය තරගාවලියන්හිදී දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් 258 දෙනෙකු කාණ්ඩ 4 ක් යටතේ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රීඩක තෝරා ගැනීම් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණා. එහිදී දේශීය ඉහළ (Gold Local) යටතේ ක්‍රීඩකයින් 21 ක්, දේශීය ක්ලැසික් (Classic Local) යටතේ ක්‍රීඩකයින් 36 ක්, නැගී එන දේශීය (Emerging Local) යටතේ ක්‍රීඩකයින් 109 ක් සහ අතිරේක දේශීය(Supplementary Local) යටතේ ක්‍රීඩකයින් 92 දෙදෙනකු ඉදිරිපත් කොට තිබු බව නිවේදනය කළා. මෙලෙස ක්‍රීඩකයින් වර්ග කර වෙන්දේසියට ඉදිරිපත් කර තිබුනේ කාගේ නිර්දේශ මතදැයි යන්න රහසක් වී තිබෙනවා. මෙම තරගාවලි ප්‍රධානියා ලෙස හා මහමොළකරු ලෙස පෙනී සිටින ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න ක්‍රීඩක ලැයිස්තු සකසා ඇතැයි බොහෝ දෙනෙක් සිතා සිටිනවා. එහෙත් සත්‍ය ලෙසම දක්ෂතා නොසලකා ක්‍රීඩකයින් හිතූ හිතූ ලෙස වර්ග කර එය සකසා ඇත්තේ රවීන්ගේ සුරූපී ලේකම්වරිය වන ජැකී බව Lankasportsnews අපට අනාවරණය වුණා. පහත දැක්වෙන්නේ ඇගේ වික්‍රමයන් ගැන අප තැබූ පෙර සටහනයි.
එක මලට පෙම් බැඳ හොට පටලාගත් ලොක්කෝ දෙන්නා - ක්‍රිකට් මගුල් සක්වල - Exclusive Exposed
මෙම තරගාවලියේදී ජාත්‍යන්තර හා දේශීය ක්‍රීඩා පිටියේ පමණක් නොව වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින්ද කැපී ගොස් තිබෙනවා. වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායක නිපුන් ධනංජය එලෙස ජැකීගේ නොදැනුවත් කමට කැපී ගිය ප්‍රධාන ක්‍රීඩකයෙක්. නිපුන් වයස අවුරුදු 19 න් පහළ ලකුණු 1000 සම්පූර්ණ කළ ක්‍රීඩකයෙක් වනවා. පසුගියදා නිමාවූ වයස 23 න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී එස්.එස්.සී කණ්ඩායම නියෝජනය කරමින් වැඩිම ලකුණු ලාභියා හා තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාද වුණා. එහිදී ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය තරග 6 කදී 75.2 ක් ලෙස සටහන් වුණා. එමෙන්ම වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළ ලසිත් කෲස්පුල්ලේ, හසිත බෝයගොඩ හා නිපුන් රන්සික කැපී පෙනෙනවා. ශම්මු අශාන් හා පැතුම් නිශ්ශංකත් ඒ අතරට එක්කළ හැකි කැපීගිය යොවුන් ක්‍රීඩකයින් වනවා. එලෙස දක්ෂයින් කැපී ගියත් පිය උරුමයට දොරටු විවර වූ ක්‍රීඩකයින්ද සිටින බව පෙනී යනවා. ඔවුන් වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළ අය නොවේ. ගෝල් ග්ලැසියර් පිලට තෝරාගෙන ඇති හෂාන් තිලකරත්නගේ පුත් උවිඳු තිලකරත්න එවන් ආන්දෝලනාත්මක අයෙක්. චම්පක රාමනායක පුත් හිමේෂ් රාමනායක කලම්බෝ කිංග්ස් කණ්ඩායමට එලෙසින් ඇතුලත්ව සිටිනවා.
මේ අතර ප්‍රදේශ සැනසීම සදහාත් ක්‍රීඩකයින් නම් කිරීමේදී කටයුතු කර ඇත්තේ හාස්‍යජනක ලෙසයි. ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට එලෙස යාපනය ප්‍රදේශයේ ක්‍රීඩකයින් තුන් දෙනෙක් ඇතුලත් කර සිටිනවා. කනගරත්නම් කපිල්රාජ්, තිවේන්ද්‍රියන් දිනෝෂන් හා යියාකාන්ත් යියස්කාන්ත් මෙලෙස යාපනය දමිල ජනතාව සැනසීමට ඇතුළු වූ ක්‍රීඩකයන් වනවා. මෙලෙසම අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියටද යාපනයෙන් ක්‍රීඩකයි ඇතුලත් කිරීම සිදුවනවා. යාපනය දැන් ක්‍රිකට් අතින් දියුණු බව පෙන්වීමට පවතින රජයන් සැනසීමට මෙන්ම දේශපාලනඥයින් සමඟ එක්ව දමිල ජනයා රැවටීමට මෙය කලක සිට ක්‍රිකට් ආයතනය සිදුකරනවා. එහෙත් යුද්ධය නිමාවී වසර 12 කට ආසන්න කාලයක් ගතව ඇතත් තවමත් යාපනයට ඇත්තේ එක් තණතීරු සහිත ක්‍රීඩා පිටියක් පමණයි. ඒ ශාන්ත පැට්‍රික් විදුහල් ක්‍රීඩා පිටියයි. එහෙත් අවස්ථා රැසක අති විශාල මුදලක් වැයකර යාපනයට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියක් ඉදිකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කළා. පහත දැක්වෙන්නේ අවසන් වරට යාපනයේ ක්‍රීඩා සමාජ හා ජනතාව රැවටූ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටි කතාවයි.
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටි කෝලම යාපනේ තිරගතවේ
යොවුන් ක්‍රීඩකයන් බොහෝ දෙනෙක්ට හා දමිල ක්‍රීඩකයින්ට කණ්ඩායමේ 20 දෙනාගේ ලැයිස්තුවට ඇතුලත්ව ඇතත් තරග සදහා තෝරා ගන්නේ ඔවුන් අතරින් ක්‍රීඩකයින් 15 හෝ 16 දෙනෙක් පමණයි. මේ අනුව අනෙක් ක්‍රීඩකයින්ට සිදුවන්නේ අතිරේක ක්‍රීඩක ලැයිස්තුවට වී තරග නැරඹීමටයි. අඩුම තරමේ බංකුවේ සිටීමට 15 දෙනා අතරටවත් එක්වීමට නොහැකිවන බව ලැයිස්තුවට ඇතුලත් ක්‍රීඩකයින් දෙස බැලූ විට පෙනෙන්නට තිබෙනවා. ඉතිහාසයෙත් මෙසේ යොවුන් ක්‍රීඩකයන් අන්තර් පළාත් තරගාවලියේ 20 දෙනා අතරට නම් කළද අවසානයේ කණ්ඩායම නම් කිරීමේදී පුහුණුකරුවන් විසින් ඔවුන් කිසිවකුට ක්‍රීඩා කිරීමට අවස්ථාව නොදීම කැපී පෙනෙනවා. මෙවරත් වන්නේ එයමයි. අපේ බොහෝ දේශීය පුහුණුකරුවන් මේ තරගාවලි වල කළේ තම හිතවත් ක්‍රීඩකයන්ට එක දිගට ක්‍රීඩා කිරීමට වරම් ලබා දීමයි. මෙය බොහෝ විට දේශපාලන හිතවත්කම්,තරග දීමනා කොමිස් මුදල් හා විස්කි බෝතල් මත සිදු කෙරෙන්නක්. අනෙක් රටවල් මෙවන් තරගාවලි සංවිධාන කරන්නේ සිය යොවුන් ක්‍රීඩකයින්ට ජාතික කණ්ඩායමේ එකොලොස් දෙනා අතරට එක්වීමට අවශ්‍ය පන්නරය ලබාදීමටයි. ලංකාවේ අනික් මාද්‍ය කරුවන් නොදන්නවාට මේ ගැන අප ළඟ සාක්ෂි පවා තිබෙන බව කියන්නේ වගකීමකින්. ඒ බව හෙළිදරව් කළොත් ක්‍රිකට් ආයතනයේ සිටින බොහෝ නම් දරණ පුහුණුකරුවන්ට යන්නවෙන්නේ කලිසම් නැතිවයි. ඉතින් ලංකාව තරගවලිය සංවිධාන කරන්නේ දක්ෂතා දක්වන යොවුන් ක්‍රීඩකයින්ව බංකුවටත් නොගෙන ඉවත් වන ලෙසයි.
ක්‍රිකට් විනිසුරුවන් නිරුවත් කරමින් හැපීඩැඩ් නොදැවී ලකුණු රැස්කරයි - Exclusive Exposed
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ප්‍රධානී රාහුල් ඩ්‍රාවිඩ් පවසන්නේ සිය (IPL) තරගාවලිය යොවුන් ක්‍රීඩකයින් ජාතික කණ්ඩායමේ දොරටු විවර කිරීම සදහා සැලසුම් කර පවත්වන බවයි. මේ නිසාවෙන් ඉන්දීය ජාතික කණ්ඩායම සෑම විටම දක්ෂයින්ගෙන් පිරුණු ඉහළ තරගකාරීත්වයක් සහිත බව ඔහු පෙන්වා දෙනවා. පෘතුවි ශොව්, ඉශාන් ක්‍රිෂාන්, තියූජි, නගීර්කොටි, බුශ්නෝයි, රිශාබ් පාන්ට්, මල්වි, රියන් ප්‍රොග්, මපීර්ප්‍රීට් සින්ග් හා ග්‍රෝග් එලෙස දක්ෂතා හදුනා ගනිමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්කළ යොවුන් ක්‍රීඩකයින් ලෙස සදහන්. එමගින් ඔවුන් බලාපොරොත්තු වන්නේ ජාත්‍යන්තර තලයේ අත්දැකීම් සහිතව නව ක්‍රීඩකයින් නිර්මාණය කිරීමයි. එහෙත් ලංකාවේ සිදුව ඇත්තේ එහි කණපිට බව ඔබට දැන් පැහැදිලි ඇති. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ.
ලංකා ප්‍රිමිය ලීග් (LPL) යට සැගවුණු ඇත්ත කතාව - Exclusive Exposed
මෙම ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මහමොළකරු ලෙස පෙනී සිටින ක්‍රිකට් ආයතන උප සභාපති රවීන් වික්‍රමරත්න තරග පාවාදීම් සදහා සෘජුව වරදකරු ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය සිදුකළ පරීක්ෂණ දෙකකදී තහවුරු වී තිබෙනවා. පාලිත කුමාරසිංහ කමිටු වාර්තාව දක්වමින් අප එය දිගින් දිගටම වාර්තා කළා. මේ අනුව ඒ පිලිබද අවධානය යොමු කරමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ක්‍රීඩාවල වැරදි වැලැක්වීමේ විමර්ශන ඒකකයට පරීක්ෂණයක් පැවැත්වීමට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ Lankasportsnews අප පසුගිය කාලයේ වාර්තා කළ ප්‍රවෘත්ති පාදක කර ගනිමින්. සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටා ඇති මෙම විමර්ශන ඒකකය මේ වන විටත් එම පැමිණිල්ල විභාග කිරීම ආරම්භ කර තිබෙනවා. එහෙත් මේ බව වාර්තා වීමෙන් පසු රවීන් වික්‍රමරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුල පාරම් බා ඇත්තේ මෙම පරීක්ෂණය නමට සිදුවන්නක් පමණක් බවයි. ක්‍රිකට් ආයතන මාධ්‍ය අංශ අප හිතවතා සිය රූපන හැකියාව හා හඩ භාවිතා කරමින් Lankasportsnews අපට ඒ බව අපූරුවට අභිරූපනය කළා. රවීන් පවසා ඇත්තේ මෙම පරීක්ෂණය ඇමතිවරයා සියල්ලන්ට ලබාදුන් තාවකාලික විනෝදයක් පමණක් බවයි. ඉන් ඔහුට කිසිවක් සිදු නොවන බවත් තව දුරටත් ඇමතිවරයා තම සාක්කුවට වැටීමක් පමණක් ඉන් සිදුවූ බවයි ඔහු වැඩිදුරටත් පවසමින් ඇති බව වාර්තා වන්නේ.
ක්‍රිකට් ආයතනයේ දැන් ඉන්න පාවාදීමේ ලොක්කා මෙන්න - සාක්ෂි - Exclusive Exposed
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සැබවින්ම ක්‍රීඩාවට හිතැති පාලකයෙක් නම් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ සිදුවන මෙම දක්ෂයින් කපා දැමීම පිලිබද අවධානය යොමු කරන්න. එම ක්‍රීඩකයින්ට සාධාරණයක් කිරීමට මැදිහත් වන්න. 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ නිපුන් ධනංජය වැනි ක්‍රීඩකයි කැපී යාමට හේතු සොයන්න. එමෙන්ම මෙහිදී කිසිදු පදනමක් නැතුව ක්‍රීඩක ලැයිස්තුව සැකසුවේ කවුදැයි සොයා බලන්න. අනතුරුව එය ඉටුකළ රවීන්ගේ විශේෂඥ දැනුමක් ඇති ලේකම්වරිය ඇය දක්ෂතා දක්වන අංශයෙන් ඉදිරියට යෑමට අත දෙන්න. ඇයට ලිපි ලේඛන සකස් කිරීම නොකළ හැකි බවත් දක්වන දක්ෂතා පිලිබදත් අප මීට පෙර වාර්තා කළා. මතක ඇතුව ඇයට ණය දීමෙන් වලකින්න. අත්පිට මුදලට නම් සිතා බලන්න. ඒ අතර ඉඩක් ලැබුනොත් ක්‍රීඩකයිට සිදුවූ අසාධාරණ ගැනත් සොයා බලන්න. ක්‍රීඩක මාෆියාවෙම පුහුණුකරුවොත් කොටසක්. කණ්ඩම්බි හා හෂාන් ක්‍රීඩකයන් ඉල්ලූ ආකාරය එයට හොඳම නිදර්ශනයක්. කණ්ඩම්බි තම්න්ගේ එස් එස් සී පිලේ හා ශ්‍රී ලංකා පිලේ නායකයා ප්‍රතික්සේප කිරීමෙන්ම මේ බව ඔප්පු වෙනවා. ක්‍රීඩකයන්ගේ පුද්ගලික කළමනාකරුවකු හා රාගම ක්‍රීඩා සමාජයේ සභාපතිද වන රොෂාන් අබේසිංහත් මෙහිදී ප්ක්ෂග්‍රාහී ලෙස කටයුතු කර තිබෙනවා. මෙම ක්‍රීඩක කළමනාකරු මාෆියාවත් සුළු පටු නැහැ. ඒ ගැන මීළඟ Lankasportsnews ලිපියෙන් කියන්න අප සූදානම්. රැදෙන්න අප සමගම.
වටය | කලම්බෝ කිංග්ස් | දඹුල්ල හෝක්ස් | ගෝල් ග්ලැඩියේටර් | ජැෆ්නා ස්ටැලියන්ස් | කැන්ඩි ටස්කර්ස් |
1 | ඇන්ජලෝ මැතිව්ස් | දසුන් ශානක | ලසිත් මාලිංග | තිසර පෙරේරා | කුසල් ජනිත් |
2 | ඇන්ඩ්‍රෙ රසල් | ඩේවිඩ් මිලර් | ශහිඩ් අෆ්රිඩි | ඩේවිඩ් මාලන් | ක්‍රිස් ගේල් |
3 | ෆෆ් ඩු ප්ලෙසි | කාලෝස් බ්‍රැත්වේට් | කොලින් ඉංග්රැම් | වනිඳු හසරංග | ලියම් ප්ලන්කට් |
4 | මන්ප්‍රීට් ගෝනි | – | හස්රාතුල්ලා සසායි | ෂොයෙබ් මලික් | – |
5 | මන්වින්දර බිස්ලා | සමිත් පටෙල් | මොහොමඩ් අමීර් | උස්මාන් ශින්වාරි | වහාබ් රියාස් |
6 | ඉසුරු උදාන | නිරෝෂන් දික්වැල්ල | ධනුෂ්ක ගුණතිලක | අවිෂ්ක ප්‍රනාන්දු | කුසල් මෙන්ඩිස් |
7 | දිනේෂ් චන්දිමාල් | ළහිරු උදාර | භානුක රාජපක්ෂ | ධනංජය ද සිල්වා | නුවන් ප්‍රදීප් |
8 | අමිල අපෝන්සු | ඕෂධ ප්‍රනාන්දු | අකිල ධනංජය | සුරංග ලක්මාල් | සීක්කුගේ ප්‍රසන්න |
9 | අශාන් ප්‍රියන්ජන් | කසුන් රජිත | මිලින්ද සිරිවර්ධන | බිනුර ප්‍රනාන්දු | අසේල ගුණරත්න |
10 | රවින්ද්‍රපාල් සිං | – | සෆ්රාස් අහමඩ් | අසීෆ් අලී | නවීනුල් හසන් |
11 | – | පෝල් ස්ට්රිලිං | අසාම් ඛාන් | – | – |
12 | දුෂ්මන්ත චමීර | ළහිරු මධුශංක | ලක්ෂාන් සඳකැන් | මිනෝද් භානුක | කමිඳු මෙන්ඩිස් |
13 | ජෙෆ්රි වැන්ඩර්සි | උපුල් තරංග | ෂෙහාන් ජයසූරිය | චතුරංග ද සිල්වා | ඩිල්රුවන් පෙරේරා |
14 | තික්ෂිල ද සිල්වා | ඇන්ජලෝ පෙරේරා | අසිත ප්‍රනාන්දු | – | ප්‍රියමාල් පෙරේරා |
15 | තරිඳු කෞෂාල් | රමේෂ් මෙන්ඩිස් | නුවන් තුෂාර | මහේෂ් තීක්ෂණ | කවීෂ අංජුල |
16 | ළහිරු උදාර | පුලින තරංග | මොහොමඩ් ශිරාස් | චරිත් අසලංක | ලසිත් ඇඹුල්දෙණිය |
17 | හිමේෂ් රාමනායක | අශේන් බණ්ඩාර | ධනංජය ලක්ෂාන් | නුවනිඳු ප්‍රනාන්දු | ළහිරු සමරකෝන් |
18 | කලන පෙරේරා | ඩිල්ෂාන් මදුශංක | චානක රුවන්සිරි | කනගරත්නම් කපිල්රාජ් | නිශාන් මදුෂ්ක |
19 | තරිඳු රත්නායක | සචිඳු කොළඹගේ | සහන් ආරච්චි | තිවේන්ද්‍රියන් දිනෝෂන් | චාමික එදිරිසිංහ |
20 | නවෝද් පරණවිතාන | – | දුවිඳු තිලකරත්න | යියාකාන්ත් යියස්කාන්ත් | ඉෂාන් ජයරත්න |
No comments