• Breaking News

    ක්‍රිකට් මළ පෙරේතයෝ හෂාන් හා අප්සාරිගේ පුතාගෙනුත් පළි ගනියි


    දුවිඳු තිලකරත්න කියන්නෙ හෂාන් තිලලරත්නගෙ පුතා. මෙවර ප්‍රිමියර් ක්ලබ් තරගාවලියෙ තුන්වැනියට වැඩිම කඩුළු දවා ගත් පන්දු යවන්නා. මේ දස්කම නිසා ඔහුව NSL තරගාවලියෙ දඹුල්ල කණ්ඩායමට තෝර ගනු ලැබුවා. ඒත් ඔහු තාමත් ඉන්නෙ බංකුවෙ. අවස්ථාවක් දෙන්නෙ නැහැ.


    හෂාන් වගෙම දුවිඳුගෙ අම්මා අප්සාරිත් පහුගිය මැතිවරණයෙදි සජිත් ප්‍රෙර්මදාසට සහයෝගය දැක්වුවා. අප්සාරි මහ මැතිවරණයෙදි සජබෙන් කොළඹට තරගත් කළා.


    මේ හේතුවෙන් ෂම්මි, සුජීව  ඇතුළු ක්‍රිකට් බලධාරීන් අප්සාරි ක්‍රිකට් බෝඩ් එකේ කරපු රස්සාවෙනුත් එළියට දැම්මා. 


    දැන් දුවිඳුගෙනුත් පළි අර ගන්න පටන් අරන්.


    මේ කැපිල්ලට දඹුල්ල පිලේ පුහුණුකරු ලෙස කටයුතු කරන තිලිණ කණ්ඩම්බිත් සම්බන්ධයි. 


    ජාතික පිලේ පුහුනුකරු ලෙස කටයුතු කරන සනත් ජයසූරියත් සම්බන්ධ බව කියවෙනවා.


    ක්‍රිකට් වල ෂම්මිලාගේ බලු වැඩ වලින් මේ එකක් පමණයි.

     

    දේශබන්දු තෙන්නකෝන්ට මෙන් ෂම්මි හා සුජීව ඇතුළු ක්‍රිකට් මළ පෙරේත සෙට් එකටත් දිට්ඨ ධම්මවේදනීය කර්මය ඵල දෙන්න බොහොම කිට්ටු බවත් ඔවුන් සිටින්නේ වැලිකඩ පෙනෙන මානයේ බවත් ආරංචි මාර්ග පවසනවා. Lankasportsnews මෙතෙක් කී දෙයක් වැරදිලා නැහැ.

    No comments