• Breaking News

    ක්‍රීඩකයන් විනාශ කරමින් කුණු මාලු විකුණන ජඩ මාධ්‍යකාරයෝ


    එදා ඉඳන් අදටත් මාලු කාරයා මාලු පෙට්ටිය බැඳන් හෝ කරත්තය තල්ලු කරන් අපේ ගෙවල් ඉදිරියෙන් යනවා. හැමදාම ඔහුගෙන් මිනිස්සු මාලු ගන්නේ අලුත් මාලු ගේන හින්දයි.
    එක දවසක හරි මේ මාලු වෙළෙන්දා කුණු මාලු විකුණුවොත් ආයෙත් මිනිස්සු මිනිහගෙන් මාලු නොගන්න නිසා ලේසියෙන් නරක් වෙච්ච මාලු ගේන්නෙ නෑ. ඒකත් එකටම අපේ රටේ ක්‍රීඩා මාධ්‍යයේ සමහරු මාලු කාරයන්ටත් වඩා සවුත්තුවෙලා. කුණු මාලුත් මාකට් කරන්න පටන් අරන්. අලුත්ම කුණු මාලු විකුණන කලාව පටන් අරන් තියෙන්නෙ ඊයෙ පෙරේද යූ ටියුබ් අටව ගත්ත මාධ්‍යවේදීන් කියා ගන්නා කීප දෙනෙක්.



    ස්වර්ණවාහිනියෙ කාලයක් වැඩ කරල එතනින් එළියට දාපු අයෙක් මේ කුණු මාලු වෙළඳාමේ ඉහළින්ම ඉන්නවා. තමන් අටව ගත්තු යූ ටියුබ් එකකින් මහා ක්‍රීඩා මාධ්‍යවේදියෙක් කියා ගන්නා මොහු යූ ටියුබ් හරහා මාධ්‍ය කලාව තුට්ටු දෙකට දාන්න පටන් අරන්. තමන්ගෙ යූ ටියුබ් එකේ රීච් , හිට්ස් වැඩි කර ගන්න අහිංසක ක්‍රීඩකයො බිලිබා ගැනීම මොහු ජයටම කරන්න පටන් අරන්. ක්‍රීඩකයන් විනාස කරන ඔවුන්ගෙ ඇතැම් පෞද්ගලික කළමනාකරුවන්ගෙන් ජරාව ගනිමින් මොහු කරන්නේ තේරීම් වලින් කැපී ගිය ක්‍රීඩකයන් පස්සේ ගොස් ඔවුන් ඉන්ටර්වීව් කර ඔවුන්ගේ කටට අසීරු ප්‍රශ්න දී ඔවුන් අමාරුවෙ දැමීමයි. කුණු මාලු විකුණන මාලු කාරයෙක් කරන්නෙත් මේ වැඩේමයි.
    මෙයාල කරන්නෙ කුණු මාලු විකුණා තම යූ ටියුබ් මාකට් කර ගැනීමයි.




    තේරීම් වලදි අසාධාරණයට ලක් වුණු ඒ වගෙම තමන්ට වඩා හොඳ ක්‍රීඩකයෙක් සීන් එකේ ඉන්න නිසා අවාසනාවන්ත විදියට අවස්ථාව නොලැබුණු එහෙම නැත්තන් තමන්ගෙ නොසැළකිල්ලෙන් තමන්ගෙ වැරැද්දෙන් කැපී ගිය ක්‍රීඩකයෝ මේ රටේ එමටයි. අවස්ථාවෙන් ප්‍රයෝජනය අරන් ක්‍රීඩකයො පාවල දෙන තකතීරු මාධ්‍ය කලාවක් ප්‍රගුණ කරමින් සිටින මේ යූ ටියුබ් කාරයන් අනා ගන්නා දිනය අත ළඟයි. Lankasportsnews හැම විටම ක්‍රීඩා බලධාරින්ගේ හොරකම් , බලුකම්, හෙළිදරව් කරන්නේ ක්‍රීඩාවට ඇති ආදරය නිසයි. ක්‍රීඩකයන්ගෙ ආරක්ෂාව බලන්නෙ ඔවුන්ට ඇති ආදරය නිසයි. ඒත් අනික් ක්‍රීඩකයො කපමින් තම වළ ඉහ ගන්න හදන එහෙම නැත්තන් බයිල කියන ක්‍රීඩකයො හිටපු ක්‍රීඩකයො ඉන්නවනම් ඔවුන්ව හෙළිදරව් කරන්නත් Lankasportsnews පසුබට වෙන්නෙ නෑ. මේ වගේ ජඩ මාධ්‍යවේදීන් නිසා තමන් අමාරුවෙ වැටෙන බව ක්‍රීඩකයො තේරුම් ගන්න කොට පෙරහැර ගිහින් ඉවරයි. ඇට බෝලවත් ගහල නැති මේ ජඩ මාධ්‍යකාරයෝ ක්‍රිකට් ගැන පකීර්ලා වගේ කතා කළත් ක්‍රීඩකයගෙ වටිනාකම හා ඔවුන්ව ආරක්ෂා කරගෙන මාධ්‍ය භාවිතා කරන්නෙ කොහොමද නොදන්නෙ වැස්සකටවත් පිට්ටනියක දුවල නැති නිසයි.



    No comments