සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජය ගැනීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. ඒ දෙරට අතර පැවති අවසන් තරගය කඩුලු 03 කින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම ජය ගැනීමත් සමගයි.
මෙම තරගාවලියේ ජයග්‍රහණය තීරණය කළ තුන්වන හා අවසන් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට නායක ඇන්ජලෝ මැතිව්ස් තීරණය කළා. ඒ මෙම තරගාවලිය පුරාම පළමුව පන්දුවට පහර දුන් කණ්ඩායම බවට පත් වෙමින්.
කෙසේ වෙතත් මෙම තරගයේදී කැපී පෙනෙන වෙනසක් කිරීමට කොදෙව් ක්‍රිකට් කණ්ඩායම කටයුතු කළා. ඒ දඟ පන්දු යවන්නන්ගෙන් තරගය ආරම්භ කරමිනුයි. දෙවන තරගය ජයග්‍රහණයට අඩිතාලම දැමූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ ධනුෂ්ක ගුණතිලක හා පැතුම් නිශ්ෂංක කොදෙව් දඟ පන්දු යවන්නන්ට රිසි සේ පහර එල්ල කරමින් හොද ආරම්භයක් මෙවර ලබා ගැනීමට අපොහොසත් වුණා. පළමු පන්දුවාරය නිමා වුණේ එක් ලකුණක් පමණක් ලබා ගනිමිනුයි. මේ අනුව පිතිකරුවන් වෙත ගොඩ නැගුණු පීඩනය දෙවන පන්දුවාරයේදී මුදා හැරීමට උත්සාහ කළේ ඊට ලකුණු 09 ක් ලබා ගනිමින්. එහෙත් තෙවන පන්දු වාරයේ පළමු පන්දුවෙන්ම ලකුණු 09 ක් ලබා ගත් ධනුෂ්ක ගුණතිලකව තරග නරඹන්නෙක් කිරීමට කොදෙව්වන් සමත් වුනා.
අනතුරුව තුන්වන පන්දුවාරයේ හතරවන පන්දුවේදී ලකුණු 04 ක් ලබා සිටි නිරෝෂන් දික්වැල්ලව හරවා යැවීමට කොදෙව් දඟ පන්දු යවන්නන් සමත් වුණා. ඒ වන විට මුලු ලකුණු පුවරුව සටහන් වුණේ කඩුලු 02 ක් දැවී ලකුණු 15 ක් ලෙසයි. ශ්‍රී ලංකා පිතිකරුවන් වෙත තව දුරටත් පීඩනය එල්ල කරමින් හය වන පන්දුවාරය සම්පූර්ණ කරන පන්දුවේදී ආරම්භක පිතිකරු පැතුම් නිශ්ෂංක දැවී ගියේ ලකුණු 05 ක් ලබා සිටියදීයි. ඒ වන විට කඩුලු 03 ක් දැවී ලකුණු 27 ක් ලෙසයි මුලු ලකුණු පුවරුව දැක්වුණේ. එතැන් සිට ජේෂ්ඨ ක්‍රීඩකයින් ලෙස වගකීම කරටගෙන ක්‍රීඩා කළ නායක ඇන්ජලෝ මැතිව්ස් හා දිනේෂ් චන්දිමාල් ඉනිම ගොඩ නැගීමට උත්සාහ කළා. නම වන පන්දුවාරයේ තුන් වන පන්දුවේදී ඇන්ජලෝ මැතිව්ස් දැවී ගියේ ලකුණු 11 ක් ලබා සිටියදීයි.
එතැන් සිට දිනේෂ් චන්දිමාල් අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 46 කදී ලකුණු 54 ක් නොදැවී ලබා ගත්තා. ඔහුට අනගි සහයක් ලබා දෙමින් වේගවත් පිතිකරණයක නිරත වූ අශේන් බණ්ඩාර පන්දු 35 කදී නොදැවී ලකුණු 44 ක් ලබා ගත්තා. මේ අනුව පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 04 ක් දැවී ලකුණු 131 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන්ට රිසි සේ ලකුණු ලබා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. වේගවත් පහරවල් මගින් පීඩනය මුදා හැරීමට ඔවුන් උත්සාහ කළත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ කඩුලු දඩයම හේතුවෙන් එය සාර්ථක වුණේ නැහැ. වනිදු හසරංග තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නා වෙමින් මෙම තරගයේදීත් නියමිත පන්දුවාර හතරම යවා ලකුණු 13 ක් පමණක් ලබා දී කඩුලු දෙකක් දවා ගත්තා. සමස්ථ තරගාවලියේ ඔහු යැවූ පන්දු අතරින් සියයට 58 ක් පන්දු යොමුකර තිබුනේ ගුග්ලි පන්දු ලෙසයි. ඔහුට අනගි සහයක් ලබා දුන් ලක්ෂාන් සඳකැන් කඩුලු 03 ක් දවා ගත්තේ පන්දුවාර හතරක් ක්‍රියාත්මක කර ලකුණු 29 ක් ලබා දෙමිනුයි.
දඟ පන්දු යවන්නන්ට සහය වෙමින් කලකට පසු හොදම පන්දු යැවීම සටහන් කරමින් වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර පන්දුවාර හතරට ලකුණු 23 ක් ලබා දී කඩුලු 02 ක් දවා ගත්තා. මේ අනුව 18 වන පන්දුවාරය නිමා වන විට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම කඩුලු 07 ක් දැවී ලකුණු 112 ක් ලබා සිටියා. මේ අනුව ඔවුන් පන්දු 12 කදී ජයග්‍රහණය සදහා කඩුලු දෙකක් අතැතිව තවත් ලකුණු 20 ක් ලබා ගත යුතු වුණා. 19 වන පන්දුවාරය ක්‍රියාත්මක කළ අකිල ධනංජයට හයේ පහර 03 ක් ද සමගින් එම පන්දුවාරය නිමාවන විට කඩුලු 07 ක් දැවී ලකුණු 134 ක් ලබා ගනිමින් ජයග්‍රහණය සම්පූර්ණ කිරීමට ෆේබියන් ඇලන් එල්ලකළ අනුකම්පා විරහිත පිතිහරඹය සමත් වුණා. එලෙස තරගයේ තීරණය ක්ෂණික වෙනසකට ලක් කළ ෆේබියන් ඇලන් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.
දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගය දිවා තරගයක් ලෙස ලබන 10 වැනිදා (මාර්තු 10) පැවැත්වීමට නියමිතයි.
මෙම තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්ව සිටින්නේ මෙරට ක්‍රීඩා නීතිය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියෙන් කඩා බිද දැමූ ඉතිහාසයේ පළමු කණ්ඩායම බවට පත් වෙමිනුයි. ඒ තේරීම් කමිටුවක් නැතුව කණ්ඩායම තෝරා ගැනීම හේතුවෙනුයි.

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස පළමුව නම් කළේ දසුන් ශානකවයි. එහෙත් ඇමරිකා වීසා ලබා ගැනීමේදී මතුවූ ගැටළුවක් හේතුවෙන් ඔහුට තරගාවලියට එක්වීමට නොහැකි වුණා. එහෙත් ඔහු එක්දින තරගාවලියට එක්වීම සදහා ශ්‍රී ලංකාවෙන් පසුගියදා පිටත්ව ගියා. ඒ වීසා ගැටලුව විසදා ගැනීමෙන් නොව විකල්ප ගුවන් ගමන් මාර්ගයක් භාවිත කරමිනුයි. මෙම ගැටළුව සමග ක්‍රිකට් පරිපාලනයේ හෙළුව ලොවට යලිත් මනාවට කියා පෑවා. ඒ පිලිබද සවිස්තරාත්මක තොරතුරු ඇතුලත් ලිපිය පහත දැක්වෙනවා.
මේ අතර ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කිසිවෙක්ට නොදන්වා හදිසියේ ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් සමග සාකච්ඡාවකට බව lankasportsnews අප වෙත වාර්තා වනවා. ක්‍රිකට් නිලවරණය මෙතෙක් නොපැවැත්වීම හේතුවෙන් වත්මන් ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඇතුලු කණ්ඩායම නීති විරෝධී බව දක්වමින් කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ සභාපති නිශාන්ත රණතුංග ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ වෙත ලිඛිත පැමිණිල්ලක් පසුගියදා සිදු කළා. ඒ අනුව ක්‍රිකට් ආයතනය සදහා කෙටි කාලීන අතුරු කමිටුවක් පත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවසර ලබා ගැනීමට මෙම සංචාරය සිදුවන බව වැඩිදුරටත් තොරතුරු වාර්තා වනවා. එමෙන්ම අභියාචනාධිකරණයේ රීට් පෙත්සමක් ගොනුකර ක්‍රිකට් ආයතන ව්‍යවස්ථාව වෙනස් කර මීළඟ නිලවරණය පවත්වන ලෙස හිටපු අතුරු කමිටු සාමාජිකයින් හා ජේෂ්ඨ ක්‍රීඩකයින් ඇතුලු 12 දෙනෙක් ඉල්ලීමක් පසුගියදා සිදු කළා. එය සලකා බැලීම් ලබන 15 වැනිදා සිදුවනු ඇති. මේ අනුව ලබන මැයි 20 වැනිදා පැවැත්වීමට නියමිත ක්‍රිකට් නිලවරණය කල් යාමේ වැඩි ඉඩක් පැවතීමත් පෙන්වා අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයෙන් ඉල්ලා සිටින බව සදහන්.
දසුන් ශානක කොදෙව් යාම පමා කළේ ජෝජ් ස්ටුවර්ට් චන්නද ? Exclusive Exposed

No comments:
Post a Comment