භාණ්ඩාගාරිකට සල්ලි උපයන ධන නිධානයක් වූ දඹුල්ල හා පල්ලෙකැලේ පිහිනුම් තඨාක
ලංකාවෙ ක්‍රීඩා වල හොර මැර කම් ගැන මුද්‍රිත හෝ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය වල කියවෙන්නෙම නැති තරම්. ඒ ක්‍රිකට් ආයතනයත් ඔලිම්පික් කමිටුවත් පාපන්දු සම්මේලනයත් බොහෝ ක්‍රීඩා මාධ්‍යවේදීන්ව මුදලට හෝ ටුවර් වලට අහු කරගෙන තියෙන නිසයි.
ඒ කොන්දක් නැති ජරාජීර්ණ මාධ්‍යවේදීන් ගැනත් තොරතුරු ඉදිරියෙදි lankasportsnews වෙතින් හෙළිදරව් කරන්න බලාපොරොත්තු වෙනවා.
අද කියන්න යන්නේ ක්‍රිකට් ආයතනය මගින් අවුරුදු ගාණක් ඉදිකර දැන් ඈලියාවට ගිහින් තියෙන පිහිනුම් තඨාක දෙකක් ගැනයි.
මේ තඨාක දෙක තියෙන්නෙ දඹුල්ල ක්රීඩාංගණයෙයි පල්ලෙකැලේ ක්රීඩාංගණයෙයි.
හද හදා ඉන්නකොටත් ලීක් තිබුණු නිසා මේවා ඉදිකිරීම් වලට අවුරුදු ගාණක් ගියා.
ඇස්තමේන්තුවත් වැඩියෙන් දාල කෙරුනත් මේ හේතුවෙන් තවත් අමතර මුදලක් වියදම් කර ඉදි කෙරුණු මේ තඨාක දෙක ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ටවත්, පිහිනුම් ක්‍රීඩකයන්ටවත් විවෘත වෙන්නෙ නැහැ.
පල්ලෙකැලේ තඨාකයේ විහිළුව නම් විශාල ප්‍රේක්ෂක පිරිසකට පිහිනුම් නරඹන්න පුළුවන් අන්දමට විශාල ප්රේක්ෂකාගාරයකුත් ඉදි කර තිබීමයි.
මේ අතිරේක වියදම් වල මහ මොළකරු ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්දයි.
සැලසුම් හදන්නෙත් , කොන්ත්‍රාත් කරන්නෙත් සුජීවට ඕන හැටියටයි.
සල්ලි පාස් කරන්නෙත් ඔහුමයි.
මොහුගෙ වත්කම් සොයා බැලුවොත් මේ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.
තිලංගගෙ ඉඳන් ෂම්මි දක්වා ඇවිත් සාගල,හරින්, සී.බී. මෙන්ම වත්මන් මාලිමා ආණ්ඩුවේ හරිනි, සුගත් , හඳුනෙත්තිගෙත් නහය විද ඔවුන්වත් අල්ලා ගන්න සමතෙකු වන සුජීව කියන්නේ කට්ට කයිරාටික නූල් සූත්තර කාරයෙක්.
තමන් ක්ලීන් පොරක් යයි කියා ගන්නා වත්මන් ක්‍රීඩා ඇමති වරයාට lankasportsnews දෙන අභියෝගය නම් පුලුවන් නම් ක්‍රිකට් වලට අරක් ගෙන ඉන්න මේ හොරුන්ව අල්ලා හිරේ දාන්න කියලයි. කයිවාරුවට වඩා අවශ්‍ය වෙන්නෙ ක්‍රියාවෙන් ඔප්පු කර සිටීමයි.
No comments