හරීන්ගේ ගැසට්ටුවේ පිහිටෙන් නැවත වරක් ක්‍රිකට් විධායක සභාවට නිතරගයෙන් තේරී පත් වීමට බලා සිටින ෂම්මි සිල්වා ඇතුළු හොර නඩයට අකුලාගෙන ගෙදර යාමට සිදුවන ලකුණු පෙනෙන්න තිබෙනවා.
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාවිතානගේ අද ( 7 ) පාර්ලිමේන්තුවේ පැවැත්වූ සැර කතාවට පිළිතුරු දෙමින් කතා කළ ක්‍රීඩා ඇමතිවරයා තව දෙසතියකින් වෙන දේ බලා සිටින ලෙස කීමෙන් මේ බව තහවුරු වෙනවා.
මේ අනුව හරීන් ප්‍රනාන්දු විසින් තම ගජ මිතුරු සංගමය බේරාගැනීමට මැයි මස නිකුත් කළ ගැසට් නිවේදනය බොහෝ විට අහෝසි කොට නවගැසට් පත්‍රයක් නිකුත් කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
මේ අනුව කිසිදු සුදුසුකමක් නොමැතිව භාණ්ඩාගාරික තනතුරේ සිටින හා ඉදිරියටත් පත් වීමට බලාසිටින සුජීව ගොඩලියැද්දටද ගෙදර යාමට සිදුවනු ඇතැයි වාර්තා වෙනවා.
ඉන්පසු මෙතෙක් ඔහු විසින් අනුමත කරඇති කෝටි ගණනක නීති විරෝධී වියදම් ගැන විගණනයක් සිදු කෙරෙනු ඇතැයිද ඒ සමගම ඔහුට එරෙහිව නඩු දැමීමට ක්‍රීඩාසමාජ කිහිපයක්ම සූදානමින් සිටින බවත් lankasportnews වෙත වාර්තා වෙනවා. ක්‍රිකට් බලධාරීන්ගේ අලුත්ම හොර වැඩ ගැන ඉදිරියේ දිගින් දිගටම තොරතුරු ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා.
No comments:
Post a Comment