• Breaking News

    ඒකාධිපති ක්‍රිකට් අධිකාරියේ අයියයි මල්ලියි


    ඉන්දියාව කියන්නේ දැන් ලෝක ක්‍රිකට් වල අයිතිකාරයායි. ඉන්දියන් ක්‍රිකට් බෝඩ් එකේ සල්ලි වලට මුළු අයිසීසියම දෙකට නැමුණේ කාලයක සිටයි. අයිපීඑල් තරග යද්දී අයිසීසියේ සියලුම තරග නවත්වන්නේ අයිපීඑල් එකේ වටිනාකම උස්සන්න අයිසීසිය ඉන්දියන් ක්‍රිකට් බෝඩ් එකට නැමෙන නිසයි.


    ඉන්දියන් ක්‍රිකට් බෝඩ් එකේ ගණන්කාර කම තවත් වැඩි වුණේ ජේෂා එහි සභාපති වීමත් සමගයි.


    දැන් පැවත්වෙන අයිසීසී චැම්පියන් කුසලාන තරගාවලිය ඊට හොඳම නිදසුනක්.


    මෙහි සත්කාරකත්වය හිමි රට පකිස්තානය වුණත් මුළු තරගාවලියම පවත්වන්නේ ඉන්දියාවට ඕනෑ අන්දමටයි.


    ඉන්දීය කණ්ඩායම පකිස්තානයට යාම ප්‍රතික්ෂෙප කිරීම නිසා ඉන්දියාව සහභාගි වන තරග ඩුබායිහි පැවැත්වෙනවා. 


    මෙය ඉන්දියාවට අවසන් තරගයට එන්න වාසියක් උනා. එකම හෝටලයේ සිට එකම ක්‍රීඩාංගණයේ තරග වැදුනු ඉන්දීය පිල අවසන් තරගය පවත්වන්නේත් පකිස්තානයේ තරග වැදී එන කණ්ඩායමක් සමගයි.


    ඒ මදිවාට තරග තීරකලා ෆුල් සපෝට් එක දෙන්නෙත් ඉන්දියාවටයි.


    කොටින් කියතොත් මේ ගහන්නේ ඉන්දියාවට චැම්පියන් කම ලියා දෙන චැම්පියන් කුසලාන තරගාවලියක්.


    මින් ඉදිරියට ඕනෑම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් ආරම්භයට කලින්ම ශූරතාව ඉන්දියාවට ලියා දීම හැර වෙන විකල්පයක් නැහැ.


     ඉන්දීය ක්‍රිකට් පුද්ගලික සමාගමේ ලොක්කා ජේෂා වගේ ලංකාවෙ ක්‍රිකට් පුද්ගලික සමාගමේ අයිතිකාරයා ෂම්මි සිල්වායි. 


     සාගලලා හරින්ලා රනිල්ලා මුදලට ගන්න සමත් වුණු ෂම්මි හොරු අල්ලන්න ආ අනුර කුමාරත් අල්ලගෙන ඉවර කතාවක් ජවිපෙට මැරීගෙන වැඩ කළ ජවිපෙ සහෝදරවරුත් දැන් කියන්න පටන් අරන්.


    ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේත් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකරත් ෂම්මිගේ සාක්කුවේ බව කියන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ අයමයි.


    ජේෂා හා ඔහුගේ සුවච කීකරු ෂම්මි චැම්පියන් කුසලාන සෙමි ෆයිනල් එක ඩුබායි ක්‍රීඩාංගණයේ සිට එකට නරඹන අයුරුයි මේ. ජේෂා හා එක්ව මොන ගැටයක් ගැහුවත් හෙට අනිද්දා උසාවි තීරණයක් මගින් ෂම්මිගේ පාලනයට කණ කොකා අඬනු ඇතැයි lankasportsnews ආරංචි මාර්ග පවසනවා.


    No comments