• Breaking News

    ක්‍රීඩාවට මෙලෝ රහක් නැති ක්‍රීඩා ඇමතිගෙ ව්නෝද සාගරේ


    ලංකාවේ මෙතෙක් හිටපු ක්‍රීඩා ඇමති වරුන් අතර ලොකුම ජෝකර් වන්නේ වත්මන් පුනරුද රජයේ ක්‍රීඩා ඇමති සුනිල් ගමගේයි. ඔහුගේ කතා අසන විටත් ඒ කතා කියන විට ඔහුගේ මුහුණ බලද්දිත් මතක් වන්නේ විනෝද සමයයි.


    ඔහුගේ වැඩ බැලුවොත් එහෙම පිටින්ම පතෝල කරලක්. ක්‍රීඩාවට අනුර  දිසානායක රජයේ තියෙන සැළකිල්ල මේ පත්වීමෙන්ම  ඔප්පුවෙනවා. හඳුනෙත්ති ඇමතිවරයගෙ නෑ කමත් හේතුවක් උනත් දහස් ගණන් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙ අවාසනාවක්   කියල තමයි අපිට නම් කියන්න තියෙන්නෙ.


    මාලිමා චන්ද පොරොන්දුවෙ   කිව්වෙ නම් ක්‍රීඩාවේ දූෂණය ඉවර කරල දූෂිතයන්ට දඬුවම් කරනව කියලයි.ඒ එක්කම ක්‍රීඩා පනතත් ක්‍රිකට් ව්‍යවස්ථාවත් සංශෝධනය කරනව කියලයි.

     බලයට පත් වෙලා මාස හතක් ගිහිල්ලත් මේ මොකක්වත් කරන්නෙ නැතිව බයිල කිය කිය ඉන්න ක්‍රීඩා ඇමතිවරයා මේ ගැන මුකුත් කියන්නෙ නැහැ.


    කාගෙවත් සල්ලි ඕන නෑ අපිට ඇති වෙන්න සල්ලි තියෙනවා කියල කයිවාරු ගැහුවට අන්තිමට ආසියානු  යොවුන් මලල ක්‍රීඩා උළෙලට ගිය කණ්ඩායමටත් ගුවන් ප්‍රවේශ පත්‍ර අරගෙන දීල තියෙන්නෙ ෂම්මිගෙ ක්‍රිකට්  බෝඩ් එකෙන්.

    යාපනයට ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් මිස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් අවශ්‍ය නැති උනත් මේ ක්‍රීඩා  ඇමතිවරයා සනත් ජයසූරියත් කැන්දාගෙන මණ්ඩතිව් දූපතේ ටෙස්ට් මැච් ගහන්න පිට්ටනියක් හදන්න යන්නෙ ඉන්දියාවෙන් බිලියන ගාණක් නිකම් දෙයි කියල හිතාගෙනයි. ඒකත් හරියට අර එළුවගෙ මොකක්ද එක වැටෙන කල් බලන් ඉන්නවා වගෙයි. ඒ අස්සෙ මාතරත් ජාත්‍යන්තර පිට්ටනියක් හදන්න යනව කිව්වට දැන් ඒ ගැන සද්දයක් නැත්තෙ මේ අවුරුද්දෙ ක්‍රිකට් තරග අඩු නිසා ක්‍රිකට් බෝඩ් එකේ සල්ලි නැති නිසයි.


    මැලේසියාවට රගර් මැච් එකක්  ගහපු ගමන් මේ ජෝකර්ගෙ හිතේ ආසියාවටම ගහන්න දැන් රග්බි ගොඩ අරන් කියලයි.


    කොල්ලො ටික ඔහොමවත් ගහන්නෙ උන්ගෙ හිතේ හයියට. පුහුණුකරු ඒ වැඩේ කරන්නෙ පඩියක්වත් නැතිව. 


    තමන්ගෙ ෆේස් බුක් එකේ නම් මෙයා මාර වීරයෙක් වගේ පෙන්න ගත්තට අමු ගවයෙක්  බව දැනටමත් ඔප්පු කරල ඉවරයි. අනේ ඇමති තුමෝ කයිවාරු නොගහ යමක් ප්‍රායෝගිකව කරල පෙන්නන්න ඔක්කොටම කලින්.

    No comments