MRF පුහුණුවට යවා ඇත්තේ වැරදි පන්දු යවන්නන් - හයිපර්ෆෝමන්ස් පුහුණුකරුවන්ගෙන් චෝදනාවක්
චෙන්නායිහි MRF පදනමේ මෙවර පුහුණුව සඳහා තෝරාගෙන ඇති පන්දු යවන්නන් පිළිබඳව නැවත සළකා බලන මෙන් ක්‍රිකට් හයි පර්ෆෝමන්ස් පුහුණුකරුවන් ඉල්ලා ඇතැයි lankasportsnews වෙත වාර්තා වෙනවා.
මෙම තෝරා ගැනීම් මුළුමනින්ම කර ඇත්තේ චෙන්නායිහි MRF වේග පන්දු පදනමෙන් මෙහි පැමිණි පුහුණුකරුවන් තිදෙනකු විසින් බවත් එහිදී හයිපර්ෆෝමන්ස් වේග පන්දු යවන්නන්ගේ නිර්දේශ ඔවුන් තඹ සතයකට මායිම් නොකර ඇති බවත් වාර්තා වෙනවා.
මේ පිළිබඳව ප්‍රකාශයක් කරන දෙවෙනි ඉනිමේ සහාය පුහුණුකරු හා හයිපර්ෆෝමන්ස් හයි පේඩ් වේග පන්දු පුහුණුකරු අනුෂ සමරනායක පැවසුවේ මෙම පුහුණුවට යැවීමට හොඳම සුදුස්සා අනුහස් බැවින් මේ තේරීම් නැවත සළකා බලන ලෙසයි. මේ වන විට දෙවෙනි ඉනිමේ අනුහස් ඉතාමත් හොඳින් පන්දු යවන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.
හයිපර්ෆෝමන්ස් සෙසු පුහුණුකරුවන්ද මෙය අනුමත කර තිබෙනවා.
මේ පිළිබඳව ක්‍රීඩා ඇමතිවරයාවද දැනුවත් කරන බව ඔවුන් පවසා සිටියා.
එහෙත් දෙවෙනි ඉනිම ප්‍රධාන පුහුණුකරු කමල් දේශප්‍රිය පැවසුවේ අනුෂගේ පුහුණුකාරිත්වය යටතේ අනුහස්ගේ පන්දු යැවීම දුර්වල වී ඇතත් ඔහුගේ පිතිකරණය දියුණු වී ඇති හෙයින් අනුහස් පන්දු යැවීමෙන් ඉවත් කර මුල් පෙළ පිතිකරුවකු ලෙස ඉදිරියේදී යොදා ගැනීමට තමන් බලාපොරොත්තු වන බවයි.
No comments