• Breaking News

    පඩි දෙකක් ගන්නා දූෂණ විරෝධී සුපිරි වැඩ්ඩෙක්


    සුමති ධර්මවර්ධන කියන්නෙ ලංකාවෙ නීතිපති දෙපාර්තමේන්තුවෙ අතිරේක සොලිසිටර්  ජනරාල්‍ ය. මීට මාස පහ හයකට ඉස්සෙල්ලා මෙයාට අයිසීසී යෙන් පත්වීමක් ලැබුණා ඇන්ටි කරප්ෂන් ලොක්කා හැටියට.ඇලෙක්ස් මාෂල් ඉන්නෙත් මෙයා යටතෙයි.


    හැමෝම හිතුවා මෙයා ලංකාවෙ නීතිපති එකේ රස්සාවෙන් අස් වෙලයි ඒකට යන්නෙ කියල.


    මෙන්න බොලේ මෙයා තාම ජොබ් දෙකම කරල පඩි දෙකක් ගන්නව.


    ඒකත් කමක් නැහැ  කියමුකෝ වැඩේ කියන්නෙ ගන්න පඩි දෙකටම වැඩක් කෙරෙන්නෙ නැති එකයි.


    හිටපු ගමන් නඩුවකට පෙනී ඉන්නකොට මිනිස්සු දැන ගන්නවා මෙයා තාම ලංකාවෙ නීතිපති එකේ වැඩ කියලා.


    ඒත් හැමෝම හිතන්නෙ අයිසීසියෙ රස්සාවෙන් අයින් වෙලා කියලයි.

    ඒ මාස හයක් තිස්සෙ මෙයා අල්ලපු කරප්ෂන් එකක් නැති වීම හින්දයි.


    ඔතන හිටපු ඇලෙක්ස් මාෂල් හිටපු පොලිස් කාරයා නම් ඉඳලා හිටලා මැච් විකුණපු ක්‍රිකටර් කෙනෙක් අල්ල ගත්තා.

    ලංකාවටත් කීප සැරයක් අපේ බෝඩ් එකේ අනුග්‍රහයෙන් කීප සැරයක් ඇවිත් ලොකු හෝටල්වල  නැවතිලා සැප අරන් ගියා.

    එයා ලංකාවෙ සැක සහිත මැච් විකුණන්නන් 17 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් එක පාරක් ලංකාවට එව්වා.


    ඒ ලැයිස්තුව හරින් ප්‍රනාන්දු රොෂාන් රණසිංහ යන ක්‍රීඩා ඇමතිලා යට ගැහුවා. ඊට කලින් නාමල් රාජපක්ෂත් නොදන්නවා වගේ හිටියා.


    තාමත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා ඇමතිවරයාගේ ලිපි ගොනු වලට යටවෙලා තියෙන නිසා සුනිල් ගමගේ ජවිපෙ ඇමතිවරයත් තාම ඒ ලැයිස්තුව  දැකල නැහැ. එයා එහෙම පිටින්ම පතෝල කරලක් නිසා දැක්කත් නොදැක්ක වගෙ ඉන්නවා වෙන්න පුළුවන් හරියට එයාගෙ ජනාධිපති වරයා ලිපි ගොනු   400 තාම කැබ් එකේ තියන් ඉන්නවා වගේ. ඒ කැබ් එක දැන් පාවිච්චි නොකරන නිසා මාස 6 ක් තිස්සේ ගරාජයක දිරාපත් වෙනවා ලිපි ගොනු ටිකත් එක්කම.


    අපේ ධර්මවර්ධන මහත්තයත් ලංකාවෙ ක්‍රිකට් දූෂණ දැක්කත් අහක බලන් ඉන්නෙ එයාගෙ නෝනට බය නිසයි.

    ඒ නෝනා දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයෙ සිකුරිටි බාරව ඉන්න නිසයි.නෝන කැමති වෙයිද ඉතින් ලැබෙන කුට්ටිය තමන්ගෙ මනුස්සයා ඕන නැති දෙයක් කරල නැති කර ගන්නවට.


    මේ හින්ද ධර්මවර්ධන මහත්තය ටොරින්ටන් පැත්ත ඇහැ ඇරලවත් බලන්නෙ නෑ.


    දසුන් චානකට විරුද්ධව ඩුබායි වල චෝදනාවත් ධර්මවර්ධන මහත්තයා මාස ගානක් තිස්සේ හමස් පෙට්ටියෙ දාල තියන් ඉන්නවා. 


    අයිපීඑල් පැත්ත පලාතෙවත් මෙයා යන්නෙ නෑ ජේෂාට බයේ. ඩොලර් බර ගානක් ලැබෙන රස්සාවක් මොකට නැති කර ගන්නවද කියල එයා කල්පනා කරනව ඇති.අනික ධර්මවර්ධන මහත්තයාව නිර්දේශ කළෙත් ෂම්මි වෙන්නත් පුළුවන්.


    කොහොම වුණත් ධර්මවර්ධන මහත්තයා ඉන්න කල් ඉන්දියාවෙවත් ලංකාවෙවත් කිසිම දූෂණයක් මැච් විකිණිල්ලක් වෙන්නෙ නැති බවට අයිසීසියටත් විශ්වාස ඇති.


    ඇස් කන් පියාගෙන නිකම් ඉන්නවටත් ඩොලර් හා රුපියල් වලින් පඩි ගන්න රස්සා හොයා ගන්නත් හැමෝටම බැහැ. ඒ අතින් ධර්මවර්ධන මහත්තයා සුපිරි වැඩ්ඩෙක්.ඔහොම කන්ෆ්ලිට් ඔෆ් ඉන්ටරෙස්ට් වගේම ඩබල් ගේම් වැඩ හැමෝටම කරන්න බැහැ.

    No comments