ක්‍රිකට් නිලවරණ අල්ලස් ලෙස රුපියල් මිලියන 338.5 ක් ක්‍රීඩා සමාජ අතර බෙදලා
ලංකාවේ දූෂිතම ආයතන අතර තුන්වන තැන දිනා ගන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බව ක්‍රීඩා ඇමති ලෙස සිටියදී සී.බී රත්නායක කියා සිටියා. ඇත්ත කීමේ වරදට, ඔහුට හැරෙන තැපෑලෙන් අමාත්‍යධූරය අහිමි වුණා. ඉන් කියවෙන්නේ රටේ ක්‍රිකට් දූෂණ හා අක්‍රමිකතා සිදු කරන්නන්ගේ බලයයි. වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යාංශය භාර ගැනීමෙන් පසු මෙතෙක් ක්‍රිකට් ආයතන නිරීක්ෂණ චාරිකාවකට හෝ එක් නොවීම එම සිදුවීමේ ආදර්ශයෙන් සිදුවන්නක් විය හැකියි. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිලවරණය ඉලක්ක කර අනුබද්ධ ඡන්ද හිමි ක්‍රීඩා සමාජ සදහා රුපියල් මිලියන 338.5 ක් බෙදා දී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන එම සල්ලි දන්සැලේ වගතුග මෙතැන් සිට දිග හැරෙනවා.
සන්ඩේ ටයිම්ස් ජාතික පුවත්පත තොරතුරු දැන ගැනීමේ පනත යටතේ සිදුකළ විමසීමකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිලවරණය ඉලක්ක කර රුපියල් මිලියන 338.5 ක් බෙදා දී ඇතැයි අනාවරණය වුණා. මෙම කරුණු අවස්ථා රැසක Lankasportsnews අප සාක්ෂි සහිතව අනාවරණය කළා ඔබට මතක ඇති. එම පෙර ලිපි සබැඳි මෙම ලිපියේම අදාල තැන්වල පළ කිරීමටත් අප කටයුතු කරන්නේ ඒ බව තහවුරු කිරීම සදහායි. මෙහි සදහන් රුපියල් මිලියන 338.5 ක මුදල ක්‍රිකට් යටිතල පහසුකම් සංවර්ධණය හා දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් වැටුප් ලෙස පසුගිය වසර දෙක තුලදී සිදුකර ඇති වියදම් පමණයි. මෙම තොරතුරු ලබා දී තිබුණේ ජාතික සංවර්ධන කමිටු ප්‍රධානී කමල් ධර්මසිරියි. 2019 වසරේදී සාමාජික සංවර්ධන හා වාර්ශික ප්‍රධාන ලෙස රුපියල් මිලියන 125 ක් ලබා දී තිබුණා. එහෙත් පසුගිය වසරේදී සාමාජික දායකත්වය ඉහළ ගොස් තිබුණේ රුපියල් මිලියන 213.9 ක් ලෙසයි. එය 2019 වසරට සාපේක්ෂව රුපියල් මිලියන 88.9 ක ඉහළ යාමක්. ක්‍රිකට් සංවර්ධන අරමුදල් ලෙස පාලක සමාජ 29 අතර රුපියල් මිලියන 35.1 ක් බෙදා දී තිබෙනවා. රාගම ක්‍රිකට් ක්‍රීඩා සමාජය වැනි ප්‍රමුඛ පෙළ හා අනුබද්ධ ක්‍රීඩා සමාජ 22 ක් සදහා බෙදා දී ඇති මුදල රුපියල් මිලියන 12.5 ක්.
වෙසක් සල්ලි දන්සැලක් - රුපියල් ලක්ෂ 600 ක් වෙන්කරලා
මේ අතර ක්‍රිකට් ආයතන සල්ලි දන්සැලෙන් ක්‍රීඩාංගණ, සමාජ ශාලා, ගෘහස්ථ සංවර්ධනයට කියා තවත් ව්‍යාපෘති 20 කට රුපියල් මිලියන 116 කට අධික මුදලක් ලබාදී තිබෙනවා. මෙම මුදල් බෙදිල්ලේ විශාලතම ප්‍රතිලාභියා වී ඇත්තේ ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් කොළඹ ක්‍රිකට් ක්‍රීඩා සමාජයයි (CCC). වටේටම පොඩි පොඩි හැන්දකින් බෙදා තමන්ට බෙදා ගැනීමේදී හැන්ද මාරු කර ගෙඩිය පිටින් රුපියල් මිලියන 20 ක් ලබාගෙන තිබෙනවා. ඒ රුපියල් මිලියන 10 ක් ප්‍රධානයක් ලෙසත් ඉතිරි රුපියල් මිලියන 10 ණයක් ලෙසයි. එහෙත් කෝල්ස් ක්‍රිකට් ක්‍රීඩා සමාජය ඇතුලු ක්‍රීඩා සමාජ 5 ක් සඳහාම සංවර්ධන කටයුතු වෙනුවෙන් ලබා දී ඇත්තේ රුපියල් මිලියන 10 ක් පමණයි. ඒ එක් ක්‍රීඩා සමාජයකට රුපියල් මිලියන 2 බැගිණුයි.
ක්‍රිකට් ආයතනයෙන් තැබෑරුම් සදහා දීමනාවක් ?
කෙසේ වෙතත් ක්‍රීඩා සමාජ ගොඩනැගිල්ලක් හෝ හෝ නැති තෙවන පෙළ ක්‍රීඩා කරන කොළඹ නගරසභා ක්‍රීඩා සමාජය වැනි ක්‍රීඩා සමාජය සදහා අනවශ්‍ය ලෙස රුපියල් මිලියන ගණන් වැය කිරීම හුදෙක් ඡන්ද ගොඩ වැඩි කර ගැනීමට සිදුකර තිබෙනවා. නෝ මෑන්ස් ක්‍රීඩා සමාජය සදහා ලබා දී ඇති රුපියල් මිලියන ගණන, වැටී ඇත්තේ එම ක්‍රීඩා සමාජ ගිණුමටද නැත්නම් එහි හිමිකරු වන සමන් හේවාවිතාරණගේ ගිණුමටද යන්න රහසක්. ඉදිරියේදී මෙසේ වැය කර ඇති මුදල් ඡන්ද වෙනුවෙන් ක්‍රීඩා සමාජයට ගොස් ඇත්ද නැත්නම් ක්‍රීඩා සමාජ පාලකයන්ගේ සාක්කු පුරවා ඇත්දැයි සොයන ලෙස අධිකරණයෙන් ඉල්ලීමටත් පාර්ලිමේන්තු කෝප් කමිටුවට පැමිණිලි කිරීමටත් පිරිසක් සූදානම් වන බව Lankasportsnews අපට වාර්තා වනවා. කෝප් කමිටු වත්මන් සභාපති චරිත හේරත් ක්‍රිකට් දූෂණ පිටුදැකීම සදහා ප්‍රශංසනීය උත්සාහයක නිරතව සිටින බවත් සිහිපත් කළ යුතුයි. එහෙත් මේ සමන් හේවාවිතාරණ පිළිබඳ කරන චෝදනාව කෝප් කමිටු සභාපති වරයාටද හිසරදයක් ගෙන දෙනු ඇතැයි අප කියන්නෙමු. ඒ කෝප් කමිටුවේ සාමාජික ප්‍රේමනාත් දොලවත්ත ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපති ධූරය දැරීමත් ඔහුව එම තනතුරට රැගෙන ආ පුද්ගලයා එම සංගමයේම විධායක කමිටුවේ සාමාජිකයකු වන සමන් හේවාවිතාරණ වීමත් ය. ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ කාර්‍යාලය සඳහා මාසික කුලිය ගෙවන්නේද ක්‍රිකට් ආයතනයයි. එනිසා මෙය ඇතැම් විට හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් විය හැකියි.
බෙදීම එලියට - රුපියල් ලක්ෂ 5000 ක් පොම්ප කරලා
මේ අතර පසුගිය කාලයේ ක්‍රිකට් ආයතන දූෂණ හා අක්‍රමිකතා රැසක් විශේෂ විගණන වාර්තාවක් මගින් අනාවරණය වුණා. එහි සදහන් කරුණු තවමත් කෝප් කමිටුවේදී ප්‍රශ්න කරනවා. ඊට අදාලව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන්ව ලබන මස හත් වනදා (2021/අප්‍රේල්/07) යලිත් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතයි. එදිනට ක්‍රිකට් ආයතන නිලධාරීන්ට හතේ හත වැදීමට කෝප් කමිටු සාමාජිකයින් කිහිප දෙනෙක් ප්‍රශ්න කිරීමට සූදානම් වන බවත් Lankasportsnews අපට වාර්තා වනවා. පසුගිය අවස්ථාවලදී කිසිදු සූදානමක් නැතුව පැමිණ ක්‍රිකට් ආයතන නිලධාරීන් අසරණ වුණා ඔබට මතක ඇති. මේ අතර ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල අනුමැතිය ඇතිව කෙටි කාලීන අතුරු කමිටුවක් පත් කිරීමට සූදානම් වන බව Lankasportsnews අපට වැඩිදුරටත් වාර්තා වනවා. එහෙත් එය යථාර්ථයක් වන තුරුම ඇත්තේ අවිශ්වාසයක්. මේ ගැන සිහිපත් කරන විට අපට නිරතුරුවම මතකයට නැගෙන්නේ ඒකා සාක්කුවේ නාට්‍යයේ පෝස්ටරයයි.
No comments