සංගට එරෙහි ඉඩම් මඩ ව්‍යාපාරයේ නිර්මාතෘ මෙන්න - Exclusive Exposed
නරිය උඩ පැනල පැනල හති වැටුනහම මිදි තිත්තයි කියල යන්න ගියා. එහෙත් අපේ කාලේ ඇතැම් මිනිසුන් නරියට ඇදල මිදි කන්න බැරි වූ විට මිදි වැලම වැනසීමට විවිධ කුමන්ත්‍රණ දියත් කරනවා. 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාදුන් බව කියා එය ඔප්පු කර ගැනීමට නොහැකිව හොට පැටළුණු විට එම ක්‍රීඩකයින්ට මඩ ගසා වැනසීමට මේ වන විට එවන් උත්සාහයක් පවතිනවා. එහි පළමු වෙඩි මුරය ලෙස හිටපු ක්‍රිකට් නායක හා වත්මන් ක්‍රීඩා සභාවේ සාමාජික කුමාර් සංගක්කාර හා බිරිද යෙහාලි සංගක්කාර අල්ලා ඉඩම් වංචාවක් පිලිබද කතාවක් පසුගිය ඉරිදා සිළුමිණ ජාතික පුවත්පතේ පළව තිබුණා. එහි ඔබට වසන් කළ තිරය පිටුපස කතාව මෙතැන් සිට දිග හැරෙනවා.
රජය අඩු ආධායම් ලභීන් සදහා ලබා දුන් ඉඩමක් මුදලට තමන් වෙත හරවා ගත් බවට චෝදනා කරමින් කුමාර් සංගක්කාර හා ඔහුගේ බිරිද වන යෙහාලි සංගක්කාරට මේ දිනවල සංවිධානාත්මක මඩ ව්‍යාපාරයක් දියත් වනවා. මෙම ප්‍රවෘත්තිය ලංකාවේ පැරණිම හා රජයේ පුවත්පතක් වන සිළුමිණ ජාතික පුවත්පතේ පළවූ මොහොතේ සිට Lankasportsnews අප ගවේෂණාත්මක මාධ්‍ය කණ්ඩායම තොරතුරු සොයා ගියා. මේ අනුව එහි මෙතෙක් කිසිවෙක් නොදත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට සුපුරුදු ලෙස අප කණ්ඩායමට හැකිවුණා. දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මයිලන්තාව ප්‍රදේශයේ පේලිගේ පද්මිණි නම් කාන්තාව සතුව අක්කර 02 යි පර්චස් 15.1 ක ඉඩමක් පැවතියා. අඩු ආධායම් ලභී ඇයට රජය මෙම ඉඩම ලබාදී ඇත්තේ වගා කටයුතු කරමින් ආර්ථික ඉහළ නංවා ගැනීම සදහායි. එහෙත් මේ වන විට ඇයට මෙම ඉඩම නඩත්තු කිරීමට නොහැකි නිසා ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ඉඩම වෙනත් අයෙක්ට ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා.
මේ අනුව එම ඉඩම සුදුසු අඩු ආධායම් ලාභියෙක්ට ලබා දීම සදහා වසම් ග්‍රාම නිලධාරීවරයාගෙන් තොරතුරු කැඳවා තිබෙනවා. එතැන් සිට මෙම වංචාව ආරම්භ වී ඇතැයි තොරතුරු ලැබුණා. සීගිරිය හා දඹුල්ලේ මෙලෙස රජය සතු ඉඩම් හෝටල් හා ධානපතියන්ට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ලබා දීමේ ව්‍යාපාරයක් කළක සිට ක්‍රියාත්මක වනවා. ප්‍රශ්න ගත මෙම ඉඩම පවරා ඇත්තේ දඹුල්ල ඇරෑවුල පදිංචි තවත් අඩු ආධායම් ලභී කාන්තාවකට බව දැක්වෙනවා. රජයට ලබා දී ඇති තොරතුරු වල දැක්වෙන්නේ දරුවන් නොමැති මෙම පවුලේ ස්වාමියා ගොවිතැන් කරන මාසිකව රුපියල් 7000 කට අඩු වැටුපක් ලබන අයෙක් බවයි. එහෙත් මේ යුවල සැබවින්ම කුමාර් සංගක්කාර හා බිරිද යෙහාලි සංගක්කාරයි. මෙම පැවරීම වෙනුවෙන් ජාතික හැඳුනුම් පතක්ද ව්‍යාජ ලෙස සකසා තිබෙනවා. එවන් දෙයක් ගැන කුමාර් සංගක්කාර හෝ බිරිද යෙහාලි සංගක්කාර දන්නේ නැති බවයි Lankasportsnews අප වෙත කියා සිටියේ. මේ අනුව මෙලෙස ජාතික හැඳුනුම් පත් සකසමින් සිදුවන කූඨ ඉඩම් ගණුදෙනු ගැන රජය වැඩි අවධානයක් යොමු කිරීමේ වැදගත් කම පෙනවා දිය යුතුයි. පහත දැක්වෙන්නේ එලෙස වෙනස් කළ ව්‍යාජ ජාතික හැඳුනුම් පතයි.
මෙම ඉඩමට යාබද අක්කර හතරක ඉඩම කුමාර් සංගක්කාර සතු වනවා. මේ හේතුවෙන් මෙම අක්කර දෙකට වැඩි ඉඩමත් ලබා දී ගණුදෙනුවට ඔහුව ඈදාගෙන තිබෙනවා. මෙවන් ගවේෂණාත්මක පුවතක් සාමාන්‍යයෙන් වාර්තා කරන්නේ මාණ්ඩලික ජනමාධ්‍යවේදීන් විසිනුයි. එහෙත් මෙම ලිපිය සපයා ඇත්තේ සීගිරිය විශේෂ වාර්තාකරු ලෙස සදහන් ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් විසිනුයි. පුවත කියවූ සැනින් එහි ඇති විශ්වාසනීයත්වය ගැන ප්‍රශ්නයක් Lankasportsnews අපට ඇතිවූයේ මෙතැන් සිටමයි. මෙම අන්වර්ථ නම භාවිත කරමින් තොරතුරු සපයන්නේ දඹුල්ලේ ලංකාදීප පුවත්පතේද වාර්තාකරු කාංචන කුමාර ආරියදාසයි. ඔහු බොහෝ රූපවාහිනී නාලිකා සදහා වීඩියෝ සපයනු ලබනවා. එමෙන්ම ඔහු සීමාවක් ලකුණු කරන් එම ප්‍රදේශයේ මාධ්‍ය වාර්තා වෙනත් කිසිවෙක්ට සිදු කිරීමට ඉඩ ලබා දෙන්නේ නැහැ. බල්ල මුත්‍රා කර සීමා ලකුණු කිරීම වැනි සීමා ලකුණු කිරීමක් ඔවුන් සිදු කරන්නේ වාර්තා පළවූ විට පමණක් ගෙවීම් සිදු කිරීම හේතුවෙනුයි. ඒ වෙනුවෙන් පුවත් මවා මුදල් ඉපැයීමට කාංචන කුමාර රුසියෙක් වනවා.
මේ අතර ප්‍රාදේශීය වාර්තාකරු කාංචන කුමාර කප්පම් ලබා ගැනීම පිලිබදවත් ඉතිහාසයක් පවතිනවා. ඒ මුදල් ලබාදීම හෝ ඔහුට අවශ්‍ය දේ සිදු නොකරන්නන්ට එරහිව පුවත් මවා ඒවා ප්‍රචාරය නොකිරීමට නම් ගෙවීම් සිදු කළ යුතු වීමයි. බොහෝ විට ප්‍රාදේශීය වාර්තාකරුවන් එවන ඕනෑම කුණු ගොඩක් නැවත සොයා බැලීමකින් තොරව ලංකාවේ ජාතික මාධ්‍ය පළ කිරීම සාමාන්‍ය සිදුවීමක් වී තිබෙනවා. මෙම ඉඩම් ගණුදෙනුව පිළිබඳ තොරතුරු මොහුට සපයා, කුමාර් සංගක්කාරගේ චරිතයට කැළලක් ඇති කරන ලෙස උපදෙස් ලබා දී ඇත්තේ රජයේ ප්‍රභල අමාත්‍යවරයෙක් බව වාර්තා වනවා. මෙම අමාත්‍යවරයා මීට පෙරත් කුමාර් සංගක්කාර ඇතුලු ක්‍රීඩකයින්ට අභූත චෝදනා එල්ල කර ගත් පොලේ ගා ගත්තා. එම අමාත්‍යවරයාම කතා කර මෙම පුවත සිළුමිණ ජාතික පුවත්පතේ පළ කරන ලෙස එම පුවත්පත් කර්තෘ මණ්ඩලයට උපදෙස් ලබා දී ඇතැයි lankasportsnews අප වෙත වාර්තා වනවා. කෙසේ වෙතත් කුමාර් සංගක්කාර මේ පිලිබද පරීක්ෂණයක් ඉල්ලමින් ලිපියක් යොමුකර තිබෙනවා. එම ලිපිය හා ඊට ලැබුණ පිලිතුර පහත දැක්වෙනවා.
කෙසේ වෙතත් කුමාර් සංගක්කාර යනු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට උපදෙස් ලබා දීමට පත් කළ ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයෙක් වනවා. මහ මැතිවරණයට පෙර පාවාදීම් කතාවක් හරහා කුමාර් සංගක්කාරගේ නම කැත කිරීමට උත්සාහ කළ පරිදිම යලිත් ඔහුට එරෙහිව මඩ ව්‍යාපාරයක් ආරම්භ වී තිබෙනවා. ඒ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සමග ඇති හොද හිත පළුදු කිරීමටයි. මේ සියල්ලට හේතු වී ඇත්තේ මෙම අමාත්‍යවරයා ක්‍රීඩා ඇමති ලෙස සිටි සමයේ ඔහුව තුට්ටුවකට මායිම් නොකිරීම හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සමග ඉතාම කුළුපග ඇසුරක් පැවැත්වීම බව Lankasportsnews අප වෙත වාර්තා වනවා. කෙසේ වෙතත් පෙර සිදුවීමේ පරීක්ෂණ නීතිපති හමස් පෙට්ටියේ දැමුවත් මෙම සිදුවීමේ පරීක්ෂණ නිසි ලෙස නොවන්නේ නම් සියල්ලන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කුමාර් සංගක්කාර තීරණය කර තිබෙනවා.
මේ අතර මේ වන විට ආණ්ඩුවේ රාජපක්ෂ වරුන් අතර හට ගෙන තිබෙන පිල් බෙදීමේ මෙයද ප්‍රතිඵලයක් වෙනවා. අගමැති හා නාමල් පාර්ශ්වයට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව දියත් කෙරෙන මඩ ව්‍යාපෘති වල මෙයත් එක් පියවරක්. ජනාධිපතිවරයා විසින් පත් කරන ලද වයඹ ආණ්ඩුකාරයා විසින් මේ ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටීමත් වැඩ තහනමට ලක්වූ ග්‍රාම සේවක නිලධාරියාගේ පුතකු සංගක්කාර විසින් මහනුවර ප්‍රසිද්ධ පාසලකට දමා ඇතැයි ආණ්ඩුකාරයා විසින් ප්‍රකාශ කිරීමත් විශේෂ සිද්ධියක්. එහෙත් Lankasportsnews අප වෙත වාර්තා වන්නේ එය ආණ්ඩුකාරයා විසින් ගොතන ලද අසත්‍ය කරුණක් බවයි. එමෙන්ම මේ දක්වා දඹුල්ල හා සීගිරිය අවට මෙවැනි ඉඩම් රැසක් දඹුල්ල අවට හා පිටත දේශපාලනඥයින් මෙන්ම ව්‍යාපාරිකයන් ව්‍යාජ ලිපි ලේඛන සකසා පවරාගෙන ඇත්දැයි කියා හා ඒ සදහා දායකවූ ග්‍රාම නිලධාරීන් ඇතුළු ප්‍රාදේශීය සභාවේ ඉහළ සිට පහළට වන නිලධාරින් ගැනත් හැකි නම් හෙළිදරව් කරන ලෙස ආණ්ඩුකාරයාටත් කප්පම් මාධ්‍යවේදින්ටත් lankasportsnews අප අභියෝග කර සිටිනවා. මේ අතර ප්‍රදේශයේ දේශපාලනයේද නිරත වන ක්‍රිකට් ආයතනයේ නිලධාරියකු විසින් සියලු දෙනාට ජරාව දෙමින් මේ වන විට දඹුල්ල ප්‍රදේශයේ ඉඩම් අත් පත් කරගෙන සිටින අයුරුත් අප හෙළිදරව් කිරීමට සූදානමින් සිටිනවා. මේ සියල්ල සාක්ෂි සහිතව ඉදිරියේදී Lankasportsnews වෙතින් බලාපොරොත්තු වන්න.
No comments