Friday, April 4, 2025

ක්‍රීඩා ඇමති තුමනි, සියල්ලට පෙර ජස්වර්ලා වැනි කිනිතුල්ලන් ඉවත් කර ඉන්න,!


මාලිමා රජයේ ඇමතිවරුන් ගණනාවක් බොරු ආචාර්ය පට්ටම් වලින් නෝන්ඩි වී සිටිද්දී සමහරු පචයන් හා ජෝකර්වරුන් ලෙස මේ දිනවල ජනගත වෙමින් ඉන්නවා. මේ අතරින් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේටත් හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. 


එළඹෙන අවුරුදු සමයේ මොහුව අවුරුදු උත්සව වල ලොකුම බොරුව කීමේ තරගයටත් ලිස්සන ගහේ නගින්නත් ආරාධනා කරන්න බොහෝ සංවිධායකයන් පුල පුලා බලා ඉන්නවා.


හඳුනෙත්ති ඇමති වරයාගේ මස්සිනා නිසා පිනා ඇමති කමකට හිමි කම් කියූ මොහු ෂම්මිගේ සාක්කුවේ සිටින බවත් ඒ නිසාම හරින්ගේ තුප්පහි ගැසට් පත්‍රය අකුලා ගැනීම කල්දමා ෂම්මි ඇතුළු හොර  නඩයට නැවත වරක් ක්‍රිකට් වල බලය අල්ලා ගැනීමට ඉඩ සැලැස්වූ බව ලංකාවෙ ඕනෙම පොඩි එකෙක් දන්න කරුණක්.

පුනරුද කැබිනෙට්ටුවේ කාඩ් කුට්ටමේ ජෝකර් ලෙස හැඳින්විය හැකි ක්‍රීඩා ඇමතිවරයා.ක්‍රීඩාවට අරක් ගෙන ඉන්න දූෂිතයන් පන්නා දමන බව කීවත් අන්ත දූෂිත ක්‍රීඩා සොරුන් වන ක්‍රිකට් වල ෂම්මි,  ජයන්ත , රවින් හා සුජීව මෙන්ම පාපන්දුවේ ජස්වර් පාපැදියේ කරුණාරත්න වැන්නන් සුරකීම හොඳම විහිළුවක් වෙලා. 


අපේ රටේ ක්‍රීඩාව නැංවීමට උදව් කරන බවට පහුගිය සමයේ එක් එක් රටවල් කප්පරක් පොරොන්දු දී ඇතත් මේ දක්වා කෙරුණු දෙයක් නැති බව නොදන්නා වත්මන් ක්‍රීඩා ඇමතිවරයා ජස්වර් විසින් මෙහි කැඳවාගෙන ආ  ආසියානු පාපන්දු සම්මේලන සභාපති වරයා අපේ රටට ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු ක්‍රීඩාංගණයක් ලබා දෙන බවට පොරොන්දු වු බව පවසන්නේ ඉමහත් උජාරුවෙන්.


ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශකයන් ලෙස සිටින කිසිදු දැනුමක් නැති කිහිප දෙනකුගේ ලණු කෑමේ සමතෙකු වන ක්‍රීඩා ඇමතිවරයාට lankasportsnews කියන්නේ  ක්‍රීඩාවට අරක් ගෙන සිටින ජස්වර්ලා වැනි කිනිතුල්ලන් මුලින් උගුල්ලා දමන ලෙසයි.


No comments:

Post a Comment