Tuesday, February 11, 2025

ටැමිල් යූනියන්ලා SSC මැච් එක fix කළාදැයි සැකයක්


ලංකාවේ ප්‍රිමියර් කුසලාන අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියේ අවසන් සති දෙකට එළඹෙද්දී හැමෝගෙම අවධානය යොමු වෙලා තියෙන්නෙ ප්‍රබලම ක්‍රීඩා සමාජය වන SSC ක්‍රීඩා සමාජය වෙතයි.


ඒ ඉතිහාසයේ ප්‍රථම වරට දෙවෙනි පෙළට වැටීමේ තර්ජනයකට ඔවුන් මුහුණ දී තිබීමයි.


ඔවුන්ට තවත් ඉතිරිව ඇත්තේ NCC තරගය පමණයි. දැනට ලකුණු සටහනේ අටවැනි ස්ථානයේ සිටින SSC පිල දෙවෙනි කොටසට පහතට නොවැටී සිටීමට නම් මේ වන විට ලකුණු සටහනේ මුලටම සිටින ප්‍රබල NCC පිල මුළුමනින්ම පැරදවිය යුතුයි. 


ඒ නිසා NCC ක්‍රීඩා සමාජය සමග මැච් ෆික්සින් එකක් කර ගැනීමේ නීච උත්සාහයක යෙදීමට SSC ක්‍රීඩා සමාජයේ ප්‍රබලයකූ උත්සාහ දරමින් සිටින බව lankasportnews වෙත වාර්තා වෙනවා. 

කලක් ක්ලීන් චරිතයක් ලෙස හැඳින්වුවත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ විවිධ තනතුරු දැරීම නිසා දැන් කළු චරිතයක් බවට පත්ව තිබෙන මෙම නිලධාරියා එලඹෙන ක්‍රිකට් නිලවරණයේදී ප්‍රධාන තනතුරු තුනකටම නාම යෝජනා ලබා දී තිබෙනවා. 


මේ අතර පසුගිය සති අන්තයේ SSC හා ටැමිල් යූනියන් තරගයද අවසන් වූ ආකාරය සැක සහිත බව ක්‍රිකට් ක්ෂේත්‍රයේ කතා බහට ලක්ව තිබෙනවා. 


මෙම තරගයෙන් SSC පිල ඉනිමක හා ලකුණු 10 ක ජයක් ලබා ගෙන තිබෙන අතර එසේ ඉනිමක ජයක් ලබා දීමට ටැමිල් යූනියන් පිලේ ක්‍රීඩකයන් ඕනෑ කමින් කටයුතු කර ඇති බවක් පෙනෙන්නට ඇති බව ඔවුන්ගේ මතයයි.


ටැමිල් යූනියන් පිලේ අවසන් කඩුලු 5 ඕවර 8ක් තුළදී ලකුණු 26කට දැවී යාම බොහෝ දෙනාගේ සැකයට භාජනයවී තිබෙනවා. 

එම අවසන් කඩුලු 5 න් එකක් වනුයේ ටැමිල් යූනියන් පිලේ නායකයාගේයි. ඔහු මීට පෙර SSC පිලට ක්‍රීඩා කළ අයකු වීම මෙම සැකයට තවත් හේතුවක් වෙනවා.



එසේම ඔහු මේ වන විට ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ සිටීමත් තේරීම් කමිටු සාමාජිකයකු SSC ක්‍රීඩා සමාජයේ හිටපු ක්‍රීඩකයකු වීමත් එක්තරා කතන්දරයක් විය හැකි බැව්   මොවුන්ගේ මතය වී තිබෙනවා.


ඉස්සර මැච් ෆික්සින් තිබුණේ පොඩි පොඩි ක්‍රීඩා සමාජ අතර වුවත් ක්‍රිකට් ආයතනයේ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දූෂණ මර්ධන ඒකක පිහිටුවා තිබියදී ලොකු ලොකු ක්‍රීඩා සමාජ අතරත් මැච් ෆික්සින් මෙලෙස සිදු වන්නේ නම් ලංකාවේ ක්‍රිකට් වලට 1X BAT වලම පිහිටයි.


ලබන සතියේ SSC- NCC තරගයේත් හොඳ හොඳ සෙල්ලම් සිදු වනු නියත බව lankasportnews කියන්නේ වගකීමෙන් යුතුවයි. මේ තරගයට යොදා ඇති විනිසුරුවන් ගැනද අවධානයෙන් සිටිය යුතුමයි.


No comments:

Post a Comment