තිලංගට වැඩ ක්‍රිකට් ආයතනයෙන් පඩි - Exclusive Exposed
බල්ලගෙ වැඩේ බූරුව කරන්න යනව කියන්නේ අනුන්ගේ වැඩ කරන්න යාමටයි. එහෙත් බලු වූ හා බූරුවන් වූ අයට පඩි ගෙවන අරුම පුදුම ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි. එහි පින් පඩි ගන්න අය දේශපාලන හා ක්‍රිකට් ඡන්ද වෙනුවෙන් සේවය කරන පිරිස බව Lankasportsnews අප අවස්ථා රැසක අනාවරණය කර තිබෙනවා. එහි තවත් දුගුවක් ලෙස අසූචි බැහැර කරන තැන මාකට් කරන කතාවක් මෙලෙස අද අප ඔබ වෙත ගෙන එනවා. පාර්ලිමේන්තු දේශපාලන කතාවකට නිසි ප්‍රසිද්ධිය ලබා නොදීම හා ඊට පිලිතුරු ලබා දීම වෙනුවෙන් කටයුතු කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පඩි ගන්න සේවිකා නිලූෂි ලක්මාලිගේ කතාව මෙතැන් සිට දිග හැරෙනවා. එය සිදුවූයේ ක්‍රිකට් කළමනාකරණ කමිටුවේ වත්මන් පාලන කාලය තුලදී වීම කැපී පෙනෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මාධ්‍ය ඒකකය යනු තනිකරම පින් පඩි ගන්නා කාබාසිනියා කරුවන්ගේ තිප්පොලයි. ක්‍රිකට් ආයතන හිටපු සභාපති තිලංග සුමතිපාල ඊට සෘජු වගකිව යුත්තා ලෙස හැදින්විය හැකියි. ඔහු තම දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කරන හෙන්චයියන්ට වැටුප් ගෙවීම සදහා ක්‍රිකට් මාධ්‍ය ඒකකය භාවිතා කිරීම නිසා මෙම හෙණය පාත් වුණා. පුංචි බොරැල්ලේ පිහිටි නිවසේ පවත්වාගෙන යන දේශපාලන කාර්යයාලයේ සේවය කළ නිලූෂි ලක්මාලි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මාධ්‍ය ඒකකයට පත් වන්නේ තිලංග සුමතිපාල ක්‍රිකට් ආයතන සභාපති ලෙස කටයුතු කළ සමයේයි. ඒ වන විට ඔහු නියෝජ්‍ය කතානායක ලෙස සිටීම හේතුවෙන් එම දේශපාලන මාධ්‍ය කළමනාකරණය නිලූෂි ලක්මාලි ඇතුලු පිරිසට පැවරුණා. මේ අනුව මුහුණු පොතේ මාධ්‍ය සගයන්ගේ එකමුතුවක් ද නිර්මාණය කර තිලංග සුමතිපාලගේ දේශපාලන කටයුතු සිදුකිරීම ඇය සිදු කළා. ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂයකට අධික මාසික වැටුපක් ඇය අදටත් ක්‍රිකට් ආයතනයෙන් ලබා ගන්නවා. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදු කිරීමට කිසිදු සේවයක් නැති අතර කාලය කා දැමීම හා පුටුව රත් කිරීමට අමතරව සිදු කරන්නේ පුවත්පත්වල පළවී ඇති ක්‍රිකට් ලිපි කපා පොතක ඇලවීමයි. එහෙත් වරක් ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න සමගින් සිය සැමියාද කැටුව සිංගප්පූරුවේ ක්‍රිකට් ආයතන මුදලින් සවාරි ගැසීමට නිලූෂි සමත් වුණා. ඊට නිලූෂි හා ඇගේ සැමියා වෙනුවෙන් ගුවන් ප්‍රවේශ පත්‍ර හා හෝටල් පහසුකම් ක්‍රිකට් ආයතනය මුදලින් හිමිව තිබෙනවා. සැමියා හා රවීන් යන දෙදෙනාටම එහිදී සිටි එකම කාන්තාව ඇය බව Lankasportsnews අප වෙත වාර්තා වනවා.
එලෙස ක්‍රිකට් ආයතනයෙන් අදටත් පින් පඩියක් කිසිදු හිරිකිතක් නැතුව ලබා ගන්නා ඇයට සාමාන්‍ය ක්‍රිකට් ආයතන සේවකයන්ට නැති වරප්‍රසාද රැසක් හිමි වනවා. ඒ අතර සියල්ලන්ට සේවයට වාර්තා කිරීම සටහන් කිරීමට ඇගිලි සලකුණු යන්ත්‍රය භාවිත කිරීම හා නියමිත වැඩ මුරයක් පවතිනවා. එහෙත් මාසිකව රුපියල් ලක්ෂයකට අධික වැටුපක් ගන්නා ඇයට එම කිසිදු නීතියක් බල පාන්නේ නැහැ. ඇය හිතුනු වෙලාවට වැඩට ඇවිත් හිතුනු වෙලාවට ගෙදර යන අතර ඇගිල්ල ගැසීම අනිත් අයට ලබා දී තිබෙනවා. ඊට අමතරව ක්‍රීඩා මාධ්‍යවේදීන් සදහා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලදී නිදහස් ප්‍රවේශ පත්‍ර ලබා දීමට හිමිවන අවස්ථාව අවභාවිතා කරමින් පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් සදහාත් එම නිදහස් ප්‍රවේශ පත්‍ර ලබා දීම සිදු වන්නේ නිලූෂි ලක්මාලි හරහායි. ඒ තිලංග සුමතිපාල වෙනුවෙන් කඩේ යන යා කඩේ යාමට පොලඹවා ගැනීම වෙනුවෙන් බව දන්නෝ දන්නා රහසක්. එහිදී වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන් සියල්ල සදහා නිදහස් ප්‍රවේශ පත්‍ර 100 ක් නිකුත් කරන අතර 150-200 අතර ප්‍රමාණයක් නිලූෂි හරහා නිකුත් වනවා. ක්‍රිකට් ආයතනයට කඩේ ගොස් නිදහස් ප්‍රවේශ පත්‍ර ලබා ගන්නා වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්, Lankasportsnews අප මෙම අනාවරණයෙන් පසු ඉදිරියේදී නිලූෂි පස්සේ වැටේදැයි කියන්න බැහැ.
මෙලෙස තිලංග සුමතිපාල වෙනුවෙන් සුවච කීකරු සේවයක් සපයන නිලූෂි කාටත් හොරෙන් තවත් සේවා සපයනවා. ඒ රහසිගත සංවාද හා රැස්වීම් මෙන්ම ක්‍රිකට් ආයතන මාධ්‍ය හමු පැවැත්වෙන විට තිලංගට ඒ සියල්ලම ඇසෙන්න තම ජංගම දුරකතනය ක්‍රියාත්මක කරමිනුයි. හැඩ වැඩ ඇති සිරුරකට හිමිකම් කියන ඇය එය බොහෝ දෙනෙක්ගේ කටවල් වැසීමට භාවිතා කරන බවයි ඇතමුන් පවසන්නේ. මේ අතර පසුගියදා පාර්ලිමේන්තුවේදී හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශය කරා ගෙන ගියේ තිලංග සුමතිපාල බව කියා සිටියා. තිලංගගේ මාෆියාව නතර නොකර මෙරට ක්‍රිකට් ගොඩ ගැනීම ඉබ්බාගෙන් පිහාටු ඉල්ලීමක් බවයි එහිදී කිය වුණේ. එමෙන්ම ක්‍රිකට් ආයතනයේ සිදුව ඇති මූල්‍ය වංචා හා අක්‍රමිකතා සියල්ලට තිලංග වගකිව යුතු බවත් එහිදී කුමාර වෙල්ගම කියා සිටියා. එදින පාර්ලිමේන්තු වාරවාර්තාකරුවන්ට හා ප්රවෘත්ති අංශ මාධ්‍යවේදීන්ගේ ජංගම දුරකතන කලකට පසු නිලූෂිගෙන් ලැබුණු ඇමතුම් නිසාම ඉතා කාර්යය බහුල වුණා. අනේ මල්ලි, අයියේ සර්ට බණින ඒව දාන්න එපා. ඔය වෙන ටිකක් දාන්න. මම සලකන්නම් හොදේ. එලෙස නිලූෂිගෙන් ලැබුණු ඇමතුම් නිසාම මාධ්‍යවේදීන් රැසක් අති සංස්කරණය කළ කුමාර වෙල්ගමගේ වීඩියෝ විකාශය කළ බව ප්‍රසිද්ධ රහසක්. ඒ තරග නැරඹීමට නොමිලේ හිමිවන ප්‍රවේශ පත්‍ර වලට අමතරව සුමති සම්මාන උළෙල මාධ්‍ය සංවිධානය කිරීමේදීද සිදුවන අත යට ගණුදෙනු හේතුවෙනුයි. සුමති සම්මාන උළලේ සිදුවන අක්‍රමිකතා මාධ්‍ය හිතවතුන් අතර ප්‍රසිද්ධ රහසක්.
මේ අතර නිලුෂිව දඩමීමා කරගෙන ඇති බලල් අත වන ප්‍රියන්ත සොයිසා ගැනත් නොකියාම බැහැ. මෙම ගණුදෙනුවේදී ක්‍රියාකාරී සේවයක් සිදු කරන තිලංග සුමතිපාලගේ පෞද්ගලික දේශපාලන කටයුතු හෙංචයියා හා හිටපු ක්‍රිකට් විධායක කමිටු නිලධාරියෙක් ලෙස ප්‍රියන්ත සොයිසා කැපී පෙනෙන කඩේ යෑමක් එදා මෙදා තුර සිදු කරනවා. නිලූෂි හරහා ක්‍රිකට් මාධ්‍ය ඒකකය සතු වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සියලු තොරතුරු ප්‍රියන්ත සොයිසා සතුව අවසන්. මේ හේතුවෙන් කුමාර වෙල්ගමට පිලිතුරු ලබා දුන් තිලංගගේ ලිපිය ක්‍රීඩා මාධ්‍යවේදීන්ට ලබා දුන්නේත් ප්‍රියන්ත මැදිහත් වීමෙනුයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය ඒකකයේ හිත හොද ගෑනිගේ බූමිකාවට පණ පොවන එම අංශ ප්‍රධානී ප්‍රසන්න රොද්‍රිගු නපුන්සකයෙක්ගේ තැනට වැටී සිටින බවයි ඇතමුන් පවසන්නේ. ඊට හේතු වී ඇත්තේ තම රැකියාව බේරා ගැනීම වෙනුවෙන් කොල්ලටත් බල්ලටත් දෙකට තුනට නැමීම බව Lankasportsnews අප වෙත වාර්තා වනවා.
නිලූෂි මෙන්ම ක්‍රිකට් ආයතන මාධ්‍ය ඒකකයේ සිටින චමිල කරවිට හා සම්පත් තුෂාර දයාවංශ තිලංගගේ දේශපාලන කටයුතු වෙනුවෙන් කාලය වැය කර හිටපු සභාපති ශම්මි සිල්වාගේ කාලයේ තනතුරු ලැබූවන් වනවා. එදා මෙන්ම අදත් ඔවුන් එන එන පාලකයන් වෙනුවෙන් සැදී පැහැදී සේවය කරන බව පෙන්වා ඩබල් ගේම් ගැසීමට රුසියන් වනවා. ශම්මිගේ අඩුපාඩු හා වැරදි ක්ෂණිකව තිලංගගේ කනේ තැබූ මේ ජෝඩුව මහාචාර්ය අර්ජුන ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් කළමනාකරණ කමිටුවේ අඩුපාඩු මාධ්‍ය සගයන්ට කියන්නේ ඇගට පතට නොදැනී වාර්තා කරන ලෙස ඉල්ලමිනුයි. එලෙස ඔවුන් දෙදෙනාත් ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ප්‍රදර්ශනාත්මක සේවයක් සිදුකර විශාල පින් පඩියකට හිමිකම් කියන බව සටහන් කළ යුතුමයි. මේ අතර මතුගම සිට වැඩට එන චමිල කරවිට ක්‍රිකට් තරග සඳහා යන්නේ මාධ්‍ය කළමනාකරු ලෙස රඟපෑමටයි. ඒත් කරන්නේ තරග වල වාර්තා වෙබ් පිටුවේ ලිවීම පමණයි. තමන් වැඩට ගෙන්වා ගැනීමට ආයතනයේ වාහනයක් මතුගමටම චමිල ගෙන්වා ගන්නේ ප්‍රවාහන කළමනාකරුවද ගොනාට අන්දවමින්. එමෙන්ම සම්පත් තුෂාරගේ රාජකාරිය මාධ්‍යවේදීන්ට කෑම,වතුර සැපයීමයි. මාධ්‍ය කළමනාකරුගේ රාජකාරිය වන්නේ මාධ්‍ය ඒකකයට වී ඉන්ගිරිසියෙන් ප්‍රෙස් රිලීස් ලිවීමයි. මේ සියලු දෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බරක් බව අමුතුවෙන් කිව යුතු නැහැ.
ක්‍රිකට් ආයතනය සිදු කරන සියලු සංවර්ධන කටයුතු ජනතාව අතරට ගෙන යාමේ අරමුණ සහිත මාධ්‍ය ඒකකය මෙලෙස වල් වැදී තිබෙනවා. ඒ වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂටත් කොකා පෙන්නමිනුයි. ක්‍රිකට් ජනතාව අතරට ගෙන යාම පසක තබා තිලංග සුමතිපාලගේ දේශපාලන කටයුතු ජනතාව අතරට ගෙන යාම ක්‍රිකට් මාධ්‍ය ඒකකයේ අදටත් ක්‍රියාව වී තිබෙනවා. ඒ මෙවර පාර්ලිමේන්තු මැතිවරණ පරාජය වූ තිලංගව යලි නගා සිටුවමින් ක්‍රිකට් ආයතන බලය ඇල්ලීම දක්වා මෙහෙය වීම සදහායි. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ කටයුතු සමාජ ගතවීම වැලැක්වීමට මෙම ක්‍රිකට් මාධ්‍ය ඒකකයේ පිරිස සතු තවත් යටිකූට්ටු ගේමක් පවතින බවත් ඇතමුන් පවසනවා. මෙරට ක්‍රීඩාවේ හදවත වන් ක්‍රිකට් යලි ගොඩ නැගීම කවුරුන් කෙසේ කවදා කටයුතු කරනු ඇතැයි ජනතව තවමත් ඇගිලි ගනිමින් සිටින බව පමණක් අවසන් ලෙස සටහන් කළ යුතුයි.
සබැඳි ලිපි
No comments