ජේ ෂා ෂම්මිගේ බෙල්ල කපයි - ෂම්මි ෆුල් අවුලෙන්
අයිසීසියේ සභාපති ජේ ෂා ගේ සහයෝගයෙන් ආසියානු ක්‍රිකට් මණ්ඩලයේ සභාපති ලෙස මොෂින් නක්වි අලුතින් පත්ව තිබෙනවා. නක්වි කියන්නේ පාකිස්තානයේ ක්‍රිකට් සභාපති වගේම පාකිස්තානයේ කැබිනට් අමාත්‍යවරයෙක්.
ඔබට මතක ඇති මේ පත්වීම නක්වි ලබන්න පෙර සිටි ආසියානු ක්‍රිකට් මණ්ඩලයේ සභාපතිවරයා කවුද කියලා.
ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වායි.
ඔහුට ඒ පත්වීම ලැබුනෙ ගිය දෙසැම්බරයේයි.
ඒ ජේෂා අයිසීසී සභාපති වීමට යාම නිසා ආසියානු මුල් පුටුව හිස් වූ නිසයි.
ජේ ෂා ගේ අතිජාත මිත්‍රයකු ලෙස ෂම්මි සිල්වා හැඳුන්වුවත් ජේ ෂා ෂම්මිගේ ආසියානු සභාපති කම මාස තුනකට සීමා කරලා පාකිස්තානුවකුට ඒ අවස්ථාව ලබා දෙන්න කටයුතු කිරීම ගැන ෂම්මි ඉන්නේ ලොකු හිතේ අමාරුවකින්.
දෙසැම්බරයේ ෂම්මි ආසියානු ක්‍රිකට් සභාපති වෙද්දී ඩෙඟා නැටූ ලංකාවේ මාධ්‍ය මාස තුනකින් ෂම්මිව ඉන් ඉවත් කිරීම ගැන මීක් නැහැ.
වෙනකක් තියා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් සයිටයෙත් ෂම්මි ඉවත් කරලා නක්වි පත් කරපු එක ගැන නිල නිවේදනයක් වත් නැහැ.
මීඩියා මැනේජර් ඒක නොදැම්මෙ මළ පැනල ඉන්න ෂම්මි තමන්ව ජොබ් එකෙනුත් එලව දමයි කියල වෙන්ටැති.
කොහොම උනත් ෂම්මි ආසියානු වාර්තාවක් තැබුවා අඩුම කාලයක් ආසියානු සභාපති ලෙස සිටීමෙන්.
ක්‍රිකට් පිත්තක්වත් අල්ලා නැති ජයන්ත ධර්මදාසත් අවුරුද්දක් ආසියානු සභාපති වෙලා හිටියා.
මේ පිළිබඳව lankasportsnews වෙත අදහස් දැක්වූ ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු නිලධාරියෙක් කීවේ ෂම්මිගේ පත්වීමට අනෙක් ආසියානු රටවල් විරුද්ධ වී ඇති නිසා ඔහුව ඉවත් කර ඇති බවයි. පාකිස්තානය තමන් සමග හිත නොහොඳින් පසුවීම නිසා නක්වි ෂේප් කරගැනීමට මෙම පියවර ජේ ෂා විසින් ගෙන ඇති බවක් ඔහු වැඩිදුරටත් පැවසුවා.
No comments