• Breaking News

    අනුරගේ දූෂණ විරෝධී රජය යටතේ ෂම්මිට තවත් අවස්ථාවක්


    ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පෞද්ගලික සමාගමේ අද පැවති වාර්ෂික සභා රැස්වීමේදී තවත් වසර දෙකකට එහි සභාපති ලෙස ෂම්මි සිල්වා නිතරගයෙන් තේරී පත්ව තිබෙනවා. මෙසේ ෂම්මි තේරී පත්ව ඇත්තේ සිව් වැනි වතාවටයි.


    මෙම පෞද්ගලික සමාගම යනු ලංකාවේ කුප්‍රකට දූෂිතම ආයතනයක් බව නොදන්නා අයකු නොමැති තරම්. ඒ බව අද මේ පත්වීම ගැන බුකියේ දැක්වෙන අදහස් වලින් ඕනෑම අයකුට තේරුම් ගන්න පුළුවන්.


    ඒ අදහස් දක්වන බොහෝ දෙනා පවසන්නේ අනුර ජනපති හා මාලිමා රජය දූෂණය නැතිකරන බවට වේදිකාවල මොන තරම් බෙරිහන් දුන්නත් ඩඩ්ලි,ෂම්මි හා ටිරාන්ට අතවත් නොතබන බවයි.


    ඒ මාලිමාවේ චන්ද ව්‍යාපාරයට මොවුන් කෝටි ගණන් මුදල් දී ඇති නිසාවෙන් බවයි කියවෙන්නේ.


    කෝප් කමිටුවේදී ෂම්මිලාගේ රෙදි ගැලවූ සුනිල් හඳුනෙත්තිත් දැන් ෂම්මිලාගේ සුරතලකු වී අවසන්.


    කාගෙවත් සාක්කුවට වැටෙන්නෙ නෑ කියමින් කයිවාරු ගහන ක්‍රීඩා ඇමතිවරයාත් ක්‍රිකට් නිලවරණය පවත්වන්නට ඉඩ හැර ෂම්මිට තව වසර දෙකක් ඉන්න ඉඩ දීමෙන් ඔහුගේ නිවට කම පෙන්නුම් කළා. 



    ආපු ගමන් ක්‍රීඩා පනත හා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කරන බවට මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වුවත් හිටපු ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු විසින් ෂම්මිලාට නැවත බලයට ඒමට හැකිවන පරිදි පැනවූ ගැසට් පත්‍රය අද දක්වා වෙනස් කරන්න මේ කයිවාරු ඇමතිවරයාට නොහැකි වුණා.


    අනුර කුමාරලාත් ෂම්මි සරණං ගච්චාමි යන්නට හොඳම උදාහරණයක් පහුගිය පාර්ලිමේන්තුවේදීත් දකින්න ලැබුණා. 

    ඒ ෂම්මිගේ දූෂිත පරිපාලනයට එරෙහිව මුළු පාර්ලිමේන්තුවම යෝජනාවක් සම්මත කරද්දී අනුර ඇතුළු ජවිපෙ මන්ත්‍රීන් දෙදෙනා පමණක් සභාවේ නොසිට මග හැර සිට්ටිමෙන්.


    මේ දක්වා ක්‍රිකට් කෝප් කමිටුව වෙත නොකැඳවීමත් මාලිමා රජයේ ෂම්මි ආලයට උදාහරණයක්.


    ක්‍රිකට් පරිපාලනයට එන විට හරි හැටි වාහනයක් හෝ නොතිබුණු ෂම්මි, සුජීව හා රවීන් වැන්නන් අද  ප්‍රකෝටිපතියන් වී සිටින්නේ  කෙසේදැයි හරි නම් වහා සොයා බැලිය යුතු කරුණක් වුවත් දූෂණ විරෝධී කමිටුවේ වසන්ත සමරසිංහලාත් මේ වෙන කොට ඉන්නේ වලිගය කටේ රුවාගෙනයි.


    ෂම්මිලාගේ නැවත පත්වීම ඔවුන් විසින් නඩත්තු කරන මීඩියා වල ලොකුම ප්‍රවෘත්තියක් වීම සිනහවට කරුණක්. ඇතැම් මාධ්‍ය වලට එය බ්‍රේකින් නිව්ස් එකක් වීමත් ජෝක් එකක් වුණා.


    ෂම්මි පාලනය යටතේ අපේ ක්‍රිකට් වලට වසන්තය උදා වී ඇති බවක් පෙන්වන මාධ්‍ය වලට ෂම්මි සභාපති වුවාට පසු ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සහභාගි වූ ලෝක කුසලාන තරගාවලි පහේම අවසන් වටයට හෝ තේරීමට නොහැකි වීමත් චැම්පියන් කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට හෝ නොහැකි වීමත් නොපෙනීම පුදුමයට හේතුවක්.


    දූෂණය හා හොරකම මඬින්න ආ මාලිමා රජය යටතේ අලිබබා හා හොරු  රැළට කරදරයකින් තොරව නැවත වරක් හොරා කෑමට අවස්ථාව උදා කර දුන් ජනපති අනුරටත් ඔහු පත් කළ වැස්සටවත් නොදුවපු කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරෙන ක්‍රීඩා ඇමතිවරයාටත් අපේ ආචාරය.!

    No comments