• Breaking News

    ලසිත් මාලිංගගේ අභියෝගය විශ්‍රාම ගිය ක්‍රීඩකයෙක් බාර ගන්නවාලු


    ලංකාව නියෝජනය කර පැත්තට වෙලා ඉන්න ක්‍රිකට් ක්‍රීඩකයො කිහිප දෙනෙක් අලුත් වැඩකට අත ගහලා. ඒ තමයි යූ ටියුබ් වලිනුයි සූම් වලිනුයි ලංකාවෙ ක්‍රිකට් හදන්න යන එක. ඕස්ට්‍රේලියාවට වෙලා ඉන්න ඩිල්ෂානුයි රසලුයි දෙන්නත් දැන් හරියට උපදෙස් දෙනවා. ඩිල්ෂාන් එහේ මල්ග්‍රේව් කියන තුන්වෙනි පෙලේ නෝන්ඩි ක්ලබ් එකක ක්‍රිකට් ගහන අතරෙ රසල් ආනල්ඩ් සැරින් සැරේ ඇවිත් විස්තර විචාරයෙ යෙදෙනවා. මේ අතරට අලුතින්ම එක්වුණේ ලසිත් මාලිංගයි. ඔහු ළඟදි කරල තිබුණු අභියෝගයක් තමන් බාර ගන්න කැමතියි කියල හිටපු ක්ලබ් ක්‍රීඩකයෙක් lankasportsnews වෙත දන්නල තිබුණා.


    අප කතා නායක මෙම ක්‍රීඩකයා මීට අවුරුදු 16 කට කලින් ලසිත් මාලිංග ක්‍රීඩා කරපු NCC එක්ක 23 න් පහළ තරගාවලියෙ කෝල්ට්ස් ක්‍රීඩාංගනේ පවත්වපු අවසන් තරගෙදි ලසිත් මාලිංගගෙ ඕවරේකට හයේ පහර පහක් එල්ල කරපු අයෙක්. ඒ වෙනකොටත් ලසිත් ලංකාව නියෝජනය කරමින් තමයි හිටියෙ. ලසිත්ගෙ අභියෝගෙ උනේ දැනුත් ඔහුට විකට් එක කෙළින් බෝල 24 ක් දාන්න පුළුවන් බවත් යාර තිහේ සීමාවෙ ක්‍රීඩකයකුගෙ හිසට උඩින් පාරක් ගහල පෙන්නන ලෙසත්. මේ පිතිකරුවට කවදාවත් ලංකාවට ගහන්න බැරි වුණා. දැන් ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම අරන් කාලයක් වෙන නිසා මේ අභියෝගය බාර ගන්න කලින් සතියක්වත් පුහුණු විය යුතු බව ඔහු lankasportsnews වෙත පැවසුවා.
    ඔහුත් ලසිත්ගෙ වයසෙම පසුවන්නෙක්.

    No comments