ක්‍රිකට් කියන්නෙ ලංකාවෙ හොඳ ඉල්ලමක්. මේක තියෙන්නෙ කොළඹ මේට්ලන්ඩ් පෙදෙසේයි. නුස්කි මොහොමඩ් කියන්නෙ හොඳ ව්‍යාපාරිකයෙක්. ඒ වගෙම ක්‍රිකට් වල දීර්ඝ කාලයක් හිටපු නිලධාරියෙක්.
දැන් ඔහු ක්‍රිකට් පරිපාලනේ නැහැ. ඒත් ඔහුගෙ ව්‍යාපාරික සගයා වන ෂිබ්ලි විල්කාසිම් තවමත් ක්‍රිකට් ආයතනයේ හොල්මනක් වගේ ඉන්නවා. ඒ උප සභාපති ජයන්ත ධර්මදාසගෙ හොඳම චක් ගෝලයෝ දෙන්නාගෙන් කෙනෙක් හැටියටයි.
අනෙක් චක් ගෝලයා ප්‍රියන්ත අල්ගමයි.
නුස්කියි ෂිබ්ලියි පාට්නර්ල වෙලා දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන ආපු බිස්නස් එක තමයි The Cricket Shop නම් කොල්ලුපිටියේ තියෙන ක්‍රිකට් භාණ්ඩ අලෙවි හල. මේ ශොප් එකේ කෝටි ගානක ආදායම තමයි ක්‍රිකට් ආයතනයට තොග ගණනින් ක්‍රිකට් භාණ්ඩ සැපයීම.
ඕනෑම භාණ්ඩ ඉල්ලුමකදිම කවිරු මොන තරම් අඩුවෙන් ටෙන්ඩර් ඉදිරිපත් කළත් ඒ ඇණවුම යන්නෙ ෂිබ්ලිගෙ ටෙන්ඩරයටයි.
පාසල් වලට ක්‍රීඩා සමාජ වලට ක්‍රිකට් ආයතනය බෙදන ක්‍රිකට් බෑග් කියන්නෙ ෂිබ්ලිගෙ බඩු තමයි. ඒ බඩු ඔක්කොම බාල කොලිටියෙ කියල දන්නෙ ඒව පාවිච්චි කරන අය විතරයි.
කෝටි ගණනින් ෂිබ්ලිගෙ කල්ල මරේ වෙද්දි ඒ ටෙන්ඩර් පාස් කරන සුජීව ගොඩලියැද්දටත් 10% ක් යනවා. කෝටි ගණන් ක්‍රිකට් භාණ්ඩ රට වටේම බෙදනව කිව්වම එයින් කෝටි කීයක් ෂිබ්ලිටයි සුජීවටයි යනවද කියල දන්නෙ අතලොස්සක් විතරයි.
ෂිබ්ලි තමයි ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙ ගමන් මළු සපයන කොන්ත්‍රාත් එකත් කරන්නෙ. එක ටුවර් එකක් විතරක් පාවිච්චි කරන්න පුළුවන් බාල වර්ගයේ ඒ ගමන් මළු ටුවර් අස්සෙම රෝද කැඩී යාම සුලබ දර්ශනයක්.
ඒ විතරක් නෙවෙයි මේ ෂිබ්ලි උප සභාපති ජයන්තගෙ ලේකම් හැටියටත් වැඩ කරනවා. ඒ වෙනුවෙන් ලක්ෂ 3 ක මාසික පඩියක් කාර් දෙකක් රියදුරෙක් හා පෙට්‍රල් ක්‍රිකට් ආයතනයෙන් සැපයෙනවා.
එක කාර් එකක් පාවිච්චි කර්න්නෙ ෂිබ්ලිගෙ නෝනායි. ඒ ක්‍රිකට් ෂොප් එකේ ගමන් බිමන් වලට. මේ වගේ ක්‍රිකට් මුදල් අවභාවිතා කරන කෝටි ගණන් මුදල් ගසා කන උන් රජ කරන ක්‍රිකට් ආයතනයට මොන අණ්ඩුව ආවත් රැකවරණය ලැබෙනවා.
මාලිමා ආණ්ඩුවත් තවමත් ක්‍රිකට් හොරුන් රකිමින් සිටින බව ඔවුන්ගෙ මුනිවත රැකීම තුළින් ඔප්පු වෙනවා. හොරු අල්ලන්න ආපු ආණ්ඩුවකුත් මෙහෙම නම් ඉතින් කාට කියන්නද ? කොහොම වුණත් මොන සයිබර් ඇටෑක් ගැහුවත් හොරු හෙළිදරව් කිරීමේ උදාර කටයුත්ත lankasportsnews ඉදිරියටත් කරන බව කියන්නෙ බොහොම සතුටින්.
No comments:
Post a Comment