• Breaking News

    මුල් පුටු රස්නෙන් ක්‍රීඩා සමාජ වලට ක්‍රීඩකයො අදින ජඩ ක්‍රමයක් - Lankasportsnews හෙළිදරව්වක්



    ප්‍රිමියර් කුසලාන අන්තර් ක්‍රීඩාසමාජ තුන්දින ක්‍රිකට් තරගාවලිය ගිය සතියෙන් අවසන් වුණේ බ්ලූම්ෆීල්ඩ් පිලට එහි ශූරතාව හිමි කරදෙමින්. මෙහි අනුශූරතාව NCC ක්‍රීඩා සමාජය හිමි කරගනිද්දී SSC ක්‍රීඩා සමාජය ලකුණු සටහනේ අන්තිමයා වෙමින් දෙවෙනි පෙළට වැටුණා.


    මේ තුන්දින තරගාවලියෙන් පස්සෙ එන්නෙ ප්‍රිමියර් අන්තර් ක්‍රීඩා සමාජ එක්දින තරගාවලියයි.


    ඒ අතර නැෂනල් සුපර් ලීගය ගහන නිසා එක්දින තරගාවලිය තියෙන්නෙ ඊට පස්සෙයි.


    එක්දින තරගාවලියට අලුතින් ක්‍රීඩකයන් රෙජිස්ටර් කරන්න පුලුවන් නිසා මේ දවස් වල නියම වැඩක් වෙමින් පවතින බව lankasportsnews වෙත වාර්තා වෙනවා. 


    ක්‍රිකට් බෝඩ් එකේ ලොකු ලොක්කන් ඉන්න ක්‍රීඩා සමාජ වලට අනික් ක්‍රීඩා සමාජ වල දක්ෂතා දක්වපු ක්‍රීඩකයන් ඇදල ගන්න ජරා වැඩක් ගැන බොහෝ ක්‍රීඩා සමාජ වලින් චෝදනා එල්ල වෙනවා. 


    ක්‍රිකට් එකේ උප සභාපති රවින් වික්‍රමරත්නයි.ඔහු පානදුර පේනදුර ක්‍රීඩා සමාජයේ නිසි බලධාරියායි.


    මේ වෙනකොට වෙනත් ක්‍රීඩා සමාජ වල දස්කම් දක්වපු ක්‍රීඩකයො කිහිප දෙනෙකුටම කතා කරලා බලු විදියට පානදුරට ඇදල ගන්න ඔහු කටයුතු කරලා.


    ක්‍රිකට් ආයතනයේ හයි පර්ෆෝමන්ස් කෝච් කෙනෙක් වන සම්පත් පෙරේරාත් අනීතික ලෙස පානදුර ක්‍රීඩා සමාජයේ පුහුණුවට යොදාගෙන.


    මේ වෙනුවෙන් ඔවුන්ට ලංකා ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩා කරන්න අවස්ථාව දෙන බවටත් පොරොන්දු වෙලා. තේරීම් කමිටුවක් ඉන්දැද්දි ඔහු මෙහෙම පොරොන්දු දෙන විදියට ඔය ලංකා ප්‍රිමියර් ලීගය ගැන ඉතින් කවර  කතාද? 


    ඒ මදිවට සභාපති ෂම්මිත් මෙවර තරගාවලියෙ වැඩිම ලකුණු හා ශතක ලබපු පිතිකරුවත් පුද්ගලිකවම කතා කරලා CCC එකට අරන්.


    ක්‍රිකට් මුල් පුටුවල රස්නෙ අරන් තමන්ගෙ ක්‍රීඩා සමාජ වලට ක්‍රීඩකයො අදින මේ ජඩ ක්‍රමේ ගැන හෙළිදරව් කරන්න lankasportsnews වත්  තියෙන නිසා හොඳයි.


    No comments