කාන්තා දිනයේත් සිහිපත් කෙරෙන ක්රිකට් බෝඩ් එකක්
අදට යෙදිල තියෙන කාන්තා දිනය වෙනුවෙන් රට පුරා විවිධ උත්සව පැවැත්වෙද්දි කාන්තා හිංසන කාන්තා නිදහස ගැනත් ලොකුවට කතා වෙනවා. ඒ කියනකොට ලංකාවෙ මතක් වෙන තැනක් තමයි ක්රිකට් බෝඩ් එක.
කාන්තා හිංසනයට ලිංගික අල්ලස් ඉල්ලීමට නමගිය තැනක් වන ක්රිකට් බෝඩ් එකේ ලිංගික අල්ලස් ඉල්ලීම නිසා සේවයෙන් ඉල්ලා අස්වෙලා ගිය කාන්තාවො එමටයි.
ඒ විතරක් නෙවෙයි එහෙම ගිය සමහර කාන්තාවො අදාල නිලධාරින්ට එරෙහිව නඩු මගට පිවිසිලා අදටත් ඒ නඩු විභාග වෙනවා.
ක්රිකට් බෝඩ් එකේ ප්රධාන විධායක ඈෂ්ලි ද සිල්වාට එරෙහිව ලිංගික අල්ලස් ඉල්ලීමේ චෝදනාවක් මත ගයත්රි වික්රමසිංහ නම් හිටපු ලේකම් වරියක් පැවරූ නඩුවක් තවම උසාවියේ අහනවා.
ඒ නිසා කාන්තා දිනයේදී ක්රිකට් බෝඩ් එකත් ඈෂ්ලි ද සිල්වාත් මතක් කළ යුතුමයි.
ඒ වගෙම නිළියොන්ට ක්රිකට් බෝඩ් එකේ අනුග්රහයෙන් රට සවාරි දෙන ලෝකයේ එකම ක්රිකට් බෝඩ් එක තියෙන්නෙත් ලංකාවෙයි. ඒත් අගමැති තනතුරෙත් කාන්තාවක් ඉන්න මේ මාලිමා ආණ්ඩුවත් මේ ක්රිකට් හොරුන්ට අහුවෙලා ඉවරයි කියලයි හැබෑ ක්රිකට් ලෝලීන් හිතන්නෙ නම්.?
No comments