• Breaking News

    හඳුනෙත්ති ඇන්දවීම සනත් හා ප්‍රමෝද්‍ය හරහා


    ක්‍රිකට් ආයතනයේ දූෂණ මාලිමා රජයෙන් හා ජනාධිපතිවරයාගෙන් වසන් කොට දිගටම බලයේ  රැඳී ඉඳීම සඳහා ෂම්මි සිල්වා හා සුජීව ගොඩලියැද්ද මෙවර ගහන ගේම් එකේ අතරමැදි ජොබ් එක සනත් ජයසූරිය හා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ විසින් බාර ගෙන ඇතැයි lankasportsnews වෙත වාර්තා වෙනවා. 


    මේ වන විට සනත් කෝටියකට වැඩි වැටුපක් ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස ක්‍රිකට් ආයතනයෙන් ලබන අතර ප්‍රමෝද්‍ය බොරු තනතුරකට  ලක්ෂ හයක වැටුපක් ලබනවා.


    මේ අතර ප්‍රමෝද්‍ය මාතර ක්‍රීඩා සමාජයේත් සනත් මාතර දිස්ත්‍රික් සංගමයේත් සභාපති හැටියට කටයුතු කරනවා. 

    පට්ටම් දැරුවත් මාතරින් ක්‍රිකට් ගහන්න ආ මේ දෙන්නාම අදටත් මාතර ක්‍රිකට් වලට හෝ තමන්ගේ පාසල් වලට කරපු කෙංගෙඩියක් නොමැති බව මාතර ක්‍රිකට් අද පත්ව ඇති  තත්වයෙන්ම පේනවා.


    මාතර ටවුමේම තියෙන උයන්වත්ත ක්‍රීඩාංගණයේ කොටස් දෙක එකතු කර අඩු වියදමකින් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණයක් හදන්න පුළුවන් කම තිබියදී සනත් ජයසූරිය ක්‍රීඩාංගණය පිළිසකර කරන්න හා බොරු ක්‍රිකට් පාසල් වෙනුවෙන් බිලියන ගණනක් වියදම් කරන්න යාම ලෝක විහිළුවක් බව මාතර ප්‍රදේශයේ හිටපු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු අපට පැවසුවා.


    ඔහු කියන්නේ මෙවැනි පාසලක් හදන්නේ නම් ඕනෑ තරම් ඉඩ කඩ හා පහසුකම් ඇති සූරියවැව ක්‍රීඩාංගණය මේ සඳහා යොදා ගත හැකි බවයි.


    බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටුවේ සභාපතිවරයාද වන සනත් එහි මීළඟ නිලවරණයේදී වත්මන් සභාපතිවරයා එලවා එහි සභාපති වන්නටද මෙහෙයුමක් දියත් කර තිබෙනවා.


    මේ සියල්ලේ යටි අරමුණ වී ඇත්තේ ෂම්මිලා තව වාරයක් බලයට පත් වී ඊළඟ වාරයේ සනත් ක්‍රිකට් මුල් පුටුවට ඒමයි.



    පසුගිය කාලයේ හරින් ප්‍රනාන්දු සමග නොයෙකුත් ඩීල් වල නිරත වූ සනත් හරින්ගේ සංචාරක හා තරුණ  කටයුතු අමාත්‍යංශ වල මුදල් අවභාවිතා කළ අයුරු දැන් කෝප් කමිටුවේ හෙළිදරව් වෙමින් පවතිනවා.



    සනත් හා ප්‍රමෝද්‍ය ලවා කරන මෙහෙයුම වන්නේ  ක්‍රීඩා ඇමතිවරයාටද ජනාධිපතිවරයාටද හොරෙන් හොරෙන් හිටපු කෝප් කමිටු සභාපති සුනිල් හඳුනෙත්ති ඇමතිවරයා ඇන්දවීමයි.


    මේ සඳහා මාතර පොල්හේනේ පිහිටි පන්සල් ඉඩමක කාන්තා ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයක් හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ක්‍රිකට් ආයතනය මගින් ඉදි කර දීමට යි.


    මේ වසරේ ක්‍රිකට් තරගාවලි නොමැති කම නිසා තියෙන  වියදම් පවා කපා හැර තිබෙන ක්‍රිකට් ආයතනය මේ සඳහා බිලියන ගණනක් වියදම්  කරන්නේ කොහොමද යන්න ගැටළුව7ක් වී තිබෙනවා.



    මීට වසර ගණනාවකට පෙර මේ විදියටම ක්‍රිකට් සරසවියක් ඉදි කරන බව කියමින් කුන්ඩසාලේ පන්සල් ඉඩමක් මිලියන 20 කට මිළදී ගත්තත් අද වනතුරු එහි කිසිදු දෙයක් කර නැහැ.


    මයිත්‍රිපාල සිරිසේන ජනාධිපති ලෙස සිටියදී පොළොන්නරුවේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කර දෙන  බවට ඔහුව ඇන්දවූ ෂම්මි හා සුජීව ඉදි කළ හිගුරක්ගොඩ ක්‍රීඩාංගණයේ මේ වන විට ක්‍රීඩකයන්ට ඉන්න තැනක් හෝ නොමැති නිසා තරග වලදී ඔවුන් සිටින්නේ ගස් යටයි.


    ඇන්දවීම කලාවක් නම් එහි පිකාසෝලා වන ෂම්මි  හා සුජීව මෙවර අනුර කුමාර ජනාධිපතිවරයාවත් සුනිල් හඳුනෙත්ති ඇමතිවරයාවත්  සනත් හා ප්‍රමෝද්‍ය ඉදිරියට දමා අන්දන හැටි lankasportsnews බලා ඉන්නවා.


    No comments